සියලුම වින්ඩෝස් සෙවන් සෙටින්ග්ස් එකම වින්ඩෝවක- පරිගණක උදවු Exclusives!!!

සොයන්න

1.7.11



වින්ඩෝස් සෙවන් වල IP Address එක වෙනස් කරන්න ගිහින් තැන හොයාගන්න බැරිවුණාද?

හුඟක් අයට අලුත් Operating System(OS) එකකට හුරුවෙනව කියන්නෙ එපා වෙන වැඩක්. මොකද කළින් භාවිතා කළ OS එකේ settings තිබුණු තැන් බොහෝවිට සම්පූර්ණයෙන්ම වගේ වෙනස් වෙනවනෙ.


මයික්‍රොසොෆ්ට් සමාගම ආධුනිකයින්ට පහසුවෙන් ඉගෙනගතහැකි මෙහෙයුම් පද්ධති හදන්න ලොකු වෙහෙසක් දරනවා. කලින් මැෂින් එකක් පාවිච්චි කරලම නැත්නම් එහෙම කෙනෙකුට පහසුවෙන්ම හුරුවෙන්න පුලුවන් වෙන්න පුලුවනි. ඒත් කලින් පරණ මෙහෙයුම් පද්ධතියට හුරුවෙලා හිටි කෙනෙකුට ආයෙම අලුත් එකක් මුලඉඳන් ඉගෙනගන්න වෙන එක අවාසියක් වෙන්නත් පුලුවන්. මම උඩින් කීව setting එක අපි XP වල ලේසියෙන්ම හොයාගත්තත් Seven වල යම් වෙහෙසක් දරන්න වෙනවනෙ තනියම මුල්වරට හොයාගන්න ගියොත්.....නේද!


මං මේ පහළින් කියන්න යන “PariganakaUdaw“ ෆෝල්ඩර් එකට යන්න. මේක අලුත්ම අලුත් ට්‍රික් එකක් නොවෙන්න පුලුවනි, නමුත් කොහෙදිවත් සිංහලෙන් කතාබහට ලක් නොවුණු තැනක්/තේමාවක් බව නම් විශ්වාසයි....පරිගණක උදවු Exclusive! ද මන්දා :)..... කොහොම වුණත් මම හිතනවා මේක හුඟක් අයට ප්‍රයෝජනවත් වේවි කියලා. ඒ නිසයි දාන්න හිතුවෙ.


ඔබේ වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්ධතිය ඔබේ අණසක යටතට ගන්න පුංචිම පුංචි, ඒත් වැදගත් වෙන දෙයක් තමයි මේ.


PariganakaUdaw.{ED7BA470-8E54-465E-825C-99712043E01C}


ලොකුවට කිව්වට ඇත්තටම කරන්න තියෙන්නෙ පුංචිම පුංචි දෙයක්.


1.උඩින් තියෙන කෝඩ් එක කොපි කරගන්න.
2.ඔයාගෙ මැෂින් එකේ අලුත් ෆෝල්ඩර් එකක් හදල ඒකෙ නම (New Folder) වෙනුවට මේක paste කරන්න.


එච්චරයි.


මේකෙන් ඔයාට වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්ධතියෙ තියෙන සියලුම සැකසුම් (Settings) එකම තැනකදි දකින්න පුලුවන්. ඒක ලොකු උදව්වක් වේවි හොය හොයා ඉන්න කාලය ඉතිරි කරගන්න.


කෝඩ් එකේ තිතට වම් පැත්තෙන් ඔයා කැමති නමක් දෙන්න පුලුවන්. නමුත් තිතෙන් දකුණු පැත්තෙ තියෙන GUI ID එක ඒ විදියටම යොදන එක තමයි වැදගත් වෙන්නෙ. නම මොකක් වුණත් මේකෙන් කරන්න පුලුවන් වැඩ ටික තමයි ගොඩක්ම වටින්නනෙ.


ඔයාට හොයාගන්න අමාරු වුණු Settings ඔක්කොම එකම වින්ඩෝවකට ගන්න!

මොකද කියන්නෙ?

1 comments:

  • Anonymous says:
    21/8/11 6:16 PM

    Thak You!!!! Brother

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්