වීඩියෝ ක්ලිපයක් හෝ ඉමේජයක් පිළිබදව ෆේස්බුක් කණ්ඩායම දැනුවත් කරන සැටි

සොයන්න

27.6.11

අයුබෝවන්!

මම ඔයාලට හැමදාම මොනවා හරි කියල දෙන්න උස්සහ කරනවනේ, ඉතින් අද මට හිතු‍න ෆේස්බුක් මිතුරු සමාජය ගැණම කියන්න, අපි උදේ ඉදන් රෑ වෙනකම් පරිගණක උදව් එකේ හිටියත් එයත් අපිට මුහුණු පොතෙන් ලබා දී තිබෙන සේවාවක්ය, ඉතින් යාළුනයේ ඔයාලත් ෆේස්බුක් එකේ සිටින විට විවිද ඡායාරූප සහ වීඩියෝ මගින් ඔබට කරදර පැමිණ ඇතැයි මම විශ්වාස කරමි. මම අද කියල දෙන්නම් ඒ පිළිබදව ෆේස්බුක් වෙබ් අඩවියට කොහොමද Report කරන්නෙ කියල, එහෙනම් අහගන්නකො,


‍ෆේස්බුක් වෙබ් අඩවියට දිනෙන් දින විවිධ වීඩියෝ හෝ ඉමේජ එක්වෙයි. ඒවායින් සමහරක් ජාති, ආගාම්, පුද්ගලයන්ගේ කීර්ති නාමය පහරගැසීමේ අරමුණින් එක්කරන ඒවාය. ඔබගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකටද මෙවන් අංග නිතර එක්වීමට ඉඩ ඇත. ඔබගේ එකවුන්ට් එකෙහි ඇති මෙවන් අහිතකර තොරතුරු ඇතුළත් ජායාරූපයක් හෝ වීඩියෝවක් ඔබට ඉවත් කළ හැකි නමුත් එය සෙසු අයගේ වෝල් වල දර්ශනය වීම වැළැක්විය නොහැකිය.

මේ සදහා අපූරු පහසුකමක් ෆේස්බුක් සමාගම විසින් හදුන්වාදී තිබෙයි. එනම් අදාල ඡායාරූපය හෝ වීඩියෝව ගැන ඔවුන්ට දැනුම් දිය හැකි වීමයි. පහතින් දැක්වෙන්නේ මෙය සිදුකරන ආකාරයයිත පළමුවෙන්ම අදාළ ඉමේජය හෝ වීඩියෝව විවෘත කරගන්න. පසුව එයට පහළින් ඇති
Report ThisPhoto


යන ලින්ක් එක ක්ලික් කරන්න. එවිට මෙහි දැක්වෙන ආකාරයට සංවාද කොටුවක් විවෘත වෙයි.

එයට ඔබ අදාළ අංගය ඉවත් කරන්න යැයි ෆේස්බුක් කර්ඩායමෙන් ඉල්ලා සිටින්නේ ඇයිදැයි තොරාගත යුතුය. ඉන්පසු Continue කරන්න, ඉන්පසුව ලැබෙන සංවාද කොටුවේ දි ඔබද දැක්වෙන ආකාරයට, ඔවුට කෙටි පණිවිඩයක් යවන්නත් පුළුවන් මේ ඡායාරූපය ගැන සදහන් කරලා, එසේතු නැත්තම් ඔහුව Unfriend කරන්නත් පුළුවන්, ඒ වගේම මොහුව Block කරන්නත් පුළුවන් මෙයින් තැමති එකක් ඔබට තොරාගැනීමේ හැකියාව ඇති, සැලකිය යුතුයි - මෙම කිසිවක් තොරන්නේද නොමැතිය පහත දැක්වෙන Report to Facebook යන්න ඉදිරියෙන් හරි ලකුන පමණක්ද යොදා ගත හැකිය, එය ඔබගේ කැමති ආකාරයකට සිදු කර ගත හැකිය අනතුරුව Continue බොත්තම ඔබන්න

මින් පසුව ඔබට ෆේස්බුක් වෙබ් අඩවියෙන් ස්තූති කර සංවාද කොටුවක්ද ලැබේ, එයද Okay කරන්න. දැන් ඔබ සාර්ථකව එය සිදුකරගෙන ඇත

එකම ඡායාරූපයක් සම්බන්ධයෙන් මෙවන් පැමිණිලි රැසක් ෆේස්බුක් කණ්ඩායම වෙත ඉදිරිපත් වුවහොත් එය ෆේස්බුක් වෙබ් අඩවියෙන් ඉවත් කිරීමට ඔවුන් කටයුතු කරනු ඇත. වීඩියෝවක් පිළිබදවද මේ ආකාරයෙන්ම Report කර ගත හැකිය.

ස්තූතියි!

සුභ දවසක්

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්