SEO | ඔයාගෙ බ්ලොග් එක ගැන ලෝකෙටම කියන්න.

සොයන්න

14.12.11

ඔන්න අද තමා මම මේ තරඟයක් ගැන දැනගත්තෙ ඔන්න මාත් තෑග්ගට පෙරේත වෙලා මගෙ බ්ලොග් එකේ මෙච්චර කාලෙකට ලංකාවෙ අය වැඩිම දෙනෙක් කියවපු පෝස්ට් එකේ සිංහල පරිවර්තනයක් දාන්නයි යන්නෙ. :D  

 SEO එහෙමත් නැත්තන් Search Engine Optimization කියන්නෙ Blogging කරන අයට වැදගත්ම, ඒත් ගොඩක් අය නොදන්න දෙයක්නේ. ඒවගේම මේ ගෲප් එක පාවිච්චි කරන අයගෙන් 60% කට වඩා බ්ලොග් කරනවනේ.
මෙතනදි සිංහල බ්ලොග් කරන අයට නම් හුඟක්ම කියවන්නන් එන්නෙ Reffer Sites වලින් නිසා වැදගත් වෙන එකක් නෑ. ඒත් ඉංගිරිස් එවුවා කරන අයට Reffer Sites වලින් එන කියවන්නන් ප්‍රමාණය ගැවෙන්නවත් මදි මොකද ඉංග්‍රීසියෙන් බ්ලොග් එකක් කරන්නෙ අත පිහදාගන්න නෙවෙයිනෙ. 

 ඒනිසා රීඩර්ස්ල ගෙන්නගන්න තියන හොඳම ක්‍රමේ තමා සෙවුම් යන්ත්‍ර. ඉතින් ඒ සඳහා අපි නිකංම පෝස්ට්ස් දැම්මට වැඩක් නෑ.. ඒව සෙවුම්යන්ත්‍ර වල ලැයිස්ත්ගත (Index) වෙන්න ඕනි.මුලින්ම බලමු කොහොමද බ්ලොග් එකක් සෙවුම් යන්ත්‍ර වල Index කරගන්නෙ කොහොමද කියල. මොකද මේ වැඩේ නොකර මොකක් කලත් වැඩක් නෑනෙ.               


.☻මුලින්ම (Google)ගූගල් වලින් පටන්ගමු.

 ඉස්සෙල්ලම Googleලට කියමු මෙහෙම බ්ලොග් එකක් තියනව කියලා. කරන්නෙ මෙහෙමයි, මේ ලින්ක් එකෙන් (http://www.google.com/addurl/) ගිහිල්ලා බ්ලොග් එකේ URL එක ඇතුලු කරන්න ඊට පස්සෙ තියන කැප්ච) එක වරද්දන්නෙ නැතිව ගහල Submit කරන්න. ( Blog එක හැදුවෙ Blogger වලින් නම් මේ පියවර වැදගත් නෑ. එහෙමනම් මේ පියවර බ්ලොගර් වලින් ඔයා වෙනුවට කරනවා .)  

දැන් ඔයා අලුත් පෝස්ට් එකක් බ්ලොග් එකට දාපු ගමන් ගූගල් දැනුවත් කරන හැටි බලමු. 
ඒකට අපි අපේ Site Map URL එක ගූගල්ලට දෙන්න ඕනි. ඒත් මාර කේස් එක; Blogger වලින් අපිට Site map එකක් හදන්න ක්‍රමයක් දීල නෑ..
ඒත් විකල්පයක් තියනවා. අපිට Feed URL එකක් තියනවනෙ. එක Submit කලා කියල SIte Map එකකට වඩා කිසිම පාඩුවක් හෝ වෙනසක් සිද්ද වෙන්නෙ නෑ.

මෙන්න මෙහෙමයි ඒක කරන්නෙ.

ඉස්සෙල්ලම ඔයාගෙ Google එකවුන්ට් එකට ලොග් වෙන්න. ඊට පස්සෙ මේ ලින්ක් එකෙන් හිල්ල දකුනු පැත්තෙ තියන ADD A SITE බට්න් එක ක්ලික් කරන්න. එතකොට පොඩි පොපප් එකක් එයි. එතනදි ඔයාගෙ බ්ලොග් URL එක දීල Continue කරන්න.  
බ්ලොග් URL එක දෙනකොට ඒයාල ඉල්ලන එකෙන් format දෙන්න "http://" කියන කොටස නැතු.ව මෙන්න මේ වගේ (www.blogtrickstream.com

ඒ ඇතුල් කරපු බ්ලොග් එක හදල තියෙන්නෙ ඔයා ලොග් වෙලා ඉන්න එකවුන්ට් එකෙන්නම් ඔයාව බ්ලොග් එකෙ විස්තර තියන පේජ් එකකට redirect වෙයි එහෙම නැත්තං ඒ Blog එක ඔයාගෙමයි කියල තහවුරු කරන්න කියල ඒසඳහා අදාල උපදෙස් තියන පේජ් එකකට එනව.

ඉතින් ඔයාගෙ අයිතිය තහවුරු කරන හැටි ඉස්සෙල්ලම බලමුකො.. 

           redirect උන පේජ් එකේ ටැබ් දෙකක් පේනව නේද, Recommended method සහ Alternate methods කියල. ඒකෙන් "Alternate methods" කියන එක තෝරන්න. 
ඊට පස්සෙ "Add a meta tag to your site's home page" කියන රේඩියො බටන් එක ක්ලික් කරල ලැබෙන කෝඩ් එක කොපි කරගන්න. ඒක අරගෙන බ්ලොග් එකේ HTML Editor එකට ගිහින් </head> කියන ටැග් එකට උඩින් පේස්ට් කරල save කරන්න.
save කලාට පස්සෙ ආපහු අර හිටපු පේජ් එකට ගිහින් verfy බට්න් එක ඔබන්න.
ඔන්න එතකොට වැඩේ ගොඩ කියල ඔයගෙ බ්ලොග් එකේ තොරතුරු තියන පේජ් එකක් පෙනෙයි. තොරතුරු කිවුවට අලුත දාපු නිසා මොකුත් නෑ..:D

 ඒ පේජ් එක වම්පැත්තෙ තියන සයිඩ්බාර් එකේ Site Configuration කියන එක ඔබන්න. එතකොට එන ඩ්‍රොප් ඩවුන් එකෙන් "Sitemaps" කියන කොටස තොරන්න.ඔයා සයිට් මැප් පේජ් එකට ගියාම එතනින් කියන බටන් එක ඔබල එන පොපප් එකට බ්ලොග් එකේ RSS Feed URL එක දෙන්න වලින් හදපු බ්ලොග් එකක් නම් එක මේ වගේ වෙන්න ඕනි.
 " http://your-blog.blogspot.com/feeds/posts/default?redirect=false "

ම්ම් බ්ලොගර් ගැන දන්න කස්ටියට දැං ප්‍රශ්නයක් එයි මොකද RSS Feed URL එක "http://www.blogtrickstream.com/rss.xml" කියල දාන්නෙ නැතුව අර විදිහට දැම්මෙ කියල. ඒකටත් හේතුවක් තියනව. අපි සාමාන්‍යයෙන් බ්ලොග් එකේ Feed URL එක feedburner හදපු එකකට redirect කරවනවනේ.. ඒක නිසා එක Webmaster tool වලින් බාරගන්නෙ නෑ.. එතනදි redirect වෙන එක මේ URL එකෙන් නවත්තන්ව, ඒකයි. මං හිතන්නෙ නිකංම එක දාලා අමාරුවෙ වැටුණු අය කිහිප දෙනෙක්වත් මෙතන ඉන්න ඕනි.

 ඔන්න ඒ වැඩේ හරි.  වැඩේ ගොඩ ගියානම් ටික වෙලාවකින් sitemaps පේජ් එකෙ feed URL එකට ඉස්සරහින් කොළ පාට හරියක් වැටෙයි. 

☻Yahoo වලදිත් කරන්න තියෙන්නෙ ඔය වගේම තමයි. මම හිතන්නෙ ඔයාල ක්‍රමේ හොයාගනියි. ඒකත් දාන්න ගියොත් පෝස්ට් එක හුඟාක් දිග වෙනව. මෙතනින් ගිහින් ට්‍රයි කරන්න(http://www.bing.com/toolbox/webmaster). බැරි උනොත් කමෙන්ට් එකක් දාන්න මම පුළුවන් විදිහට උදවු කරන්නම්.

ළඟකදි ඉඳන් වැඩේ තව ලේසි වෙලා.. දැන් Yahoo සහ Bing එකතුවෙලා නිසා දෙකටම අපිට Bong වලින් Sitemap එක එකතු කරන්න පුළුවන්. ඒවිතරක් නෙවෙයි Bing වලින් 50$ක Advertising නිකන්දෙනවයි කියන්නෙ. ගිහිල්ලම බලන්න.


අම්මෝ ලියල ඉවරයි........ ඔන්න දැං කට්ටිය බලයි මේකද මේ යකාගෙ මහලොකු SEO  කියල. ඇත්තටම නැහැ. මම මේ කිව්වෙ පටන්ගන්න කලින් කරන්න ඕනි දේ. මේ Doc එක ලිවුවෙ තරඟය නිසා උනත් ලියන් යන්කොට මට හිතුන දිගටම මම දන්න දේවල් මේ ගෲප් එකේ විදිහට දාන්න. ඉතින් මං හිතනව මට ඒකට ඔයාල උදවු කරයි කියල.

1 comments:

  • Sanji says:
    25/5/12 5:59 PM

    මේල් එක විවෘත කරන්න හදන හැමවෙලාවකම untrusted problem කියලා පේජ් එකේ පෙන්වන අතර ඉන්බොක්ස් එකට යන්න බැහැ. හේතුව පැහැදිලි කර දෙන්න. ප්රස්නය විසදා ගන්නේ කොහොමද කියලත් කියන්නකෝ

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්