කොම්පුටර් එපාාාාා වෙලාද?

සොයන්න

14.12.11

කොම්පුටර් එපා වෙන වෙලාවලුත් තියෙනවනේ, ස්ලෝ වෙනවා, ස්ටක් වෙනවා, ඕන වෙලාවට වැඩක් කරගන්න නෑ, ඉතින් මේ තියෙන්නේ ඒ

වගේ කරදර වලින් ටිකක් හරි මිදිලා ඉන්න පොඩි ටිප්ස් ටිකක් අත්හදා බලලම හොදද නරකද කියන්න. මේ ගොඩක් දේවල් වැදගත් වෙන්නේ වින්ඩෝස්
පාවිච්චි කරන අයට තමයි හැබැයි ලිනක්ස් හරි මැක් හරි පාවිච්චි කරන අයටත් වැදගත් දේවල් තියෙනවා. ඒ හින්දා කියවලාම බලන්න.

  • වින්ඩෝස් දාන්නේ හොර කොපියකින් නම් ඉන්ස්ටෝල් කරන්න කලින් වයිරස් නෑ කියලා විශ්වාස කොම්පුටර් එකකින් සීඩී එක ස්කෑන් කරන් ඉන්න. මට හම්බ වුන ගොඩක් වින්ඩෝස් සීඩි වල වයිරස් තිබිල තියෙනවා.
  • වින්ඩෝස් දාපු ගමන් අප්ඩේට් ටික දාලා ඊළඟට වයිරස් ගාඩ් එක දාන්න. මේ පිළිවෙල වෙනස් වුනොත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. දාලා තියෙන වයිරස් ගාඩ් එක කොච්චර හොද එකක් වුනත් ඒ වයිරස් ගාඩ් එකට බෑ වින්ඩෝස් වල තියෙන අවුල් ඇතුලෙන් වයිරස් රිංගලා එන එක නතර කරන්න. ඒක නවත්තන්න තියෙන හොදම ක්‍රමය තමයි වින්ඩෝස් හැම වෙලේම අප්ඩේට් කරල තියෙන එක.
  • Operating system එක හැම වෙලාවෙම Update එකේ තියාගන්න. හැබැයි ඔන්ලයින් අප්ඩේට් කරන්න එපා. අප්ඩේට් එක බාගෙන අප්ඩේට් කරලා ඒ සෙටප් එක තියාගන්න අයෙත් වින්ඩෝස් දාන්න ඕන වුනොත් ඒ අප්ඩේට් එක බාන්න වෙන් නෑ. හැබැයි හාඩ් එකේ තියාගන්න එපා මොකද වයිරස් එකක් ආවොත් මේ අප්ඩේට් එක ඇතුලටත් රිංගන්න පුළුවන්. හොදම වැඩේ ඩීවීඩී එකක් අරන් මල්ටි සෙෂන් විදිහට අප්ඩේට් ටික ඒකට රයිට් කරලා පරිස්සම් තැනක අරන් තියන එක.
  • අපි ඉන්ටර්නෙට් යන්න Internet Explorer පාවිච්චි නොකලත් හැම වෙලේම අප්ඩේට් එකේ තියාගන්න. අපි දැනුවත්ව පාවිච්චි නොකලත් අපේ කම්පුටර් එකේ තියෙන ගොඩක් සො‍ෆ්ට්වෙයාර් මේක පාවිච්චි කරනවා. බලන්න සමහර සොෆ්ට්වෙයාර් දාන්න Internet Explorer මේ වර්ෂන් එකට වඩා ඉහල එකක් තියෙන්න ඕන කියලා දාලා තියෙන්නේ ඒ නිසයි.
  • වින්ඩෝස් ඉන්ස්ටොල් කරලා වයිරස් ගාඩ් එකත් දාලා ඉවර වුන ගමන් රීස්ටෝ පොයින්ට් එකක් හදලා තියාගන්න. පස්සේ දවසක කොම්පුටර් එකේ ලෙඩක් ආවොත් මේ පොයින්ට් එක රීස්ටෝ කරලා ඒ ලෙඩෙන් ලේසියෙන්ම ගැලවෙන්න පුළුවන්.
  • වයිරස් ගාඩ් එකක් දැම්මට විතරක් වැඩක් නෑ පුළුවන් හැම වෙලාවෙම ඒක අප්ඩේට් කරන්න. ඉන්ටර්නෙට් තියෙන අය ඔටෝ අප්ඩේට් වෙන්න දාලා තියන්න.
  • වයිරස් ගාඩ් එකේ තියෙන අනවශ්‍ය ෂීල්ඩ් අක්‍රීය කරලා දාන්න. මේකෙන් ලොකු වේගයක් ඉතුරු කරගන්න පුළුවන්. උදාහරණයකට Mail Shield, Im Shield වගේ දේවල් ගන්න පුළුවන්. හැබැයි මේ ෂීල්ඩ් වලින් ආරක්ෂා කරනා දේවල් පාවිච්චි කරනවා නම් අක්‍රීය කිරීම නොකළ යුත් දෙයක්. උදාහරණයක් විදිහට ඔයා මේල් බලන්නේ අවුට්ලුක් වලින් නම් මේල් ෂීල්ඩ් එක අක්‍රීය කරන්න හොද නෑ.
  • වින්ඩෝස් වල අපිට අනවශ්‍ය ගොඩක් සර්විසස් රන් වෙනවා මේ අනවශ්‍ය සර්විසස් නවත්තලා දාන්න. මේකෙනුත් ලොකු වේගයක් ඉතුරු කරගන්න
  • පුළුවන්. මේ ලින්ක් එකට ගිහින් ඒ වගේ සර්විස් කීපයක් බලාගන්න පුලූවන්. http://goo.gl/QXUoI
  • ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් අත්‍යාවශ්‍යම ටික විතරක් දාගන්න. දාන හැම සොෆ්ට්වෙයාර් එකකටම කොම්පුර් එකේ ස්පීඩ් එක, හාඩ් කැපෑසිටිය අඩු වෙන අතරම වයිරස් එන්න තියෙන හැකියාවත් වැඩි වෙන බව මතක තියාගන්න.
  • ජාවා වලින් හදපු සොෆ්ට්වෙයාර් පාවිච්චි කරන් නැත්නම් JRE දාගෙන තියාගන්න එපා. මේක වයිරස් වල ලොකු ඉලක්කයක්
  • අපි නිතරම පාවිච්චි කරන් නැති සොෆ්ට්වෙයාර් කොම්පුටර් එකට ඉන්ස්ටෝල් කරගන්නවා වෙනුවට ඒ දේම කරගන්න පුළුවන් ඔන්ලයින් සේවාවක්
  • පාවිච්චි කරන්න. පහල තියෙන්නේ ජනප්‍රියම මෘදුකාංග දෙකක් වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් ඔන්ලයින් සර්විස් දෙකක්.
    Photoshop - http://pixlr.com/editor/
  • කිසිම වෙලාවක සයිට් දෙකක රෙජිස්ටර් වෙන්න එකම පාස්වර්ඩ් එකක් පාවිච්චි කරන්න එපා. ඒ වගේම නමක් ගමක් අංකයක් වගේ දෙයක් පාස්වර්ඩ් එකට නොදා අහඹු අංක අකුරු වගේ දෙයක එකතුවක් පාස්වර්ඩ් විදිහට පාවිච්චි කරන්න. උදා- "iHI0AiEo3w" වේ වගේ දෙයක් ක්‍රැක් කරන්න ගොඩක් අමාරුයි.
  • ඒත් හැම සයිට් එකටම වෙන වෙන පාස්වර්ඩ් දාපුවාම මතක තියාගන්න එකත් ආමරු වැඩක්නේ ඒ හින්දා මේ සෝෆ්ට්වෙයාර් එක පාවිච්චි කරන්න. එතකොට ඔයාට මතක තියාගන්න ඕන එක මාස්ටර් පාස්වර්ඩ් එකක් විතරයි. මම දැනට පාවිච්චි කරලා තියෙන හොදම පාස්වර්ඩ් මැනේජර් එක මේක.
    https://lastpass.com/
  • කොම්පුටර් එක ගැන කොච්චර විස්වාස වුනත් අත්‍යවශ්‍ය ෆයිල් ඔන්ලයින් බැකප් කරලා තියාගන්න. සීඩී, හාඩ් ඩිස්ක් වගේ දේවල් ගින්දරකින්, ජල ගැල්මකින්, සුනාමියකින් විනාස වෙන්න පුළුවන්. ඒත් අපි මේ වගේ සේවාවක් පාවිච්චි කළොත් අපේ දත්ත වලට ලොකු ආරක්ෂාවක් ලැබෙනවා. තියෙන ඔක්කොම නෙමෙයි අපට වැදගත්ම දේවල් විතරක් මෙහෙම දාගන්න. පහළ තියෙන්නේ මම වැඩියෙන්ම කැමති සේවාවන් දෙකක්
    https://skydrive.live.com/
  • මාස දෙකකට සැරයක් විතර හාඩ් ඩිස්ක් එක ඩිෆ්‍රැග් කරන්න. වේගය අඩු වෙන එක අඩු කරගන්න පුළුවන්. වින්ඩොස් එක්කම එන ඩීෆ්‍රැග් ටූල් එක ගොඩක් වෙලා ගන්න නිසා මේක පාවිච්චි කරන්න පුළුවන්.
    http://www.piriform.com/defraggler
  • දවස් දෙක තුනකට වතාවක් හොද ටූල් එකක් පාවිච්චි කරලා කොම්පුටර් එක තාවකාලිකව තියාගෙන හිටපු ෆයිල් මකල දාන්න. ටයිම් බෝම්බ් වගේ වයිරස් මේ ටෙම්ප් ෆයිල් අතරේ තියෙන්න පුළුවන්.මම පාවිච්චි කරන්නේ http://www.piriform.com/ccleaner
  • මාස දෙකකට වතාවක්වත් කොම්පුටර් එකේ කේසින් එක ඇතුලේ, මොනිටර් වල තියන දූවිලි අයින් කරන්න. දූවිලි තියනකොට කොම්පුටර් එක රත් වෙන ප්‍රමාණය ගොඩක් ඉහල යනවා ඒක කොම්පුටර් එකට ගොඩක් හානිකර වෙන්න පුළුවන්. තව දෙයක් තමයි ‍වැහි කාලෙදි මේ දූවිලි ජල වාෂ්ප එක්ක එකතු වුනාම මඩ වගේ ද්‍රව්‍යයක් හැදෙනවා, ඒකෙන් සර්කිට් ෂෝර්ට් වීම, විවිධ කොටස් මලකඩ කෑම වගේ දේවල් වෙන්න පුලුවන්. මේක කරන්න බුරුසුවක් පාවිච්චි කරන්න එපා. අත් වැරදිමකින් මොකක් හරි කොටසක ඒ කෙන්දක් පැටලුනොත් ඒ කොටසට හානි වෙන්න පුළුවන්. ඒ වෙනුවට තද හුලන් පාරක් පාවිච්චි කරන්න පුළුවන් නම් හොදයි.මේ රූපේ තියන ජාතියේ කෑන් එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් වඩාත්ම හොදයි.
  • අනිවාර්යයෙන්ම කොම්පුටර් එකේ උෂ්ණත්වය, කූලින් ෆෑන් වල වේගය වගේ දේවල් මනින්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරන්න. අපිට කේසින් එක ඇතුලේ වෙන දේවල් පේන් නෑනේ ඒ හින්දා මේ වගේ එකක් පාවිච්චි කරන එක අනිවාර්යයි. මොකද ෆෑන් එකක් වැඩ නොකර අදාල උපකරණය ගොඩක් රත් වුනොත් ඒක පිච්චෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඒම්ඩී ප්‍රොසෙසර් එහෙම මේකට ගොඩක් ගොදුරු වෙනවා. ඒත් ඉන්ටෙල් ප්‍රොසෙසර් වලට මේක දරාගන්න පුළුවන් විදිහට හදල තියෙන්නේ. සාමාන්‍යයයෙන් කිසිම උපකරණයක උෂ්ණත්වය 50C පනින්න හොද නෑ එහෙම වුනොත් ඒකට අදාල කූලින් ‍ෆෑන් එක මාරු කරන්න. රුපියල් හාර පන්සීයක් බේරගන්න ‍ෆෑන් එකක් නොදා ඉදලා දහස් ගාණක් වටින සීපීයූ එකක්, හාඩ් එකක් පිච්චිලා යන්න පුළුවන්. මම පාවිච්චි කරන්නේ මේ සොෆ්ට්වෙයාර් එක http://www.almico.com/speedfan.php
  • ඒ වගේම තමා හීට් සින්ක් හයි කරද්දි අනිවාර්යයෙන්ම හීට් සින්ක් කොම්පවුන්ඩ් පාවිච්චි කරන්න. සිග්නල් වගේ ටූත් පේස්ට් වලින් හීට් සින්ක් කොම්පවුන්ඩ් වලින් වෙන වැඩේ වෙන් නෑ.පොඩි එකක් රුපියල් සියයකට අඩු ගාණක් වෙන්නේ.

මේක කියවලා හොදයි, වටියි කියලා හිතෙනවා නම් ලයික් එකකුත් දාලාම යන්න අමතක කරන්න එපා

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්