Fedora with windows...

සොයන්න

2.7.11

Fedora with windows...
Fedora, Ubuntu, redhat linux, kubuntu, mint ඔය ඔක්කෝම open source මෙහෙයුම් පද්දති සියල්ලටම මේ විදිය ගොඩාක් දුරට සමානයි.මොකක් හරි පොඩි වෙනසක් තිබුනත් ඒක ආදුනිකයෙකට වුනත් විසඳ ගන්න පුලුවන් වේවි.
ඉතින් අපි ඔකකෝම කැමති මේ 2කම තියාගන්නනේ..ඒකට කරන්න තියන්නේ ඉස්සෙල්ලාම windows install කරගෙන 2වැනුව fedora install කරන 1ක.ඉතින් මෙහෙම ඉස්සෙල්ලාම windows install කරද්දී අපි fedora වලට වෙනමම partition 1k crate කරගන්න ඕනි. මොකද  fedora run වෙන්නේ වෙනමම file format 1කක. වෙන වැඩ මුකුත් දාන්නේ නැතිව software එහම දාන්නේ නැතිව නිකං test කරන්න වගේ fedora දානවානම් 6 හෝ 10GB හොඳටම ඇති.
හැබැයි ඔයාගෙ RAM 1ක 1 GB ත වැඩි නම්,ඒ ගානත් ඕකට එකතු කරන්න.එහෙම නැත්තං ඔය කියන පරිමාවට unallocated free space 1කක් ඉතුරු කරගන්න.දැනටමත් windows දාලානෙ නේ තියන්නේ,ඒ හින්දා මේකට partition magic වගේ 3rd party software 1කක් හරි, windows වල එන disk management යොදාගන්නත් පුලුවන්.
 windows දාන්න ඔය හැමෝම වගේ දන්නවානේ.fedora ත් ඒ විදියටම අපි fedora CD එකත් rom 1kට දාලා බූට් කරන්න ඕනි. දැන් ඔහොම boot කරාම සුපුරුදු විදියට භාෂාව එහම තෝරලා, හැබයි keyboard format තෝරන්න ආවම US keybord 1ක දෙන්න.

ඉතින් ඔහොම යනකොට ඔන්න එනවා partition select කරන තැනට. Default විදියට එන්නේ මුලු hard disk 1කම fedora දාන්න විදියට.තව option තියෙනාවා,අන්න එතනින් අපි තෝරගන්න ඕනි අපිට ඕනි partition 1කට fedora දාන්න.දැන් next කරාම එනාවා partition ඔක්කෝම වෙන වෙනම පෙන්නන තැනකට.එතනින් අපි අර හදාගත්ත partition 1ක දෙන්න. ඒක delete කරන්න.දැන් ඔන්න කලින් partition  හදපු කට්ටියයි unallocated space තියපු කට්ටියයි ඔක්කෝටම තියෙන්නේ unallocated space එකක්.
දැන් අපේ RAM 1කේ ප්‍රමානෙට අර free space 1කෙන් partition 1ක් හදාගන්න.ඒකේ file type එක swap විදියට දීල ඒ කොටස svapw area 1ක කරගන්න.
දැන් අර ඉතුරු free space එකම දාල අලුත් partition 1k හදමු. ඒකේ file type 1ක ext3 කියන විදියට තෝරන්න NTFS උනත් අලුත් version වල පුලුවන් ලූ. .ඔය partition 1කට අපි root 1ක් දෙන්න ඕනි. ROOT 1ක විදියට “ / ළකුණ තෝරන්න. සමහර versions වල ඔය file type,root එහෙම බලපු ගමන් අහු නොවුනට,ඒව තෝරන තැන් කොහේහරි හැංගිලා තියෙන්න පුලුවන්.කොහොම හරි ඔය ටික අනිවාර්යයෙන්ම කරන්න ඕනි.අර කලින් හදපු SWAP partition එකේ රූට් 1ක හිස්ව තියන්න.partition 2කම අදාල file type වලින් format වෙන්න දාන්න.
දැන් next කරල ඉස්සරහට යන්න.ඉතුරු ටික default විදියට කරගෙන යන්න.ඒටික ඔයාලට කරගන්න පුලුවන්.
ඔහොම install කලාට පස්සේ, ඔයා boot කරන වෙලාවට පොඩි interface 1k ඒවි.එතනින් තමන්ට කැමති OS 1ක තෝරගන්න.වැඩේ ඉවරයි.
Ubuntu වලම හිරවෙන්න එපා. ubuntu වගේම fedora, mint වල අලුත් version එහෙම හරිම ලස්සන ඒවා.ඒව ගැනත් පොඩ්ඩක් බලන්න. අනික fedora වල g++ compiler එහෙම default එනවා. Developersලට,  ඒවා fedora installation 1කේදීම තෝරගන්න පුලුවන්.
Windows වල තියෙන boot loader 1 වගේ 1කක් open OS එකෙනුත් C:  1 කේ හදාගන්නවා. ඒක තමා GRUB 1ක.පස්සේ දවසක ඔයාල open OS එක තියෙන partition 1ක මකා ගත්තොත්,grub 1k මකාගත්තොත් එහෙම ඔන්න මුලු system 1කටම කෙල වෙනවා.ආයෙම windows දාන්න වෙනාවා.
ඒවගේම ඔයාල මොන හේතුවකට හරි අයෙත් අලුතින් windows දැම්මොත්,grub 1k මැකෙන නිසා නැවතත් open OS 1ක දාන්න වෙනවා.නමුත් අලුතින් windows දැම්මම කිසිම අවුලක් නැතිව ඒක use කරන්න පුලුවන්.
GRUB එකට බය වෙනෙන දෙයකුත් නෑ.ඔය ලෙඩ එන්නේ අපේම වරදින්නේ.අනික ඔය GRUB 1කෙනුත් ගොඩාක් වැඩ දාන්න පුලුවන් ලූ……ඔන්න මම කිවුවේ පුලුවන්ලූ  කියලයි.මම නම් දන්නේ නෑ. ගූගල් ගෙන් අහලා බලන්න.
Installation 1ක කරන්න කලින් පුලුවන්නම් youtube එකෙන් පොඩ්ඩක් බලල ඉන්න.ඔය හැම OS 1ක්ම කිසිම ගානක් නැතිව නිකම්ම, ඒගොල්ලන්ගේ web site වලින් බාගන්නත් පුලුවන්..

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්