PHP එච්චර අමාරු නෑ....දෙවන දිගහැරුම....

සොයන්න

2.7.11

PHP එච්චර අමාරු නෑ....දෙවන දිගහැරුම....




PHP වැඩ කිරීමට ඕන කරන පරිසරය සකස් කරන ආකාරය පසුගිය Post  එකෙන් අපි කතා කලා ඔයාලට  මතක ඇතැයි විශ්වාස කරනවා.

ඉතින් , වැල්වටාරම් නැතුව අපි අපේ කතාවට බහිමු.විශේෂයෙන් PHP භාෂාවේ ගැඹුරු තැන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන නිසා ආරම්භක කරුණු කෙටියෙන් පැහැදිලි කරන්න හිතුවා. සුපුරුදු විදියටම පලමුවෙන් ,අපි අපේ පලමු PHP script එක text එකක් අපේ browser එකේ display කරන්නේ කොහොමද කියලා බලමු.මේ සඳහා ඔයාලා භාවිතා කරන text editor එකේ පහත script එක type කරගන්න


<?php
print ("Hello ! This is my first PHP script");

?>

දැන් මේ PHP file එක ඔයාලා save කරගන්න ඕනේ.ඒ අපි මුලින් කතා කල C: drive එකේ wamp\www කියන folder එක ඇතුලේ. ඊ ලඟට මේ file එක run කරවන අයුරු බලමු.මේ සඳහා අපි අපගේ server එක ක්‍රියාත්මක තත්වයට පත් කල යුතුයි.ඔයාගේ මෙනු එකේ තියෙන  wampserver එක  ක්‍රියාත්මක කරන්න,දැන් ඔයාට system tray  එක දිහා බැලුවම ,wampmanager  icon එක පෙනේවි.






මෙහි රතු පාටින් දක්වා තියෙන්නේ wamp manager icon එක.ඔයාට දකින්න පුලුවන් ඒ icon එකේ පාට  සම්පූර්ණයෙන්ම සුදු පාට වෙලා තියෙනවා.ඒ ඇත්තටම server එක active ඒ කියන්නේ සක්‍රිය වෙලා ඇති අවස්ථාව.ඒ වගේම පහත image එක බලන්න .එහි wamp manager icon එකේ කොටසක් රතු පාට වෙලා ඇතිබව ඔයාට දකින්න පුලුවන්.





ඒ කියන්නේ ඒ අවස්ථා‍වේ server එක අක්‍රිය වෙලා තියෙන බව. ඒ icon එක උඩ click කලාම ඔයාට wamp menu එක ලැබෙයි.


එහි localhost  කියන මෙනු එක click කරලා server  එකට යන්න පුලුවන්. එතකොට default browser ඔයාගෙ එක වේවි. අපි මුලින් ලියපු PHP file එක save කලේ කෙලින්ම www folder  එක ඇතුලේ නම් ඔයාට පුලුවන් address bar එකේ අගට ඔයාගේ file එකේ නම type කරලා enter කරන්න.උදාහරණයක් විදියට ලියූ file එක hello.php නම් ,address bar  එක මේ විදියට දිස් වේවි.

http://localhost/hello.php



නැත්නම්  ඒ file එකට path එක දෙන්න ඕන.මම මේ file එක save  කලේ www folder එක ඇතුලේ PHP_blog කියලා folder එකක.

එතකොට මගේ එක වෙන්නේ  http://localhost/PHP_blog/hello.php
http://localhost/  කියන්නේ ඔයාගේ server  එකේ www folder එකට බව ඔයාලට පැහැදිලි ඇති.
දැන් අපි බලමු අපේ output  එක කොහොමද කියලා.






ඔයාගේ output  එක මේ විදියට ලැබෙයි.


මී ලඟ post එකෙන් අපේ script  එක ගැන චූටි අධ්‍යයනයක් කර

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්