ඉලෙක්ට්‍රොනික උපකරන මිළදීගන්න පෙර සිතාබලන්න

සොයන්න

1.7.11

උපුටා ගැනීම http://www.techkathamag.com/before-buying-electronics/

 මේ පැනය Techකතා Google සමුහයට යොමුවෙනවා විවිද ආකරයෙන්.  Techකතා පොඩ්කාස්ට් එකේද අපි මේ ගැන කතාබහ කරලා තියනවා කීප සැරයක්.  ගොඩක් අය අහනවා මට ලැප්ටොප් එකක් ගන්න ඕනේ හොද තැන මොකද්ද, තවත් කෙනෙක් අහනවා යුනිටිප්ලාසා එකේ අර කඩෙන් ලැප්ටොප් අඩුවට තියනවා ගත්තට කමක් නැද්ද කියලා. සමහර අය සොයාබලන්නේ අඩුවෙන් ගන්න පුලුවන් තැන් ගැන පමණයි. නමුත් මීට වඩා සිතන්න ගොඩක් දේවල් තියනවා. ලැප්ටොප් ගත්තේ උදාහරනයක් හැටියට නමුත් මෙය සෑම ඉලෙක්ට්‍රොනික උපකරන වලටත් අදාලයි.



හරි, අපි ගමු උදාහරණයක්. මලින්තට ලැප්ටොප් එකක් ගන්න ඕනේ. ඉතින් ඉස්සෙල්ලම මලින්ත කරන්නේ ඕනේ මලින්ත ලැප්ටොප් එකේ කරන්න යන්නේ මොනවද කියා තීරණය කිරීම. මලින්තට ඉන්ටර්නෙට් යන්න, ඊමේල් බලන්න, ඩොකියුමට් හදන්න වගේම ෆොටොෂොප් ද බාවිතා කරන්න ඕනේ, ඊට අමතරව තනියම ඉන්න නිසා ටීවී එකකුත් නැති නිසා ඩීවීඩී එකක් එහම බලන්නත් ඕනේ කියලා මලින්ත තීරණය කරා. බොඩින් වෙලා ඉන්න නිසා එහෙමේ කරදරයක් නැතුව ගෙනියන්නත් ඕනේ. ඒ කියන්න බර ටිකක් අඩුවෙන්න ඕනේ කියන එක. ඉන්ටර්නෙට් යන්න ඊමේල් බලන්න, ඩොකියුමන්ට් හදන්න ෆිල්ම් බලන්න ගොඩක් CPU වත් RAM වත් ඕනේ නෑ. නමුත් ෆොටොෂොප් වැඩ කරන නිසා RAM එක ටිකක් ඕනේ.  ෆිල්ම් බලන නිසා තිරය නම් අගල් 15″ වත් වෙන්න ඕනේ. අනික ෆොටොෂොප් වල වැඩ කරන්නත් තිරය ටිකක් ලොකුවට ඕනේ. දැන් හැම ලැප්ටොප් එකක් වගේම මොනිටර් උනත් එන්නේ 16:9 wide screen නිසා මතක තියාගන්න ඕනේ තිරයේ උස අඩුයි කියන එක. මොකද තිරයේ ප්‍රමාණය මනින්නේ උඩ කොනක සිට පහල කොනට හරහට. දැන් බලමු අපි RAM ප්‍රමාණය ගනය කරන්නේ කොහොමද කියලා. මලින්ත ලැප්ටොප් එකට දාන්න හිතාගෙන ඉන්නේ Windows 7, හරි දැන් අපිට පුලුවන් Windows 7 දාවන වන්න උවමණා අඩුම රැම් ප්‍රමාණය බලන්න. ප්‍රමාණය 1GB උවද, එය 2GB වත් විය යුතුයි කියලා තමයි Microsoft සමාගම කියන්නේ. ඊට අමතරව අපි බාවිතා කරන්න හිතාගෙන ඉන්න අනිත් software වලට RAM වල ප්‍රමාණය බලන්න පුලුවන්. අපි බලමු වැඩිම රැම් ගන්න සොෆ්ට්වෙයර් එක වෙන ෆොටොෂොප් වලට අවම 1GB, එතකොට Windows 7 වලට 2GB, Photoshop වලට 1GB කියමු. එකතුව 3GB. දැන් අපි රැම් ප්‍රමාණය ගනගන කරලත් ඉවරයි. මේවගේ අපිට CPU එක, HDD ඉඩ ප්‍රමාණය වගේ අනිත් දේවල්ද ගනය කරන්න පුලුවන්.  දැම් මේ සියල්ල ගනය කල පසු අපිට පුලුවන් මෙවැනි ලැප්ටොප් එකක් ගන්න කීයක් යනවාද කියලා බලන්න. තමන් කැමති brand එකක් තියනවානම් ඒක ගැන සොයලා බලන්න පුලුවන්. පොඩක් අදාල කඩවලට ගිහින් තමන්ට ඕනේ ලැප්ටොප් එකේ configuration කියාලා. නැත්නම් නිකන් ලැප්ටොප් බලලා කෝක ගන්නවද කියලා තීරණය කරනවට වඩා තමන්ට ඕනේ එක දන්න නිසා තියන ඒවාගේන් තමන්ට ගැටපෙන් ඒවා තෝරගන්න පහසුයි.


ඊලග ගැටලුව තමයි, කොයි මාදිලියද ගන්නේ, කොහොන්ද ගන්න කියන එක. කොහෙන්ද ගන්නේ කියන එකට පිලිතුරනම් හරිම පහසුයි. අදාල මාදිලියේ ලංකාවේ ඉන්න බලයලත් ඒජන්තගෙන්. ඇයි එහම ගන්නේ ? ඊට අඩුවෙන් යුනිටිඑකේ හරි වෙනත් කඩයක හරි තියනවා වෙන්න පුලුවන්. නමුත් ලංකාවේ එම මාදිලියට අදාල ඒ ජන්තගේ වගකීම සහතිකයක් නැතිනම් ගන්න එපා. ඇයි ? සෑම ඉලෙක්ට්‍රොනික උපකරණයක් ගැනම කිසිම කෙනෙකුට කියන්න බෑ කොපමණ කාලයක් එය කිසිම ලෙඩක් නැතුව වැඩ කරයිද කියලා. ඉතින් මොකක් හරි උනොත් කරදරයක් නැතුව එය නඩත්තු කරගන්න පුලුවන් වෙන්න ඕනේ. නෑ, මට කිවුවා ඒ කඩේ අය වගකීමක් දෙනවා කියලා. ඉතින් මම මොකටද බය වෙන්නේ ? අදාල ඒජන්තගේ වගකීම හා ඔය කියන කඩේ වගකීම අතර වෙනස මොකද්ද ?  ඒජන්තගෙන් ගත්විට ලැබෙන වගකීම ලැබෙන්නේ අදාල උපකරණයේ නිෂ්පාදනය කරන සමාගමෙන්. නමුත් ඒජන්ත නොවන තැන්වලින් දෙන්නේ ඒ අයගේ වගකීමක්. යම්කිසි හේතුවෙකින් උපකරණයට යම්කිසි ගැටලුවක් මතුවෙලා එය මාරු කරන්න ගියොත් එම පාඩුව අර කියපු ආයතනට දරන්න වෙනවා. ඉතින් එම ආයතන මේ වෙලාවට කරන්නේ වරද අපේ පිට යවන්න හෝ එම උපකරණය ඔවුන් විසින් ම එය සකසා දෙන්න. මෙවිට ගොඩක් ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. නමුත් ඒජන්තගෙන් ගත්තොත් එම පාඩුව ලබන්නේ ඒජන්ත සමගම නොවෙයි, මක් නිසාද අදාල නිෂ්පාදන සමාගම විසි ඒජන්තට එම උපකරණවලට අදාල උපකරන ලබාදෙන නිසා.  එම නිසා ඒ අය මෙය නොදී ඉන්න උත්සාහ කරනේ නෑ. අනික බොහොමයක් ඔය ඒජන්ත නොවන තැන්වල මෙම උපකරන අලුත්වැඩියා කොට තමයි දෙන්නේ, එම අලුත්වැඩියා කරන්නෙත් කිසිම පලපුරුද්දක් ලබපු අයද නොවේ. එම නිසා හැම විටම අදාල ඊජන්තගෙන් ගන්න එක අපිට ගොඩක් වටිනවා යම්කිසි දෙයක් උනහම.  මම දන්න කෙනෙකුට මෙම තැනකින් මොනිටරයක් අරගෙන එය කැඩිලා වගකීම ඇතිනිසා මෙය මාරුකරගන්න ගිය විට මාස ගණනක් පරක්කු කොට වෙන පරණ මොනිටරයක් දී ඇත. නමුත් ඒජන්ත සමාගමක් කිසිම දිනක එහම කරන්නේ නෑ.


ඊලගට තියන ගැටලුව තමයි මොකද්ද ගන්න වරගය/brand එක කියලා තීරනය කරන එක. ඉතින් අර අපි කලින් හෙවුවානේ අපේ උවමණාව අදාල specification වලට ගැටපෙන් ලැප්ටොප් විවිද මාදිලි හා වර්ග තෝරගන්න විදිය. සමහර විට කෙනෙක් කියන්න පුලුවන් දැනට තියන හොදම ලැප්ටටොප් වර්ගය Dell කියලා. තවත් කෙනෙක් කියයි IBM කියලා. නමුත් අපි ඇත්තටම කරන්න ඕනේ අපේ මිලට ගැලපෙන කීපයක් තෝරා, ඒවා බාවිතා කරන අය මොනවගේ අදහස් ද දෙන්න කියලා පොඩක් වෙබ් එකේ හොයලා බලන එක.
මේ අඩවි වලට කියන්නේ review කරන අඩවි කියලා. මේවගේ බොහෝ විට බලන්න ඕනේ users comments, මොනවද කියලා. ඊ ලගට හොයලා බලන්න එම මාදිලියේ හැමෝටම එන මොකක් හරි ගැටලුවක් තියනවාද කියලා.  උදාහරනයක් ලෙස ගූල කරන්න පුලුවන් Compaq NX6230 reviews කියලා, ඊට පස්සෙ පුලුවන් Compaq NX6320 issues කියලා. මෙමගින් අපිට දැනගන්න පුලුවන් අපි ගන්න හදන එකේ හැමෝට එන පොදු ගැටලු මොනවා හරි තියනවාද කියා. මේ මාදිලි හොයනකොට මතකතියාගන්න ඕනේ දෙයක් තමයි, සමාගම කොපමණ හොද වුවද, වර්ගය කොපමණ හොද වුවද, එම සමාගමේම සමහ මාදිලිවල ගැටලු පවතින බව. එම නිසා කෙනෙක් එක වර්ගයක් හොදයි කිවුව පලියට එම වර්ගයේ සියලුම මාද්ලි හොදයි කියන්න බෑ.  මෙය ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ දෙයක්. මොකද එවැනි ලෙඩ පවතින මාදිලි ගොඩක් අඩුවට විකිනීම සිදුකරනවා. මොකද ලංකාවේ සමාගම් ඔය ඔවේ අඩුවට තියන දේවල් දැක්ක ගමක් ගෙනල්ල විකුනන නිසා. මෙය හොදම උදාහරණයක් තමයි මම බාවිතා කරන Cisco Linksys WAG120N ADSL Routerඑක. Cisco සමාගම කොපමණ හොද සමාගමක් උවද, මෙම රවුටරයේ manufacture fault එකක්, ඒ කියන්නේ නිෂ්පාදනයේදී ආ ගැටලුවක් තියනවා සමහර ADSL සම්බන්දතාවල හරියට ක්‍රියාත්මක නොවීම.


තවද සමහර ආයතනම් මේ ඒජන්තවරුන්ගේ උප ආයතන ලෙස ඒජන්තගේ වගකීම සහිතව වෙලදාම සිදුකරයි. බොහෝවිට ඒජන්තගේ මිළට අඩුව මෙවැනි තැන්වලින් මිළදීගැනීමට පුලුවන්. නමුත් පරිස්සම් වෙන්න ඕන දේ තමයි, මෙම සමහර ආයතන ඒජන්තගේ වගකීම රහිත ඒවාද විකුනනු මම දැක තියනවා. එම නිසා හොදින් සොයාබලන්න වගකීම සපයන්නේ කවුද කියන එක.


ලංකාවේ අදල ඒජන්තවරුන් සොයාගන්න ලේසිම විදිය, උපකරණය නිපදවන ආයතයේ වෙබ් අඩවිය ඔස්සේ ගොස්, මිලදී ගැනීම යටතේ ලංකාව තේරීම මගින්.


ඉහත කතාරපු දේ වල සැලකිලිමත්විය යුතු කරුණුනම්.
තමන් ගන්න යනදෙයි තමන් කරන්න යන දේට අදාල දේවල් ගොනු කිරීම මගින් මාදිලි තෝරාගැනීම.
තෝරාගත් මාදිලිව ගැටලු ඇත්ත්දැයි සොයාබැලීම
එම වර්ගය විකුනන අදාල ඒජන්තගෙන් එය මිලදීගැනීම
ඉහත් දේ අනුගමනය කිරීමෙන් මිලමුදල් වගේක කලය නාස්තිය අඩුකරගත හැක.

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්