මුළු ලෝකයම ඔයාලගේ ඩෙස්ක්ටොප් එකට ගන්න.. Live World Map එකක් Desktop එකට ගන්න හැටි!!

සොයන්න

24.11.11

ඔන්න අදත් වෙනදා වගේම ඉන්ටනෙට් එකේ පතුලට එබිලා බලනකොට තැනක තිබිලා හම්බවුණ දෙයක් අරන් ආවා... මේවා ඉතිං හංගගෙන ඉන්නවට වඩා කස්ටිය එකක් බෙදාගන්න එක හොදයිනේ :D මේක ගොඩක් අය දන්නවත් ඇති. නොදන්න අයට දැනගන්නත් එක්ක දාන්නම් මේ ඩොක් එක

මේක හැබැයි හැමෝටම වැදගත් වෙන, අත්‍යාවශ්‍ය දෙයක් නම් නෙමෙයි. සමහරවිට භූගෝල විද්‍යාව හදාරන අයට වැදගත් වෙන්න පුළුවන්.. ඒත් පොදුවේ හැමෝටම ටිකක් රසවිදින්න පුළුවන් දෙයක්...


මේක මම හොයාගත්තේ Daftlogic.com වෙබ් පිටුවෙන්!

මේකෙන් කරන්නේ අපේ පෘථිවියේ සජීවී රෑප දර්ශනයක් ඩෙස්ක්ටොප් එකේ පෙන්වීමයි. ඉරා පායා ඇති ප්‍රදේශය මෙහි විශාලව දැක්වෙනවා. ඊට අමතරව සම්පූර්ණ ලෝක සිතියමේ සජීවී පින්තූරයක් ලබාගන්නත්පුළුවන්. කරන හැටි මෙන්න...

මුලින්ම ඔයාලගේ කොම්පියුටර් එකේ Mycomputer> C > Program files එකට යන්න. එතන අලුත් ෆෝල්ඩර් එකක් හදන්න. ඒකට Daft Logic කියලා නම දාන්න. ඊට පස්සේ Notepad විවෘත කරගෙන මෙන්න මේ පහළ තියන කෝඩ්ස් ටික කොපි කරන්න.

<DOCTYPE html PUBLIC "-//W3C//DTD XHTML 1.0 Strict//EN"
<head> 
<meta http-equiv="refresh" content="600" />
<meta http-equiv="Content-Type" content="text/html; charset=iso-8859-1" />
<style type="text/css">
body { margin: 0px; padding: 0px; overflow: hidden; height: 100%; width: 100%}
.layout {height: 100%; width: 100%; padding: 0px;}
.header {height: 75px; background: #ffd}
.footer {height: 15px; background: #c0c0c0}
iframe#content {height: 100%; width: 100%; border-top: 1px solid black; border-left: 0px; border-right: 0px; border-bottom: 1px solid black}
</style>   
</head>
<table>
<tr>
<td>
<iframe id="refreshedcontent" src="http://static.die.net/earth/mercator/1600.jpg" style="height:100%;Width:100%;" ALIGN="top" HSPACE="0" VSPACE="0"scrolling="no" frameborder="0"></iframe></td>
</tr>
</table>

දැන් මේක සේව් කරන්න ඕනේ අපි හදපු Daft Logic කියන ෆෝල්ඩර් එක ඇතුළට. සේව් කරනකොට Name එක හැටියට desktop.htm ටයිප් කරලා සේව් කරන්න.

දැන් ඔයාලගේ ඩෙස්ක්ටොප් එකට ගිහින් Desktop Properties ‍‍එකට ගිහින් Desktop ටැබ් එකට ගිහින් එකේ පහලින් තියන Customize Desktop... එකට යන්න. ඊට පස්සේ එන බොක්ස් එකේ web ටැබ් එකට ගිහින් දකුණු පැත්තේ උඩ තියෙන New බට්න් එක ක්ලික් කරන්න. එතකොට New desktop item බොක්ස් එක එනවා. දැන් පහළින් තියෙන Browse බට්න් එක ක්ලික් කරන්න. දැන් එන බොක්ස් එකෙන් C > Program files > Daft Logic එකට ගිහින් අපි හදපු ඩෙස්ක්ටොප් අයිටම් එක සිලෙක්ට් කරලා Open කරලා ඔක්කොම බොක්ස් ටික Ok කරන්න. 
දැන් ඩෙස්ක්ටොප් එකේ දකුණු පැත්තෙන් පොඩි කොටුවක් ඇවිත් ඇති. ඒ කොටුවේ උඩට මවුස් පොයින්ටර් එක ‍අරන් ගියාම Maximize බට්න් එක තියනවා. ඒක ක්ලික් කරලා බලන්නකෝ.... එළ නේද?

ඕක වින්ඩි 10න් 10ට අප්ඩේට් වෙනවා. ඒ කියන්නේ විනාඩි 10න් 10ට ඕක කැරකෙනවා පේනවා. අපිට ඒ වෙලාවේ සම්පූර්ණ ලෝක සිතියමේ පින්තූරයක් ගන්න පුළුවන්. කරන්න තියෙන්නේ ඔය ලෝක සිතියම උඩ කොහෙහරි තැනක මවුස් පොයින්ටර් එක තියලා ක්ලික් කරලා ටික දුරක් Drag කරලා අතහරින එක. එතකොට ඉමේජ් එකක් එනවා සම්පූර්ණ ලෝකයේම. 

මේක ඕනෙ නෑ කියලා හිතුනම මේක වෙනම අයින් කරලා ඩෙස්ක්ටොප් තීම් එක අයේ මුල ඉදන් හදන්න ඕනෙත් නෑ. මේකේ උඩ කෙළවරේ Close බට්න් එක ක්ලික් කලාම අයෙත් තිබුණු විදියටම ඩෙස්ක්ටොප් එක එනවා :D

ඔයාලට මේ මැප් එක අප්ඩේට් වෙන කාලය වෙනස් කරන්න පුළුවන්.
අපි හදපු ඩෙස්ක්ටොප් අයිටම් එක නෝට් පෑඩ් වලින් ඕපන් කරලා මේ පහතින් තියන පෝලිම හොයාගන්න.

<meta http-equiv="refresh" content="600" />

මෙතන 600 කියලා තියෙන්නේ අප්ඩේට් වෙන කාලය තත්පර වලින්. ඒක 1800, 3600 වගේ තත්පර වලට වෙනස් කරන්න පුළුවන්. 

තව ඉතින් මේ Daft Logic කියන එක මේ වෙබ් පිටුවේ අයගේ නම කියලා තේරෙනවනේ... ඒ විදියට නැතිව අපිට කොම්පියුටරේ ඕන තැනක ඕන නමකින් ෆෝල්ඩර් එකක් හදලා ඒකට මේ ඩෙස්ක්ටොප් අයිටම් එක හදලා සේව් කරන්න පුළුවන්. ඒකට කැමති නමක් දෙන්නත් පුළුවන්. හැබැයි අනිවාරෙන්ම Extension එක .htm විදියට තියෙන්න ඕනේ. 

ඔන්න ඉතිං වැඩේ ඔච්චරයි.... නිකමට කරලා බලන්න... 
ප්‍රශ්නයක් වුණොත් අහන්න... 


0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්