පරිගණක උදවු VIPs

සොයන්න

29.11.11

පරිගණක උදවු VIPs 2011

(Very Important Posts)



ශ්‍රී ලංකාවේ පළමු Facebook පරිගණක උපකාරක සමූහය වන පරිගණක උදවු මගින් පරිගණක උදවු සාමාජික ඔබ වෙනුවෙන් 2011 දෙසැම්බරයේ “පරිගණක උදවු VIPs“ නමින් සිංහල පරිගණක තාක්ෂණික ලිපි තරඟයක් පැවැත්වීමට සියලු කටයුතු දැන් සූදානම් කොට තිබේ.

මෙම සිංහල පරිගණක තාක්ෂණික ලිපි තරඟය පිළිබඳ විස්තර සහ තරඟ කොන්දේසි පහත සඳහන් වේ.
  1. පරිගණක උදවු VIPs පරිගණක තාක්ෂණික ලිපි තරඟය සඳහා ලිපි භාරගැනීම 2011 දෙසැම්බර් මස 01 වැනි බ්‍රහස්පතින්දා උදෑසන 6.00ට ආරම්භ වී 2011 දෙසැම්බර් මස 15වැනි බ්‍රහස්පතින්දා රාත්‍රී 11.00න් අවසන් වේ. (මීට පෙර සහ පසු ඉදිරිපත් කෙරෙන ලිපි තරඟය සඳහා වලංගු නොවේ).
  2. තරඟය සඳහා ඉදිරිපත් කරන සියලුම ලිපි පහත ප්‍රමිතීන්ට අනුකූල විය යුතුය.
    1. ලිපි පල කළයුත්තේ පරිගණක උදවු ෆේස්බුක් සමූහයේ Doc ආකාරයෙනි. ලිපි සැකසීම සඳහා පහත සබැඳියෙන් Create a Doc වෙත යන්න. ( https://www.facebook.com/groups/pariganakaudau/docs/)
    2. එක් තරඟකරුවෙකුට ඉදිරිපත් කළ හැකි උපරිම ලිපි සංඛ්‍යාව 10කි.
    3. තරඟය සඳහා වන සියලුම ලිපි වල ආරම්භයේදී “(පරිගණක උදවු VIPs තරඟය වෙනුවෙන්)“ යැයි සඳහන් කළ යුතුය.
    4. සියලුම ලිපි සිංහල මාධ්‍යයෙන් විය යුතුය.ඉංග්‍රීසි භාෂවෙන් වන ලිපි තරඟය සඳහා වලංගු නොවේ.
    5. ලිපි ලිවීමේදී කියැවීමට උචිත භාෂා රටාවක් සහ කියැවීමට පහසු ආකෘතියක් අනුගමනය කරන්න. (ඡේද වෙන්කිරීම, Bullets යෙදීම ආදිය). අවශ්‍ය පරිදි රූප සටහන්, පින්තූර යනාදියද තරඟකරුගේ අභිමතය පරිදි භාවිතා කළ හැක.
    6. ලිපිය පල කරන්නා විසින්ම එය ලියා තිබීම අනිවාර්ය වේ. වෙනත් අයගෙන් උපුටාගත් ලිපි තරඟය සඳහා වලංගු නොවන අතර එම තරඟකරුගේ වෙනත් ලිපි සඳහා ඇති අවස්ථාවද අහිමිවීමට එය හේතුවත් වනු ඇති.
    7. තරඟය සඳහා ඉදිරිපත් කෙරෙන ලිපි මීට පෙර පරිගණක උදවු සමූහය තුළ Doc ආකාරයෙන් පල නොවූ ඒවා විය යුතුය.
    8. ලිපි සඳහා සුදුසු තේමා පරිගණක ක්ෂේත්‍රයට අදාල විවිධ අංශ ඔස්සේ තෝරාගත හැකිය. (මෘදුකාංග, දෘඪාංග, ජාලකරණය, පරිගණක ක්‍රමලේඛ කරණය, ජංගම දුරකථන හා විවිධ උපාංග, අන්තර්ජාලය, විවිධ නව තාක්ෂණ ආදිය උදාහරණ වේ). සෑම ලිපියකම එහි තේමාව ආවරණය වන සම්පූර්ණ අන්තර්ගතයක් තිබිය යුතුය.
    9. පරිගණක උදවු ඇඩ්මින්වරුන්ගේ ලිපි  තරඟය සදහා වලංගු නොවේ.
  3. තරඟයට ඉදිරිපත් කෙරෙන ලිපි වල ගුණාත්මක භාවය, නවතම කරුණු සහ ප්‍රයෝජනවත් භාවය සලකා තේරීම් කමිටුවක අපක්ෂපාතී තීරණය අනුව හොඳම ලිපිය ද, ලැබී ඇති  Likes ප්‍රමාණය මත ජනප්‍රියම ලිපියද තේරීම සිදු කෙරේ.
  4. ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කිරීම සහ ත්‍යාග ප්‍රදානය කිරීම දෙසැම්බර් මස අවසානයේ සිදු කෙරෙනු ලැබේ. ත්‍යාග පහත සඳහන් පිළිවෙලින් වේ.
    1. Digital කැමරාවක් - vivitar vivicamf332 අනුග්‍රහය - දිනිති දීපිකා සොයුරියගෙන් (https://www.facebook.com/profile.php?id=100001138279526)
    2. Portable Hard Drive එකක් (1)
      අනුග්‍රහය - පරිගණක උදව් ඇඩ්මින් - mg super සොයුරාගෙන් (https://www.facebook.com/mg.mahesh1)
    3. HSPA Modem එකක් (1) 
      අනුග්‍රහය - Dinindu Piyakaru සොයුරාගෙන් - https://www.facebook.com/dinindu.piyakaru
      (www.BuyOnline.lk වෙබ් අඩවිය වෙනුවෙන්)
    4. පෙන් ඩ්‍රයිව් එකක් (1)
      අනුග්‍රහය - පරිගණක උදවු සාමාජික සොයුරියක් විසින් (ඇගේ ඉල්ලීම පරිදි නම සඳහන් නොකරමු)
    5. සැනසිලි තැගි ලෙස - Silicone Anion Watch පහක් (5)
      අනුග්‍රහය - Dinindu Piyakaru සොයුරාගෙන් - https://www.facebook.com/dinindu.piyakaru
      (www.BuyOnline.lk වෙබ් අඩවිය වෙනුවෙන්)
    • යම් හෙයකින් නිර්නාමික/ ව්‍යාජ (Fake) තරඟකරුවෙකු ත්‍යාගයක් ලබාගතහොත් ඔහු විසින් තම අනන්‍යතාවය පරිගණක උදවු ඇඩ්මින් වරයෙකුට පුද්ගලිකව හෙළිකළ යුතුය.
    • ත්‍යාග ලබාගන්නා ආකාරය පිළිබඳව දෙසැම්බර් මස අවසානයේදී දැනුම්දෙනු ඇති.
෴වැඩිදුර විස්තර සහ පැමිණිලි සඳහා පරිගණක උදවු ඇඩ්මින් සොයුරු සොයුරියන් හා සම්බන්ධ වන්න෴

3 comments:

  • Kinith says:
    30/11/11 1:50 PM

    පරිගණක උදවු සමූහයට පිවිසීමට පහත සබැඳිය භාවිතා කරන්න
    http://www.facebook.com/groups/pariganakaudau/

  • Sithum says:
    30/11/11 10:57 PM

    සැමට ජය ශ්‍රී ...!

  • Unknown says:
    14/10/12 9:47 AM

    eththatama hugak hoda wedak bro.. keep it up !!!

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්