Super computers

සොයන්න

30.6.11

source-
http://www.elakiri.com/forum/showthread.php?t=1130311

මිහිමත ප්‍රබලතම යන්ත්‍ර - සුපිරි පරිගණක (supercomputers) ගැන දැනගමු

හැදින්වීම

සුපිරි පරිගණක යනු මිහිමත ඇති ප්‍රබලතම යන්ත්‍රෝපකරණ කාණ්ඩයයි.
අති විශාල දත්ත සැකසීමේ හා ගණනය කිරීමේ හැකියාවක් ඇති සුපිරි පරිගණකවල දත්ත සකසන (processor)
දහස් ගණනක්, ප්‍රධාන මතකය (RAM) සහ දත්ත ගබඩා (HDD) ධාරිතාවය ටෙරා බයිට් ගණනක්
සහ මෙම උපකරණ එකිනෙක සම්බන්ඳ කරන අධි වේගවත් දත්ත හුවමාරුවක්ද ඇත.


1960 ගණන් වල සුපිරි පරිගණක හදුන්වාදීමෙන් පසු ඒවායේ විකාශනය වේගයෙන් සිදුවූ අතර
වර්තමානයේ විවිධ කටයුතු රාශියක් සදහා සුපිරි පරිගණක දහස් ගණනක් යොදාගනී.

දැනට ලෝකයේ පවතින ප්‍රබලතම සුපිරි පරිගණකය චීනයට අයත් Tianhe-1A නම් සුපිරි පරිගණකයයි.
2.6 petaflops වන සුපිරි ගණනය කිරීමේ බලයකින් සමන්විත මෙහි
Intel Xeon ප්‍රොසෙසර (CPU) 14336 සහ
Nvidia Tesla M2050 ග්‍රැෆික ප්‍රොසෙසර (GPU) 7,168 ද ඇත.

Tianhe-1A සුපිරි පරිගණකය කැබිනට්ටු 103 පුරා පැතිරුනු ටොන් 155ක බරින් යුතු
මෙගාවොට් 4.4 ක විදුලියක් පරිභෝජනය කරන මිහිමත ප්‍රබලතම යන්ත්‍රයයි.

සරල සැකැස්ම

සුපිරි පරිගණක තෑනීමට යොදාගන්නා දත්ත සකසන (CPU) සංස්කරණය (customize) කරනළද
ඒවා වන අතර සාමාන්‍ය පරිගණක වල මෙන් නොව දත්ත සකසන විශාල ගණනක් එක්ව සමාන්තරව (parallel computing)
දත්ත ගණන කටයුතු ආදිය කරගැනීම සදහා විශේෂයෙන් සකසා ඇත.
දත්ත සකසන (CPU) වලට අමතරව ග්‍රැෆික දත්ත සකසනද (GPU) අද ලොව ප්‍රබල සුපිරි පරිගණක සදහා යොදාගනී.
මෙයට හේතු වනුයේ ඒවායේ ඇති සුපිරි ගණනය කිරීමේ හැකියාවයි.
අද ලොව ප්‍රබලතම සුපිරි පරිගණක හතරෙන් (4) තුනක්ම(3) තම කටයුතු සදහා ග්‍රැෆික දත්ත සකසන (GPU) සහ සාමාන්‍ය දත්ත සකසන (CPU) එක්ව දෙමුහුන්ව
(Hybrid) යොදාගනී, කෙසේවෙතත් සම්පූර්ණයෙන්ම ග්‍රැෆික දත්ත සකසන සුපිරි පරිගණක සදහා යොදාගැනීමක් සිදුනොවේ.

ප්‍රමාණය

සුපිරි පරිගණකවල සුපිරි ගණන හැකියාව මෙන්ම ඒවා අත්කරගන්නා ඉඩ ප්‍රමාණයද දෙවෙනි නොවේ
. වර්ග අඩි දහස් ගණනක් පුරා පැතිර ඇති ඩොලර් මිලියන, බිලියන ගණනින් වටිනා , එමෙන්ම මෙගා වොට් (MW)
ගණනින් විදුලිය පරිභෝජනය කරන මෙම සුපිරි යන්ත්‍රවලින් පිටවන අධික තාපය සිසිල් කිරීමට සිසිලන පද්දති (cooling system)
සදහාද විශාල විදුලි ප්‍රමාණයක් සහ මුදලක් වැයවේ.

මිනුම්දඬු

සුපිරි පරිගණකවල හැකියාල මනිනු ලබන්නෙ FLOPS (floating point operations per second) වලිනි.
එනම් තප්පරයකට කළහැකි ඉපිලෙන ලක්ෂ ගණනය කිරීම් වලිනි.
බොහෝවිට සුපිරි පරිගණක වල FLOPS ප්‍රමාණය ටෙරා සහ පෙටා (tera and peta) වලින්
එනම් තප්පරයට ගණනය කිරීම් දහයේ 12වන බලයේ සිට 15 වන බලය දක්වා ප්‍රමාණයකින් මනිනු ලබයි.
(teraflops and petaflops).

මෙහෙයුම් පද්දති

.....................

සුපිරි පරිගණකවල මෙහෙයුම් පද්දති ලෙස බොහෝවිට වේගවත් Linux සහ Unix
මෙහෙයුම් පද්දති යොදාගන්නා අතර සුළු ප්‍රමාණයක් සදහා windows හා mac වැනි මෙහෙයුම් පද්දති යොදාගනී.
මීට අමතරව මෙම මෙහෙයුම් පද්දති සමග විශේෂිත මෘදුකාංගද යොදාගනී.

අර්ධ සුපිරි පරිගණක (Quasi-supercomputing)

සාමාන්‍ය සුපිරි පරිගණකයක් එකම භූගෝලීය පිහිටුමක එනම් එක් ස්ථානයකට කේන්ද්‍ර වී පවතී.
එහෙත් විශාල භූගෝලීය ප්‍රදේශයක පැතිරුනු (distributed computing) පරිගණක හෝ server
කැටිති (clusters)
රාශියක් එක්ව තනි සුපිරි පරිගණකයක් ලෙස ක්‍රියාකරන අවස්ථාවන් හීදී ඒවා අර්ධ සුපිරි පරිගණක (Quasi-supercomputers) ලෙස හදුන්වයි.
ලක්ශ සංඛ්‍යාත පරිගණක , play station වැනි ක්‍රීඩා උපාංග හා වීඩියෝ කාඩ් (video/graphics card)
වල පරිගණන බලය යොදාගන්නා මෙම කැටිතිවල (clusters) පරිගණන බලය සාමාන්‍ය තනි සුපිරි පරිගණකයකටත් වඩා කිහිප ගුණයකින් වැඩිවිය හැකිය.

විවිධ රෝගාබාද ඇතිකරන බැක්ටීරීයා වයිරස ආදියේ ප්‍රෝටීන අණුක ව්‍යුහය තේරුම් ගැනීම සදහා පිහිටුවන ලද folding@home
ව්‍යාපෘතිය අද ලෝකයේ පවතින විශාලතම සහ බලවත්ම අර්ධ පරිගණක ව්‍යාපෘතියයි.
මෙහි පරිගණන බලයමේ වනවිට 10~ petaflops තරම් අති විශාල අගයක් ගනී. මෙම සුපිරි පරිගණක කැටිතියෙහි
කොටසක් වී ඔබටත් මෙම පුන්‍ය කටයුත්ත සදහා දායකවියහැක.
මේ ඒ සදහා එලකිරි සාමාජිකයන් ගෙනයන වැඩසටහනයි.(click)

SETI@home, MilkyWay@home, Mersenne Prime වැනි තවත් වැඩසටහන් රාශියක් සදහා
මෙවැනි අර්ධ පරිගණක යොදාගන්න අතර ඒවායේහිද ඉතා අධික ගණනය කිරීමේ හැකියාවන් පවතී.

තවද අප කවුරුත් දන්නා හදුනන Google සෙවුම් යන්ත්‍රයට සම්බන්දව ලොව පුරා විසිරී පවතින පරිගණක
server යන්ත්‍ර 450,000ක් එකට සම්බන්දව තැනන Google Cluster
අර්ධ සුපිරි පරිගණකයේ ගණන හැකියාව 20~100 petaflops තරම් විශාල අගයක ගන්නා බව අනුමාන කරයි.
එහෙත් එහි සබෑ තතු හෙලි නොකිරීමට Google සමාගම ක්‍රියා කරයි.

සුපිරි පරිගණක වල අනාගතය

1980 දශකයේ අග භාගයේ ඩොලර් මිලියන ගණනක් වටිනා වර්ග අඩි දහස් ගණන්
වසා පැතිර තිබූ සුපිරි පරිගණකවල පරිගණන බලය අද ඔබේ අත රැදි නවීන ජංගම
දුරකතනයේ තිබීබත්
1990 භාගයේ තිබූ වේගවත්ම සුපිරි පරිගණකවල බලය අද ඔබේ පුද්ගලික
පරිගණකයේ අත්විදීමට හැකිවීමත්
2000 වර්ෂයේ තිබූ ප්‍රබලතම සුපිරි පරිගණකවල පරිගණන බලය අද ඔබේ වීඩියෝ
කාඩ්පත්වල
තිබීමෙනුත් කිව හැක්කේ පරිගණක තාක්ශණයේ වේගවත් දියුණුවයි.

අද තිබෙන අක්කර ගණන් විශාල සුපිරි පරිගණකවල
බලය ඔබේ පුද්ගලික පරිගණකටය එන දිනය වැඩි ඈතක නොවනු ඇත.

සුපිරි පරිගණකවල ගණන හැකියාව 2011 වර්ෂය අවසන් වනවිට 20 petaflops
(පෙටාෆ්ලොප්ස්) දක්වාද
වර්ෂ 2019 වනවිට 1000 petaflops හෙවත් 1 exaflops (එක්සෆ්ලොප්ස්) දක්වාද
වර්ෂ 2030 පමණ වනවිට 1000 exaflops හෙවත් 1 zettaflops (සෙටාෆ්ලොප්ස්)
දක්වාද දියුණු කිරීමට විද්‍යාඥයින් අපේක්ශා කරයි.

සුපිරි පරිගණකවල යෙදීම්

කාළගුණ අනාවැකි පැවසීමට (weather forecasting)
දේශගුණික ගවේශණ
ක්වන්ටමීය භෞතික විද්‍යා පරීක්ශණ (quantum physics)
අණුක ආකෘති නිර්මාණය (බහු අවයවික, ස්පටික, රසායනික සංඝටක, ජෙ‍ය්ව අණූ)(molecular modeling)
භෞතික සමාකරණ කටයුතු( න්‍යෂ්ටික අවි, පරමාණූක බිදීම්, ගුවන්යානා වල හැසිරීම)
(physical simulations)
යුදමය කටයුතු වලට ආදාල ගණනයන් සදහා.

ලොව ප්‍රබලතම සුපිරි පරිගණක 5 පිළිබද විස්තර

ලෝකයේ ඇති සුපිරි පරිගණකවල හැකියාවන් සොයාබලා ඒවායේ ප්‍රබලතාවය
අර්ධ වාර්ශිකව ශ්‍රේණිගත කරන top500 වැඩසටහන යටතේ දැනට ඇති වේගවත්ම සුපිරි පරිගණක 5 ගැන දැනගනිමු.

පස්වන ස්ථානය (5)

Hopper සුපිරි පරිගණකය

පිහිටි ස්ථානය
DOE/SC/LBNL/NERSC
United States

Application area : Research Installation
Operating System : Linux
Processor : AMD x86_64 Opteron 12 Core 2100 MHz (8.4 GFlops per single CPU)
Processor Cores : 153408
Computing power : 1.054 petaflops

සිව්වන ස්ථානය (4)

TSUBAME 2.0 සුපිරි පරිගණකය

පිහිටි ස්ථානය
GSIC Center, Tokyo Institute of Technology
Japan

Application area : Research
Operating System : Linux
Processor : Intel EM64T Xeon X56xx (Westmere-EP) 2930 MHz (11.72 GFlops)
Processor Cores : 73278
Computing power :1.192 petaflops

තෙවන ස්ථානය (3)

Nebulae සුපිරි පරිගණකය

පිහිටි ස්ථානය
National Supercomputing Centre in Shenzhen (NSCS)
China

Application area : Research
Operating System : Linux
Processor : Intel EM64T Xeon X56xx (Westmere-EP) 2660 MHz (10.64 GFlops)
GPU : 64,960 nVidia Tesla C2050 GPUs
Processor Cores : 120640
Computing power : 1.271petaflops

දෙවන ස්ථානය (2)

Jaguar සුපිරි පරිගණකය

පිහිටි ස්ථානය
Oak Ridge National Laboratory
United States

Application area : Not Specified
Operating System : Linux
Processor : AMD x86_64 Opteron Six Core 2600 MHz (10.4 GFlops)
Processor Cores : 224162
Computing power :1.759 petaflops

පළමු ස්ථානය (1)

Tianhe-1A සුපිරි පරිගණකය

පිහිටි ස්ථානය
National Supercomputing Center in Tianjin
China

Application area : Research
Operating System : Linux
Processor : Intel EM64T Xeon X56xx (Westmere-EP) 2930 MHz (11.72 GFlops)

Main Memory : 229,376GB (229TB)
Intel Xeon CPUs : 14,336
Nvidia Tesla M2050 GPUs : 7,168
Processor Cores : 186368
Computing power : 2.566petaflops

රටවල් අනුව සුපිරි පරිගණක විසිර ඇති ආකාරය

වගුව wiki ඇසුරෙනි

වැඩිදුර කියවීම
http://www.top500.org/
http://en.wikipedia.org/wiki/GPGPU
http://en.wikipedia.org/wiki/TOP500
http://en.wikipedia.org/wiki/Folding@home
http://en.wikipedia.org/wiki/Supercomputer
http://en.wikipedia.org/wiki/Computer_cluster

©geethq
සියලුම හිමිකම් ඇවිරිණී
වෙනත් ස්ථානයක පල කිරීම සපුරා තහනම්
මෙහි පලකර ඇති ඡායාරූප වල
අයිතිය ඒවායේ නියම අයිතිකරුවන් සතුය
www.elakiri.com

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්