USB ප‍්fලෑෂ් ඩ්‍රයිව් භාව්තයෙන් පැතිරෙන පරිගණක වෛරස

සොයන්න

27.6.11

USB ප‍්fලෑෂ් ඩ්‍රයිව් භාව්තයෙන් පැතිරෙන පරිගණක වෛරස

මෙම වෛරස USB ප‍්fලෑෂ් ඩ්‍රයිව් වැනි පරිගණකයෙන් ඉවතට ගෙන යා හැකි (Removable) දත්ත ගබඩා කිරීමේ උපකරණ භාව්තයෙන් පැතිරේ. මෙම වෛරස ආසාදිත පරිගණකයේ ටාස්ක් මැනේජර් (Task Manager) , කොමාන්ඩ් ‍ප්‍රොම්ප්ට් (Command Prompt) , රෙජිස්ට්‍රි එඩිටර් (Registry Editor), පොලිසි එඩිටර් (Policy Editor) ආදී වින්ඩ...ෝස් මෙහෙයුම් පද්ධතිය පාලනය කළ හැකි මෙවලම් අඩපන/අක්‍රිය (Disable) කරන අතර ටූල්ස් මෙනුවේ (Tools menu) පෝfල්ඩර් ඔප්ෂන් (Folder Option) ඉවත් කරයි. මීට හේතුව පරිගණකය භාවිතා කරන්නා විසින් පරිගණක වෛරසයේ පරිගණකයට හානිකර ක්‍රියාකාරකම් ඉහත දැක්වු වින්ඩෝස් මෙවලම් (Tools) භාව්තයෙන් වළක්වලිය හැකි වීමයි.


මෙම වෛරස වින්ඩෝස් මෙහෙයුම් පදධතිය ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය ගොනු (system files ) සඳහා භාව්තා කර ඇති (SVCHOST.exe වැනි) නම් වලට සමාන නම් වලින් බොහෝ විට පෙනී සිටි. උදාහරණ ලෙස SVCHOTS.EXE , SSVICHOSST.EXE, SVICHOSSST.EXE, RVHOST.EXE, SVICHOSST.EXE, ආදිය ගත හැක. ඔබේ ප‍්fලෑෂ් ඩ්‍රයිව් එකේ හෝ පරිගණකයේ මෙවැනි ‍නම් වලින් ගොනු දැකිය හැකි නම් බොහෝ විට මෙවැනි පරිගණක වෛරසයක් ඇතුල් වී තිබිය හැක. බොහෝ විට ඔබට අයත් නොවන ගොනුවක් ඔබේ ප‍්fලෑෂ් ඩ්‍රයිව් එකේ ඇත්නම් වෛරසයක් විය හැක. ඔබට මෙවැනි සැක සහිත ගොනුවක් පිළිබඳව පැහැදිලි කර ගැනීමක් අවශ්‍යනම් අපෙන් විමසන්න.

ඉහත දක්වා ඇත්තේ , මෙම වෛරස ඔබේ පරිගණකයට සිදුකරන හානි වලින් සරල ක්‍රියාකාරකම් ස්වලපයක් පමණි. ඊට අමතරව ඔබේ පරිගණකයට හානි සිදුවන ක්‍රියාකාරකම් මෙ‍ම පරිගණක වෛරස වල අඩංගු කර තිබේ

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්