CHROME DISPLAY A WARNING MESSAGE BEFORE CLOSING MULTIPLE TABS

සොයන්න

22.11.11

Hi friends....welcome කියනවා TECHGATE වලට.ඔන්න අදත් පොඩි trick එකක් අරගෙන ආවා ඔයාලා ගාවට.අපේ Google chrome use කරන අයට තමයි මේක ගෙනාවේ.බලමු මොකද්ද කියලා...අපි සමහර අවස්ථා වලදී browser එකේ Tabs ගොඩක් අරගෙන වැඩ කරන්න වෙනවා.මේක සාමාන්‍ය දෙයක්නේ.ඉතින් මමත් මගේ මේ blog එකයි,Facebook සහ Google+,සාමාන්‍යයෙන් open කරගෙනයි ඉන්නේ ඉතින් එතනම Tab 3යි.සහ සමහර අවස්ථා වලදී ඊටත් වඩා tabs වැඩිවෙනවා.කිසි අව්ලක් නැතුව ඔහොම කරගෙන යද්දී තියන හදිස්සියට කරුමෙටවත් වැරදිලා browser එකේ close button එක එබුනොත් වැඩ සේරම අනාතයි.ආපහු මුල ඉදන්ම ආපහු site ටික open කරගන්න වෙනවා.ඉතින් මටත් ඕක ලොකු ප්‍රශ්නයක් උනා.මොකද සමහර වෙලාවල් වලදී මගේ අනිත් වැරදීමෙන් browser එක close වෙනවා.ඕකට ඉතින් බලාගෙන ඉඳලා බෑනේ.විසඳුමක් හොයන්න ඕනේ.ඔහොම හොය-හොයා ඉන්නකොට සෙට් උනා නියම extension එකක් මේකට.ඒ extension එකේ නම Chrome Toolbox.අපිට මේකෙන් පුළුවන් අපි අතින් වැරදීමකින් browser එක close උනොත් කෙලින්ම close වෙලා යන්නේ නැතුව warning message එකක් display කරන්න.මටනම් ඇත්තටම මේක ගොඩක් වටිනවා.මම හිතනවා Google chrome use කරන අපේ යාලුවන්ටත් මේක වැදගත් වේවි කියලා.ඒකනිසා පහලින් ඇති steps අනුගමනය කිරීමෙන් ඔයාලත් මේක active කරගන්න....




01- යන්න  Chrome Toolbox (by Google)  

02- Install / Add to Chrome මත click කරන්න.

03- Install මත click කරන්න.

04- Install කරගත්තට පසු address bar එකට එහාපැත්තේ ඔබේ extension එක පෙන්නාවි.එය මත click කර Option මත click කරන්න.

05- General යටතේ පහලින් Confirm before closing multiple tabs යන්නට ඉදිරියෙන් හරි ලකුණ යොදා ඇත්දැයි බලන්න,හරි ලකුණ යොදා ඇත්තනම් වැඩේ හරි.

06- Browser එක restart කිරීමෙන් පසු මෙම extension එක සමාන්‍ය ලෙස වැඩ කරාවි.





0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්