ෆේස්බුක් ගේ නොපෙනෙන මුහුණ

සොයන්න

27.6.11

මෙන්න යාළුවනේ මම ඔයාලට වැදගත් දෙයක් කියන්න යන්නේ, එහෙනම් කියනලව බන්නකො, ගුන දොස් කියල යන්න අමතක කරන්න එපා, ඔබේ අදහස් මට වටිනවා, එහෙනම් කතාවට බහිමු,

    අපි අද අධ්‍යනය කරමු Scams කියන්නෙ මොකක්ද? කියල. ස්කෑම් එකක් යනුවෙන් හදුන්වන්නේ අත්තර්ජාලය ඔස්සේ ඔබව රවටා මුදල් ලබාගැනීමේ කූඨ ව්‍යාපාරයක්. නවතම සමික්ෂණවලට අනුව පෙනී යන්නේ Facebook වෙබ් අඩවිය හරහාද මෙවන් ස්කෑම්ස් තර්ජන ඔබට ඇතිවිය හැකි බවයි. අත්තර්ජාලයේ ස්වරූපය බොහෝසෙයින් වෙනත් අතකට යොමුකිරීමට මෙවන් සමාජ ජාල වෙබ් අඩවි හේතුවී ඇතිබව අමුතුවෙන් සදහන් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ.
දිනපතාම Facebook වෙබ් අඩවියටම ලෝකයේ මිනිසුන් දහස් ගණනින් එක්රොක් වනවා. ඒ ලෝකයේ නන් දෙස විසිරී සිටින තමන්ගේ මිතුරු මිතුරියන් හදුනාගන්නයි. ඔවුන්ගේ මිතුරු මිතුරියන් සමග කතාබහ කරන්නයි. තවත් පිරිසක් Facebook සමග එක්වන්නේ තමන්ගේ විවිද වැඩකටයුතු කරගන්නටයි තවත් සමහරුන් අලුත්ම මිතුරු මිතුරියන් හදුනාගැනීමේ අදහසින් Facebook වෙබ් අඩවියට දිනපතා පිවිසෙනවා.

Facebook වෙබ් අඩවියෙන් වාසි ලබාගන්නා තවත් පිරිසක් ද සිටිනවා එනම් කුඩා පරිගණක වැඩසටහන් නිර්මාණය කරන්නන්ය. මෙම කුඩා වැඩසටහන් හදුන්වන්නේ apps යනුවෙන්. ලෝකයේ විවිධ රටවල අය නිර්මාණය කරන කුඩා වැඩසටහන් ලෝකයේ අන්අය සමග හුවමාරු කරගැනීමටත් ඒවායේ හොද-නරක දැන ගැනීමටත් Facebook වෙබ් අඩවිය භාවිත කළ හැකියි. මේ අනුව Facebook යනු එක්තරා ආකාරයක මෙහෙයුම් පද්ධතියක් වශයෙන්ද හැදින්විය හැකියි.

බොහෝදෙනා මෙවන් කුඩා වැඩසටහනකින් බලාපොරොත්තුවන්නේ අන් අය සතුටු කිරීමයි. නැතහොත් ඔවුන් ප්‍රෙයෝජනවත් දෙයක් නොමිලේම දායාද කිරීමටයි. නමුත් මෙවන් වැඩසටහන් නිර්මාණය කරන්නන් බොහෝදෙනෙක් මෙම අරමුණින්ම වැඩසටහන් නිර්මාණය කරන්නන් නොවේ. ඇතැම් අය ඔබ පිවිසෙන වෙබ් අඩවිය දෙස ඇසගසා ගෙන සිටිමින් ඔබගේ රුචි-අරුචිකම් තේරුම්ගෙන අන්තර්ජාලය ඔස්සේ විවිධ දේවල් ඔබට අළෙවි කිරීමට උත්සාහ කරනවා. තවත් සමහරුන් ඔබටත් නොදැනීම ඔබව සහ ඔබගේ පරිගණකය යොදාගැනීම සිදුවනවා. මේවායේ අවසන් ප්‍රතිඵලය දක්නට ලැබෙන්නේ ඔබව නීතියේ රැහැනට හසුවුවාට පසුවයි.

මෙවන් අන්තර්ජාල උගුල්වලින් බේරී සිටින්නේ කෙසේද? ඔබත් දැනටමත් මෙවන් සෑකෑම්ස් නිසා කරදරයක පැටලී සිටින්නෙක් නම් එයින් මිදෙන්නේ කෙසේදැයි මෙම ලිපියෙන් දැනගත හැකියි. Facebook වෙබ් අඩවියේ ඇති මෙවන් ඇප්ලිකේෂන්ස් ආකාරය කිහිපයකින් ඔබට හදුනාගත හැකිය. ඒවායින් සමහරකින් සිදුවන්නේ ඔබට ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කර පිළිතුරු ලබාගැනීමයි. තවත් සමහරක් පරිගණක ක්‍රීඩා ආකාරයෙන් දැකගත හැකියි. මෙවන් බොහොමයක් ඇප්ලිකේෂන් පරිගණකයේ ධාවනය කිරීමට නම් තවත් කුඩා වැඩසටහනක් ද පරිගණකයේ පිහිටුවා ගැනීමට අවශය වනවා. මේවා සාමාන්‍ය මෘදුනාංගයක් ආකාරයෙන්ම පරිගණකයේ ස්ථාපනය වීමද සිදුවනවා.

නමුත් මේ ආකාරයේ පැමිණෙන සියලුම ඇප්ලිකේෂන්ස් අහිංසක වැඩසටහන් ලෙසින් සැලකිය නොහැකියි. Facebook වෙබ් අඩවියෙකි පෞද්ගලික පිළිවෙත (privacy policy) ගොඩනැගී ඇත්තේ මුලික කරුණු දෙකක් මතයි. එනම් මෙම වෙබ් අඩවිය භාවිත කරන්නන් තමන්ගේ තොරතුරු තමන්ට රිසි ආකාරයෙන් කළමනාකරණය කරගත යුතුය යන්න මොවුන්ගේ එක් ප්‍රතිපත්තියක්. අනෙක වන්නේ මෙවන් ඕනෑම කෙනෙකුට තවෙකෙකුගේ තොරතුරුවලට පුවේශවිය හැකිය යන්නයි. ඔබ Facebook වෙබ් අඩවියේ ගිණුමක් විවෘත කරගන්නා වීම ඔබගේ උපන්දිනයේ සිට තම, ලිපිනය ඊ මේල් හා වෙබ් ලිපින ආදී පෞද්ගලික තොරතුරු රැසක් ලබාදෙනවා.

Facebook ස්කෑම්ස් හදුනාගැනීමේ ඉගි
        Facebook වෙබ් අඩවියේ දක්නට ලැබෙන බොහෝ ස්කෑම්ස්වලින් සිදුවන්නේ වීඩියෝ දර්ශන සහිත වෙබ් අඩවියකට ඔබව යොමුකර එහි ඇති වීඩියෝ ක්ලිප්ස් download කරගැනීමට ඔබව යොමුකිරීමයි මෙසේ download කරගන්නා වීඩියෝ ක්ලිප්ස් සමග මැල්වෙයා නම් හානිකර පරිගණක වැඩසටහන්ද පරිගණකයට ඇතුලුවීමක් සිදුවෙනවා. මෙයින් සිදුවන්නේ ඔබගේ කිසිදු අනුදැනීමකින් තොරව ඔබගේ ඊමේල් ගිණුමෙහි ඇති ඊමේල් ලිපිනවලට මෙම වෙබ් අඩවියෙන් වීඩියෝ ක්ලිප්ස් download කරගන්න යැයි සදහන් ඊමේල් පණිවිඩ යැවීමයි.

    මේ ආකාරයට ඔවුන්ගේ පරිගණකවලට ද මැල්වෙයා වැඩසටහන් ඇතුළුවීම සිදුවනවා. නොසිතන අවස්ථාවක ඔබගේ පාස්වර්ඩ් හා ක්‍රෙඩිට් කාඩ් අංක ඉල්ලා සිටීම මෙවන් එක් සලකුනක්. බොහොමයක් ස්කෑම්ස් නිර්මාණය කරන්නේ මෙම තොරතුරු නොයෙකුත් ක්‍රමවලින් ලබාගැනීමට උස්සාහ කරනවා. ඉහතින් සදහන් කළ ඇප්ලිකේෂන්ස් හරහා මෙවන් ස්කෑම්ස් පහසුවෙන් ඔබගේ පරිගණකයට ද ළගාවිය හැකිට. යම් ඇප්ලිකේෂන් එකකින් ඔබව වෙනත් වෙබ් අඩවියකට ප්‍රවේශ කිරීමට උත්සාහ කරන අවස්ථා හෝ එසේ වෙනත් වෙබ් අඩවියකට යොමු කරන අවස්ථාද තිබෙනවා. මෙවන් අවස්ථාවකදී ඔබගේ අවධානය යොමුවිය යුත්තේ එම වෙබ් අඩවියේ ඩොමේන් නේම් එකටයි. මෙවන් වෙබ් අඩවියකට ප්‍රවේශ වු වහාම තවත් මෘදුකාංග කිහිපයක් නොමිගේ download කර ගැනීමට අවස්ථාව ඔබට සලසාදෙනවා. නමුත් මේ ආකාරයෙන් පරිගණකයේ පිහිටුවාගන්නා සෑම වැඩසටහනක්ම පැමිණෙන්නේ ස්කෑම්ස් වැඩසටහන් සහිතවයි. මෙවන් ස්කෑම්ස්වලින් ඔබ සතුව ඇති තොරතුරු සෙසු අයත් සමග හුවමාරු කරගැනීමේ අවශ්‍යතාවයක් ඔබට කියාපෑම ද සිදුවනවා. මේ සදහා ස්කෑම්ස් නිර්මාණය කරන්නන් උපයයන් කිහිපයක් යොදාගන්නවා.
01) යම් වෙබ් අඩවියකට ඔබව ප්‍රවේශ කර එයින් යම් යම් මෘදුකාංග නොමිලේ download කරගැනීමට අවස්ථාව සලසාදීම

02) වෙබ් අඩවිවල ලියාපදිංචි විමේදි ඔබගේ ක්‍රෙඩිට් කාඩ් අංක ඇතුලු පෞද්ගලික තොරතුරු ලබාගැනීම. ආදියයි

මී ළගට අපගේ අවධානය යොමුවන්නේ ඔබත් මේවන විට ස්කෑම්ස් කරදරයට ලක්වී සිටින්නෙක් නම් එයින් මිදිය හැකි ආකාරය පැහැදිලි කිරීමටයි. මෙවන් අවස්ථාවකදී කළ ඇකි කාර්යයන් කිහිපයක් තිබුණත් එය තීරණය වන්නේ ඔබ ලක්වී ඇති කර්ජණයේ ස්වරූපය අනුවයි. පළමුවෙන්ම කළ යුත්තේ ඔබගේ ගිණුමෙහි දෝෂයක් ඇති බව සදහන් කරමින් ඔවුන්ට ඊමේල් පිණිවිඩ යැවීමයි. එවිට ඔවුන් ඔබගෙන් මුදල් ලබාගැනීමේ උපායයන් අත්හැරදැමීම සිදුවනවා. මී ළගට කළ යුත්තේ කිසිවෙකුට පහසුවෙන් අනුමාන කළ නොහැකි සංකීර්ණ පාස්වර්ඩ්ස් භාවීත කිරීමයි. මෙයට අමතරව ෆේස්බුක් වෙබ් අඩවියටද මෙවන් ස්කෑම්ස් කර්ජණ පිළිබදව Help Center තුළින් දැනුම්දිය හැකිය.

එවිට ඔබ මුහුණදී ඇති ස්කෑම් තර්ජණයේ ස්වභාවය සදහන් කරමින් ඔවුන්ට ඒ බව දැන්විය යුතුයි. බොහෝ ස්කෑම්ස් සදහා Negerian scam, 419 scam වැනි වචන දෙකකින් යුක්ත නම් භාවිතා කරනවා. මෙවන් ස්කෑම්ස්වලින් කියැවෙන්නේ යම් රටක සිටින ඔබගේ හිතවතෙක් සතුව මුදල් විශාල ප්‍රමාණයක් ඇතිබවත් ඔබගේ සහයෝගය ඇතිව එම මුදලින් යම් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තමන් අපේක්ෂා කරන බවයි. නමුත් මේ සදහා පළමුව ඔබෙන්ද යම් මුදලක් ඔහුට ගෙවිය යුතුබව පවසා සිටිනවා. ඇත්ත වශයෙන්ම සිදුවන්නේ ඔබගේ ගිණුමේ ඇති මුදල් වංචනික ආකාරයකින් ලබාගැනීමයි. මෙවන් තත්වයන් පිළිබදව Facebook වෙබ් අඩවියට දැනුම්දිය හැකිය. මෙයින් සිදුවන්නේ මෙම වෙබ් අඩවිය ඔස්සේ ස්කෑම්ස් පැතිරයාම එක්තරා මට්ටමකට අඩුකරගත හැකිවීමයි. එසේම මෙය ඔබගෙන් ඉටුවිය යුතු යුතුකමක් ලෙසින්ද සදහන් කළ හැකිය. අවසන් වශයෙන් කිව යුත්තේ Facebook යනු කෙතරම් උසස් තත්වයේ සමාජ ජාල වෙබ් අඩවියක වුවත් මෙහි ඇති නොයෙක් ලිංක්ස් ක්ලික් කරමින් එහි ඇති කුඩා ඇප්ලිකේෂන්ස් පරිගණකයේ පිහිටුවාගැනීමට පෙර දෙවරක් සිතාබැලීම අනිවාර්යයෙන්ම ඔබගෙන් සිදුවිය යුත්තත් බවයි.

ටිකක් දිගයි, ඒත් මොනව කරන්නද, ඔයාලට හරියට අවබෝධ වෙන්න කියන්න එපැයි,

ඔබ මෙයා කියෙව්වනම් ඔබේ අදහස් කියල යන්න

ස්තූතියි!

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්