පැන්ඩා 2012 ආරක්ශක මෘදුකාංගය නිකුත්වේ.....

සොයන්න

29.6.11

2012 වසර සදහා පැන්ඩා ආරක්ශක මෘදුකාංගය නිකුත්කල බව කියවෙනවා. අන්තර්ජාලය සමග කටයුතු කිරීමේදී වඩා කාර්යක්ශම බවක් ලබාදීම නව සංස්කරනයේ ප්‍රධාන තැනක් දී ඇති බවයි කියවෙන්නේ. ක්ලවුඩ් තාක්ශනය මත පදනම්වන  නව ක්‍රමවේද කිහිපයකින් නව මෘදුකාංගයේ විස්වාසනීය බව වඩාත් වැඩිකර ඇති බවයි ඔවුන් පවසන්නේ.

      දිනකට තම විශ්ලේෂනාගාරයවෙත මෘදුකාංග ගොනු 98000 යොමුවන බවත් බොහෝ විට මින් 73000 ආසන්න ප්‍රමානයක් හානිකර මෘදුකාංග  ගොනුවට කාංඩවන අතර මින් 99.4 සදහා ප්‍රති ආරක්ශක  නිර්මානය වීමට සිදුවන බවත් කියවෙනවා. මෘදුකාංගයවෙත පිවිසීම් කවුලුවේ සිට, නව ක්ලවුඩ් තාක්ශනය අශ්‍රිත හානිකර මෘදුකාංග  පිරික්සන තාක්ශනයත්,  නව වෙබ් ලිපින පෙරනයක් ඇතුලු නවාංග කිහිපයකින්ම භාවිතා කරන්නන්හට වැඩි අරක්ශාවක් නව මෘදුකාංගය සමග ලබාගත හැකිවනු ඇතැයි නිෂ්පාදකයින් පවසා සිටිනවා.

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්