වින්ඩෝස් සෙවන් Libraries - පරිගණක උදවු Exclusives!!!

සොයන්න

1.7.11


කලින් කීව දේවල් වගේම මේ කියන්න යන්නෙත් අමුතු දෙයක් නෙමෙයි. එදිනෙදා අපේ ඇස ගැටෙන ඒත් වැඩි අවධානයක් යොමු නොවුණු කොතැනකදිවත් සිංහලෙන් කතා නොකෙරුණු තවත් පුංචිම පුංචි තැනක් ගැනයි. Windows 7 Libraries!.

වින්ඩෝස් 7 වල තියෙන සුවිශේෂීම ලක්ෂණයක් තමයි අපේ ෆයිල්ස් සහ ලිපි යනාදිය වඩාත් හොඳින් පිළිවෙලකට තබාගන්න පුලුවන් වීම. වින්ඩෝස් සෙවන් වලදි ඔයාට මුලු පරිගණකයේම තියෙන වැදගත් දේ ඩොකියුමන්ට්ස් ෆෝල්ඩරය හරහා organize කරගැනීමේ හැකියාව ලබාදෙනවා.
කලින් ආ වින්ඩෝස් වර්ෂන්ස් වල (XP, VISTA) අපිව පොළඹවන්නේ අපේ යූසර් එකවුන්ට් එක යටතේ තියෙන My Documents ෆෝල්ඩර් එකේ අපේ වැදගත් ෆයිල්ස් සහ ඩොකියුමන්ට්ම් දාගන්න කියලනේ. එතනදි වෙනත් තැන් වල තියෙන ෆයිල්ස් මෙතනට දාගන්න ගියාම ප්‍රශ්න ගොඩයි! ඔක්කොම My Documents ඇතුළට දාගන්න ගිහාම C:\ එකේ ඉඩ මදි වෙනවා, නැත්නම් එකම ෆයිල් එක දෙතැනක තියෙනවා. නමුත් වින්ඩෝස් සෙවන් වලදි ඒ අපහසුතාවය මගහැරෙනවා.


දැන් Windows 7 වල  "Libraries" නමින් folder එකක් තියෙනවා දැකල ඇති. නමුත් බොහෝදෙනෙක් පාවිච්චි කරලනම් නැතිව ඇති මේ විදියට. මේ ෆෝල්ඩර් එක ඇතුළෙ තමයි ඔයාගෙ පුද්ගලික Documents, Public Documents, Downloads, Music, Pictures, සහ Videos කියන ෆෝල්ඩර්ස් තියෙන්නෙ.

මේකත් අර පරණ My Documents වගේමනෙ? කොහොමද ඕක වෙනස් වෙන්නෙ!

ඒ මෙහෙමයි.

ඔයාට පුලුවන් මේ Libraries ෆෝල්ඩර් එකට වෙනත් ඕනෑම ලොකේෂන් එකක තියෙන ෆෝල්ඩර් එකක් ඇඩ් කරගන්න. ඔව්...මැෂින් එකේ විතරක් නෙමෙයි...ඔයා වැඩ කරන්නෙ නෙට්වර්ක් එකක නම්, ඒ නෙට්වර්ක් එකේ තියෙන ලොකේෂන්ස් වලින් වුණත් මෙතැනට ෆෝල්ඩර්ස් එකතු කරගන්න පුලුවනි. ඒකියන්නෙ Servers වලින් වුණත් එකතු කරගන්න පුලුවන්. ඔයාට පුලුවන් නෙට්වර්ක් එකේ තියෙන අනිත් මැෂින් වල තියෙන ෆෝල්ඩර්ස් පවා මේ ලයිබ්‍රරීස් වලට එකතු කරගන්න.

කරන්නෙ මෙහෙමයි.

  1. එක්ස්පලෝරර් වින්ඩෝවෙ (Win+E or Start>Computer) තියෙන Libraries උඩ Right Click කරන්න.
  2. ඒ මෙනුවෙන් New>Library යන්න.
  3. දැන් Include Folder button එකෙන් ඕන කරන ෆෝල්ඩර්ස් ඇඩ් කරගන්න.
එච්චරයි!ලොකු දෙයක් නෑ. නමුත් වැදගත් වේවි නිතර වැඩකරන තැන තැන තියෙන ෆෝල්ඩර්ස් එකම තැනකට ගන්න, නෙට්වර්ක් එකක වැඩ කරද්දි විශේෂයෙන්ම.
පසුගිය පරිගණක උදවු Exclusives! ලිපි:

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්