ෆෙස්බුකියේ මතක සටහන් පොතක් හදා ගන්න නොමිලේ!!!

සොයන්න

12.7.11

කොහොමද යාලුවනේ....ශ්‍රි ලංකා Online එක දැන් රේඩියොවෙත් ප්‍රචාරය වෙනවලු....හික් හික් බොරුවක් එහෙම නෙමෙයි මම කලින් දාපු ලිපිය ගැන කතා කරලා තියෙනවා දෙරණ FM රේඩියො කැෆේ එකේ ඉතින් ගොඩක් සතුටුයි...සහ ගොඩක් ස්තුතියි දෙරණ FMට....ඉතින් ශ්‍රි ලංකා Online එකත් සැමවිටම ඔයාලත් එක්ක ඉන්නවා...එ වගෙම දෙරණ FM එකෙන් අලුත් වැඩක් පටන් අරන් තියෙනවා ශ්‍රි ලංකා බ්ලොග්කරණයේ යෙදෙන අයට..ඉතින් එක ගැන මම පසුවට කතා කරන්නම්....


ඉතින් අද කන්තොරුවට ගිහින්, මගෙන් දෙරණ FM එකෙන් Details ගත්ත නිසා හවස හතරට අහන්න පටන් ගත්තා රේඩියො කැෆෙ වැඩසටහන....ඉතින් අලුත් විත්ති , තාක්ෂණය ගැන පැය දෙකක් අතරතුර හොඳට කතා කරනවා....ගෙම් එකකුත් කරනවා.. කොල් කැල්ලක් ගහලා බලන්න ඔනේ එකෙන් වත් තැග්ගක් ගන්න පස්සෙ වෙලාවක....හොඳම එක තමා චුට්ටා සහ පොඩ්ඩා වෙන කවුරුත් නෙමේ අපේ සුනෙත් අය්යා සහ ගාමින්ද අය්යා..... නියම කතා ටිකකුත් කියනවා ඉල ඇට අදෙන්න.... හික් හික්.... ඉතින් හැමදාම වැඩසටහන යන නිසා අහලා බලන්න දෙරණ FM එක හවස 4ට...



හරි එහෙනම් අලුත් වැඩ කැල්ලක් හම්බ උන නිසා පොඩ්ඩක් එක ගැන කියලා යන්න ආවේ.....ෆෙස්බුකියෙ එකක් තමා ගුගල් ප්ලස් ගැන තාම මුකුත් නැති නිසා.හික් හික්..ඉතින් මොකක්ද දන්නවද මේ වැඩ කැල්ල....ෆෙස්බුකියේ මතක සටහන් පොතක් හදාගන්න App එකක්.

ඉතින් App එක ගැන පොඩි විස්තරයක් දෙන්නම්.....මෙක හදලා තියෙන්නෙ ජර්මන් අන්තර්ජාල සමාගමක් විසින්...මෙකෙන් කරන්නේ 1 ජුනි 2009 ඉඳන් ඔයාලාගේ දෙවල් පොතකට දාලා හදලා දෙන එක......ලස්සනට පොත එනවා හැබැයි කියලා වැඩක් නැහැ.....එක ඉතින් ෆෙස්බුකියට Share කරන්න තමා තියෙන්නෙ...නැත්නම් එම සමාගම පොත Print කරලා ගෙදරටම එවනවා ගාණක් අය කරලා... රුපියල් වලින් නම් 2500කට ආසන්න ගණනක්.....

Share කලත් ඔක්කොම පිටු දෙන්නෙ නැහැ...ඉතින් මොනා කරන්නද දුප්පත් කමට නේ..හික් හික්... එ උනාට පොත නැවත නැවත බලන්න පුලුවන් කිසි කරදරයක් නැතිව.... ඉතින් දැන්ම ගිහින් පහල ලින්ක් එකෙන් ඔයාගේ ෆෙස් බුකියේ මතක සටහන් පොත හදා ගන්න...

www.socialmemories.de

උපුටා ගැනිම - ශ්‍රි ලංකා Online

http://www.srionlinelanka.info/

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්