Facebook වෙතින් ඊ-මේල් සේවාවක්

සොයන්න

28.6.11

ලෝකයේ වැඩිම සාමාජිකයන් පිරිසක් සහිත දැවැන්තම පරිශීලක ජාලයකින් යුත්, එමෙන්ම දැනටත් සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින දැවැන්ද වෙබ් අඩවියකි, ෆේස්බුක්. මිලියන 500 ක් ඉක්මවා ගිය සාමාජික පිරිසකගෙන් යුත් ෆේස්බුක් වෙබ් අඩවිය ගැන හෝ එහි නිර්මාතෘ මෙන්ම ප්‍රධාන විධායක නිළධාරී මාක් ෂුකර්බර්ග් හෝ ගැන ඔබ දැනටමත් බොහෝ දැනුවත් ව ඇති. පසුගියදා "වසරේ විනිසා" විරුදාවලිය ලබාගත් මාක් ෂුකර්බර්ග් හා ඔහුගේ ෆේස්බුක් වෙබ් අඩවිය දැන් තවත් දැවැන්ත වැඩක් අරඹන්නයි සුදානම. අත්තර්ජාල පුවත් තුලින් වාර්තාවන්නේ අළුතින්ම ඊ-මේල් සේවාවක් ආරම්භ කිරීමට ඔවුන් මේ දිනවල කටයුතු කරගෙන යන බවයි.


 මේ ඊ-මේල් ස්වාව අනෙකුත් තරගකාරී සේවා හා සසදා බලන විට වෙනස්කම් රැසකින් යුතුවේ. මෙය හදුන්වාදීමේදී මාක් ෂුකර්බර්ග් පවසා සිටියේ "මෙය පණිවුඩ සේවාවක්. ඊ-මේල් සේවාව එහි කොටසක් පමණයි. ඔබට අවශ්‍ය පරිදි ඕනෑම ආකාරයක පණිවුඩයක් යැවිය හැකි පරිදි මෙම නව සේවාව ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා".

    මෙම නව ෆේස්බුක් ඊ-මේල් සේවාව සදහා @facebook.com ලෙස ලිපිනයන් ලබා දීම සිදුවන අතර ඒ සදහා Invitations ආකාරයෙන් ඔබට සාමාජිකත්වය ලබාගත හැකියි. මේ සේවා ක්‍රියාදාමය පම්පූර්ණ වු විට මෙම නව ෆේස්බුක් ඊ-මේල් සේවාව ලෝකයේ විශාලතම ඊ-මේල් සේවාව වනු ඇත. ඒ GMail හි මිලියන 200 ක පරිශීලකයන් හා Hotmail හි මිලියන 360 ක පරිශීලකයන් අභිබවමින් මිලියන 500 ක පරිශීලකයන් පිරිසක් තමන් සතු කරගනිමිනි.

    FaceMail ලෙස නම් කර ඇති මෙම නව සේවාව නව විශේෂාංග රාශියකින් යුක්ත වේ. මිතුරන් අතර සන්නිවේදනය මේ නව සේවාව නිසා තවත් පහසු වී තිබේ. සාමාන්‍ය ඊ-මේල් පණිවුඩ සේවාවන් මෙන් නොව මෙහිදී SMS, E-Mail, Chat, Messenges ආදී ඕනෑම ආකාරයකින් ඔබට පණිවුඩ හුවමාරු කළ හැකියි. මෙහිදී සංවාදය සජීවී ව සිදුකළ හැකි අතර එහිදී අවශ්‍ය වන්නේ පරිශීලක නාමය පමණි. මෙහිදී මෙම පණිවුඩ සදහා Subject එකක් මෙන්ම Co, Bcc ආදියද ඇතුළත් නොවේ. පණිවුඩය යැවීමට සාමාන්‍ය චැට් සේවාවකදී මෙන් Enter කිරීම සෑහේ.

    මෙම සේවාවේ ඇති තවත් විශේෂාංගයක් වන්නේ මෙහි ඔබගේ Inbox එක ඔබගේ ප්‍රමුඛතා අනුව වෙනස් වීමයි. ඔබ වැඩිපුරම පණිවුඩ හුවමාරු කරන ඔබගේ හොදම මිතුරන්ගේ පණිවුඩ Inbox එක තුළ ඉහළ ප්‍රමුඛතාවයකින් දැක්වෙන අතර එතරම් වැදගත් කමක් නොඋසුලන පණිවුඩ Other ලෙස වෙනත් Folder එකක් කුළ දැක්වේ.

    මීට පෙර Project Titan ලෙස නම් කර තිබූ මෙම FaceMail සේවාව ඔබට ලැබෙන්නේ Invitation ස්වරූපයෙනි. FaceMail වෙත සම්බන්ධ වීම සදහා ඔබට මිතුරෙකුගෙන් ආරාධනාවක් ලැබුණු පසු ඔබටත් මෙම නව සේවාව සමග එක්විය හැකිය. එමෙන්ම ඉන් පසුව ඔබේ මිතුරන්ටත් ආරාධනා යැවීමෙන් ඔවුන්ද මෙම සේවාවට සම්බන්ධ කරගත හැකියි. ඉදිරි මාස කිහිපය ඇතුළතදී මෙම සේවාව සදහා ක්‍රම ක්‍රමයෙන් සම්බන්ධතා ලබාදීමට ෆේස්බුක් සමාගම බලාපොරොත්තු වේ. ස්තූතියි!
Compile by - Hasitha Madushan (sorry.com)admin

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්