4G 4වෙනි පරම්පරාවේ ජංගම දුරකතන ජාලවල සැබෑව

සොයන්න

1.7.11

ජංගම දුරකතනය මුල් අවදියේදී යොදාගත්තේ එකිනෙකා අතර කතාබහ කිරීමටට වුවද වසර කීපයකදී මෙය බොහෝසෙයින් වෙනස්ව ඇත. දැන් ජංගම දුරකතන වලින් ඇමතුම් ගන්නවාට වඩා ඒවා යොදාගන්නේ SMS කිරීමට, විඩියෝ/වායාරුප ගැනීමට, චැටි කිරීමට වගේම අන්තර්ජාලයේ සැරිසැරීමටය. දැන් දුරකතනවල ජාල වල දියුනුව වන්නේ ද මෙම දත්ත සේවා පැත්තෙන්. 2වන පරම්පරාවේ සිට 4වන පරම්පරාවට එනකොට දත්ත සේවාවල විෂාල දියුනුවක් ලැබිලා තියනවා. GSM data, GPRS, EDGE, 3G (UMTS), HSDPA, HSUPA, HSPA+ වැනි විවිද දත්ත ක්*රම මගින් අපිට වේගවත් දත්ත ලබාදෙනවා. මේ අතරට අලුතෙන්ම ආපු නම තමයි 4G (LTE – Long Term Evolution) මෙයට හේතුව තමයි මේ වෙනකන් Voice හා දත්ත (data) වෙන වෙනම ජාලයේ පැවතීම. මෙම නිසා 4G වලදී සියල්ල data (දත්ත) මතට ගෙන යෑම තමයි මෙහිදී සිදුවන්නේ. Long Term Evolution යන්නේ අදහස “දිගු කාලීන පරිනාමය” යන්නයි. ඒ කියන්නේ පැරනි ක්*රමවලින් අලුත් ක්*රමයකට මාරු වීම හා දැනට ජංගම දුරකතන ජාලවල තිය සංකීර්න බව අඩුකරන්න.


දැනට ඇත්තම 4G ජාල නැත. සියලුම LTE ජල pre-4G නොහොත් 4වෙනි පරම්පරාවට මාරුවෙන්න ඇති ජාල වේ.ජංගම දුරකතන ජාල සම්මත අනුව මේවා 3.75G ~ 3.9G වේ. ITU (International Telecommunication Union) අනුව 4වන පරම්පරාවේ LTE Advance (ITU-R organization අනුව) ජාලයක දත්ත වේගයන් 1Gbps විය යුතුයි. (උපරිමය) මෙම ජාල IMT-Advanced (International Mobile Telecommunications Advanced) ලෙස හදුන්වයි. දැන තියන LTE ජාලවල උපරිම වේගය 100mbs පමණ වේ.
දැනට දුරකතන ජල සමාගම් වෙලද උපක්*රම ලෙස මේ 4G යන්න බාවිතා කරයි. මෙම ජාලවලින් ලංකාවේ සමගම් කියයි 100mbs වැනි වේගයන් ලබා ගත හැකි බව. pre4G ජාලවල control test environments (පාලයනන් යටතේ කරන පරීෂණ) වලදී මෙම දත්ත වේගය ලබාගත හැක. ඔබට මතක ඇති මීට වසරකට පමණ පෙර ජංගම දුරකතන සමාගම් 28mbps HSPA+ වේගයල් ලබාගත හැකි බව පවසමින් SMS පනිවුඩ එවුවා. නමුත් මෙම වේගයන් අපිට තවමත් ලැබී නැත. මෙම 4G ජල වල වේගයන්ද එවැනියි. සැබෑජීවීතේ මෙම වේගයන් ලබගත නොහැක. Motorola සමාගම මගින් නිකුත්කල සෑබෑලෝකයේ LTE පරීෂනයකට අනුව LTE ජාලයක එක පුද්ගලයෙකුට ලැබෙන හොදම උපරිම වේගම 8mbps වෙන අතර. මෙය සියලුම තත්වයන් හොද මට්ටමක පවතින විට. නමුත් සාමන්*ය වේයන් 3~5mbps වේ. මේ දුරකතන සමාගම් 100mbps කියනේ එක ඇන්ටෙනාවකට උපරිම දිය හැකි වේගය. මෙම වේගය සම්බන්ද වෙන ග්*රහකයන් ගණන්, දුර වැනි විවිද දේවල් අනුව වෙනස් වේ. එම නිසා දුරකතන සමාගම් ප්*රචාරය කරන වේගයන් සැබෑ වේගයන් නොව උපරිම පරීක්ෂන මට්ටමේ ලබාගත හැකි වේගයන් වේ. හුදෙක් marketing (විකීනීම) සහදා යොදාගන්න වේගයන් වේ.
ලංකාව තුල මෙම කතාව තවත් වෙනස් වේ. Motorola සමාගම් එම දත්ත නිකුත්කරේ අදාල දුරකතන ජාලය 100% නිවැරදි ආකාරයෙන් සකස් කර ඇතිනම්. නමුත් ලංකාව තුල මේ යටිතල පහසුකම් ගොඩක් අඩුයි. දුරකතන සමාගම් මේවට කරන වියදම අඩුයි. මොකද මෙම LTE වලට මරූ වීම් සිදුවන්නේ දුකරන සමාගම් හා දුරකතන ජාල උපකරන සපය සමාගම් වලට උපකරන බදුදීම මගින්. උපකරන අලුත් කිරීම දුරකතන සමාගම වැයකරන්න වෙන්නේ පොඩි මුදලක් නමුත් යටිතල පහසු කම් සහදහා විෂාල මුදලක් වැය කරන්න සිදුවෙනවා.
මුල්ම යටිතල පහසුකම තමයි, සෑම කුළුනකටම fiber-optics (ප්*රකාෂන තන්තු) වලින් සම්බන්ද තා තිබිය යුතුයි. දැනට බොහෝමයක් කුළුණු සම්බන්ද වනේ radio link හරහා. මේවා බොහෝ විට E1 දෙකක් හෝ තුනකි. (E1 = 2mbps) මෙය හේතුව radio link වල ඇති limitations. දැනම HSDPA වල වේ ගයන්ත් ගොඩක් පිට පලත්වල අඩුවීම මෙය එක් හේතුවක් වේ. LTE වලට මාරුවීමේදී කුළුනකට අඩුම තරමේ 200mbps වත් වේගයක් ඇති සම්බන්දතාවයක් තිබිය යුතුයි. නමුත් මෙය ලංකාව තුල කවද වේ ද කියන එක ලොකු සැකයක්. මොකද හැම කුළුනකටම fiber ඇදීමට දැනට කිසිම දුරකතන සමාගමකට හැකියාවක් නෑ. මොකද මේ සදහා විෂාල වියදමක් කල යුතු නිසා. දැනට switching හා up-link station අතර fiber තිබ්ණද කුළුනු වල්ට නෑත. wimax පිට පලාත්වල වියාප්ත වෙන එක අඩුද මේ fiber to tower නැතිවීමයි.
ඉලග ගැටලුව එක කුළුනකට් සම්බන්ද වන ග්*රහකයන් ප්*රමාණය. ග්*රහකයන් වැඩිවෙනකොට කුළුනු ප්*රමානය වැඩිකරමින් එක කුළුනකට ග්*රහකයන් ප්*රමානය අඩුකල යුතුයි. නැතිනම් radio channel මදිවීම, tower එක ලබාදිය හැකි දත්ත වේගයන් අඩුවීම වගේ වෙනවා. නමුත් මේ කුළුනු ගහන එකත් කරන්නේ නෑ. ඒක නිසා තමයි සමහර ප්*රදේෂවල දවල්ට data speed හොදට තිබිලා රෑට අඩුවෙන්න. නැතිනම් කොළබ නම් රෑට හොද වෙලා දවල්ට අඩුවෙන්නේ.
LTE වලත් තමන් සිටින තැන අනුව තමන්ට ලැබෙන සේවය වෙනස් වෙනවා. HSPA මෙන් කොලබදි හොද වේගය ලැබිලා නුවරදි නැතිවෙන්න පුලුවන්. ඉතින් මේ සියල්ල රදාපවතිනේ කොචර හොද යටිතල පහසුකම් තියනවාද කියන එක මතයි.
LTE වලදි අපේ පරණ phone හා internet modems බාවිතා කරන්න පුලුවන්ද ? බෑ, LTE සදහා අලුතෙන් මේ සියල්ල මිලදී ගතයුතුයි. LTE තාක්ෂනය අතින් ඉදියෙන් සිටී, radio channel හොදින් පාලනය වීම වගේම QoS (Quality of Service) HSPA ජාලමෙන් නොව හරියාකාරව බාවිතා කරන්න පුලුවන්. මමගින් දත්ත සේවාවන් වල ගුනාත්මක බව වගේම එක එක පුදගලයාට ලැබෙන වේගය පවා පාලනය කරන්න පුලුවන්. MIMO (multiple-input and multiple-output) වැනි ඇන්ටෙනා තාක්ෂන යොදාගෙන මෙය ගොඩක් හොද සේවාවක් ලැබෙන ලෙස සකස්න්න පුලුවන්. ඒ වගේම latency (දත්ත ගමන්කිරීමට ගතවන කාලය) බෝහෝ ලෙස අඩුවෙන නිසා මෙය game ගහන අයට හොද දෙයක් වේ. ඒ වගේම අපිට HSPA වල දැකපු, වෙබ් පිටුවක් ලින්ක් එකක් click කරලා එම පිටුව open වෙන්න යන්න වෙලාව (Idle to active State) සමහර අය දැකලා ඇති මොඩම් එක UTMS වෙලා HSPA වෙන එක. නමුත් LTE වල මෙම ගැටලුව නෑ. LTE සෑම විට එකම සම්බන්ද වී සිටින නිසා එවැනි ගැටලු දකින්න ලැබෙන්නේ නෑ.
කොහොම උනත් ලංකාවේ තත්වය අනුව 2mbps වේගය ලැබුනොත් ඔබ වාසනා වන්තයි, එම නිසා දුරකතන සමාගම් වල බොරු නොම්මර වල්ට රැවටෙන්න නැතුව හොදට හිතලා බලන්න. සමහර විට ඔබට HSPA වලින් LTE වඩා වේගයක් එන්න පුලුවන්.

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්