නැතිවූ Desktop එක නැවත ලබාගැනීමට

සොයන්න

26.11.11

සුබ දවසක් යාලුවනේ..මම කියල දෙන්න යන්නේ නැති වුන Desktop එක නැවතත් ලබන්නේ කොහොමද කියලා..

සමහර අවස්ථා වලදී අප පරිගණකයේ යම් ක්‍රියාවක නියැලී සිටීමේදී අපගේ desktop icon හා Task Bar එක නැතිවී යන අවස්ථා තිබෙනවා..මෙයට හේතුව වන්නේ Explorer.exe එක යම් හේතුවක් නිසා ක්‍රියා විරහිත වීමයි. මෙය බොහෝවිට ඇතිවෙන ගැටුළුවක්..බොහෝ දෙනෙකු කරන්නේ මෙවන් දෙයක් වුණාම පරිගණකය restart කිරීමයි. නමුත් එමගින් ඔබගේ ක්‍රියාත්මක වන Application save නොවන අතර එසේ නොකර අපට Explorer.exe එක නැවත ලබාගත හැකිය..


මේ සදහා ඔබ Ctrl + Alt + Del යන යතුරු ආධාරයෙන් Task manger එක ආරම්භ කරගන්න.. එහිApplication Tab එකට ගොස්  new task යන button එක මගින් අලුතින් ආරම්භ කිරීමට අවශ්‍ය මුදෘකාංග exe file එක ලබාදිය යූතු වෙයි. මෙහිදී ඔබට "C:\" partition එකේ Windows Folder එක තුල Explorer.exe file එක හමුවෙයි.ඔබ කලයුත්තේ මෙම File එක තෝරා ආරම්භ කිරීමට ලබාදීම පමණි. එමගින් ඔබට නැවතත් ඔබගේDesktop එක හා Task Bar එක දැකගත හැකිවෙයි..පහත රූපයෙන් බලාගන්න..



එහෙනම් මම ගියා...ඔබට සුබ දවසක්....

මගේ ග්රූප් එක...
මගේ blog එක...
!!!.... සුනෙත් ක්‍රිස්ටෝ ප්‍රනාන්දු....!!!


0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්