රජ වැඩකාරයෝ හතර දෙනෙක් මෙන්න..

සොයන්න

26.11.11

අද මං කියලා දෙන්නෙ ඔයාලට වටියි කියල හිතෙන පොඩි සොෆ්ට්වෙයාර් කෑලි කිහිපයක් ගැන.  මේවා ඔක්කොමPiriform  කියලා සමාගමක් පරිගණකය වේගවත්ව තබා ගන්න මෙන්ම එහි තත්වය හොඳ මට්ටමකට ගෙන එන්නට උපකාරි වෙනවා. මේවා අතර නොවැදගත් ෆයිල් ඉවත් කරන වැඩසටහනක්, වින්ඩොස් වල Defragment කටයුතු පහසුවෙන් කලහැකි වැඩසටහනක්, නැතිවූ ගොනු සොයාගැනීමේ වැඩසටහන් සහ පරිගනකයේ සියලු තොරතුරු බලාගත හැකි වැඩසටහන් මේ සමාගම විසින් නිපදවා තියෙනවා. මේ හැම එකක්ම ලෝකයේ ගොඩක්ම ජනප්‍රියත්වයට හා විශ්වාසයට බඳුන් වූ වැඩසටහන්. අපි බලමු මේ එක එකක් ගැන විස්තර සහිතව. අනික තව එකක් කියන්න ඕනෙ මේක නොමිලේ මෙන්ම මුදල් ගෙවා ලබාගත හැකි සංස්කරණ ඉදිරිපත් කරනවා. කැමති නම් Donate කරන්නත් පුලුවන් මේ මෘදුකාංග සංවර්ධනය කරගන්න.


CCleaner
මෙය ලෝකයේ අංක එකේ පරිගනකය සුද්ධ කිරීමේ වැඩසටහනයි. ඔබේ පුද්ගලිකත්වයට හානිකර වූ අංග පරිගනකයෙන් ඉවත්කොට එහි වේගය වර්ධනය කිරීමට උපකාරි වෙනවා. ඒ වගේමයි මේක කුඩා මෘදුකාංගයක් වීමත් විශේෂයක්. මැක් වින්ඩොස් කියන දෙකටම උචිත ආකාරයට සංකරණයන් සකස් කරලා තියෙනවා. මෙහි සේවාවන් ගත්තහම ටෙම්පරි ෆයිල්ස්, වෙබ් හිස්ට්‍රි, කුකීස් වැනි අන්තර්ජාලය ඇසුරු කිරීමේදි ඇතිවන දේවල් ඉවත් කිරීමට මෙන්ම රෙජිස්ට්‍රිය ක්ලීන් කිරීමට හා ඉවත් කරන්න අමාරු වැඩසටහන් ඉවත් කරන්න උදව් කරනවා. තවත් නොයෙක් ඔප්ෂන් තියෙනවා භාවිතා කරලම බලන්නකෝ.



පෝර්ටබල් වර්ෂන් එක(යන යන තැන ගිහින් භාවිතා කරන්න) :http://www.piriform.com/ccleaner/download/portable
ෆුල් වර්ෂන් එක :http://www.piriform.com/ccleaner/download/standard


Defraggler
පරිගනකයේ තියෙන ෆයිල් නිවැරදි ලෙස ගබඩා නොවීම නිසා  ඒවා ෆ්‍රැග්මන්ට් වෙන්න පුලුවන්. එහෙම වුනාම කොම්පුටර් එකේ වේගයට එය බලන්න පුලුවන් කෙලින්ම. මොකද System Drive එකට මෙවැනි දෙයක් වුනොත් බූට් වෙන්න වෙලාගන්න පුලුවන්. මේක හරියට අපිට පොත් රාක්කයකින් ඕන කරන පොත ගන්න යද්දි ඒ පොත් රාක්කය පිලිවෙලකට නැත්නම් හොයගන්න අමාරයි නේ. අන්න ඒ වගේ තමා මේකත්. NTFS, FAT32 වගේ පොදු ෆෝර්මැට් වලට මෙය සපෝර්ට් කරනව. ඔබගේ කොම්පුටර් එක ස්ලෝව් වෙලාද එහෙනම් මේක වෙන්න පුලුවන් හේතුව. අරගෙන බලන්න කොහොමද කියලා. නිදහස් ඉඩකඩ අනුව පරිගනකයේ තියෙන ගොනු පිලිවෙලකට මේ වැඩසටහන සකසා දේවි.
මෙහිද පෝර්ටබල් එකක් තියෙනවා..http://www.piriform.com/defraggler/download/portable


Recuva
කොච්චර නම් දුක් වෙනවද වටිනා ගොනුවක් තමන් අතින් වැරදීමකින් ඩිලීට් වුනොත්. රීසයිකල් බින් එකේ බලනවා. ඔව් එහෙම පුලුවන් ඒත් recycle bin එකෙනුත් ඉවත් වුනොත් ඉවරෙටම ඉවරයි කියලද හිතාගෙන හිටියේ..! නෑ යාලුවනේ ඇත්තටම ඒක අපට නොපෙනුනට හාඩ් ඩිස්ක් එකේ තියෙනවා. අපේ අතින් බැරි වෙලාවත් මෙහෙම දෙයක් වුනොත් කරන්න තියෙන්නෙ මුකුත් වෙන වැඩසටහනක් භාවිතා නොකර මෙය රන් කරන්නයි. ඉතුරු ටික මෙයා බලාගනීවි.මේ වැඩසටහනට මෙන්න මේවා රිකවරි කරන්න පුලුවන්. deleted emails,deleted iPod music,  ඒ වගේම office document restore කරන්නත් පුලුවන්. ආසාවෙන් වැඩටික කරගන්න හම්බ වේවී..!


Spaccy
මේක ඕන වෙන්නෙ ඔයාගෙ කොම්පුටරෙ ගැන ඔයා දන්නැති දෙයක් දැනගන්නයි. මෙය ඔබගේ පරිගනකයේ OS,CPU,RAM,Motherboard,Graphic card, optical drives,Audio card, Peripherals and Network card ආදිය ගැන පුලුල් විස්තරයක් ලබාදෙනවා. යම් පරිගනකයක් ගැන නොදන්නා දෙයක් දැනගන්නට මෙය වැදගත් වෙනවා. මෙහි තොරතුරු ගොනුවක් ලෙස පසු ප්‍රයෝජනයට සේව් කර තබාගන්නත් පුලුවන්.
(මෙහිදී මං ගොඩක්ම කැමති පෝටබල් එකට..!)


ඉතින් ඔන්න ඔහොම උපාංග ටිකක් තමා, ඒ සමාගම ලබාදෙන්නේ.. බොහෝ දෙනෙකුට කරදරයක් වූ දේවල් කිහිපයකට විසඳුම් ලැබෙන්න ඇති දැන්. මේවා 64bit වලටත් සපෝර්ට් අපි අද පටන් නිදහස් හෝ විවෘත මෘදුකාංග ලෝකයට යන්නට උත්සහ කරමු..! ඒක හොඳයි  කියලා මං හිතනවා..! :D

ඔබට ජය..!
නැවත හමු වෙමු.තවත් ඔබ නොදන්නා දෙයකින්!


0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්