ලෝකප්‍රකට චිත්‍රපටි හොදින්ම රසවිදින්න, සිංහලෙන් උපසිරැසි දාමුද?

සොයන්න

24.11.11

අපේ යාලුවෝ දැන් ගොඩක් දියුණුයි... ලෝකප්‍රකට හොලිවුඩ්, ‍බොලිවුඩ් චිත්‍රපටි අන්තර්ජාලෙට එන පමාවට කොම්පියුටරේට බාගන්නවා... :D
 ඒත් ඉතින් ඒ චිත්‍රපටිවල නියම රසය අපිට දැනෙන්නේ ඒවායේ තේරුම සිංහලෙන් තිබුණොත්නේ....
මං කියලා දෙන්න යන්නේ ඒ බාගන්න චිත්‍රපටිවලට සිංහල උපසිරැසි දාන විදිය.. මේක ඉතිං ඉංග්‍රීසි හොදින් දන්න අය, ඉංග්‍රීසි නොදන්න අයට කරන සේවයක් වගේ වැඩක්... 

මුලින්ම කියන්න ඕනා මම මේක ඉගෙනගත්තේ අපේ බයිස්කෝප් වෙබ් අඩවියේ ඇඩ්මින් තුමන්ගෙන්... මේ පිළිබදව බයිස්කෝප් එකට ස්තුතිවන්ත වෙන්න ඕනා!!


මුලින්ම ටොරන්ට් එකේ තමන්ට අවශ්‍ය චිත්‍රපටිය තෝරගන්න ඕනේ. තෝරගන්නකොට DvDRip, BDrip වගේ හොද Quality එකක් තියන ටොරන්ට් ෆයිල් එකක් ගන්න ඕනේ. බොහෝවිට මෙම DvDRip එන්නේ ExtratorrentRG, aXXo, Maxspeed, FXG, MXG, MXMG වගේ Uploader codes වලින්. 

අපි බාගන්න චිත්‍රපටියේ English Subtitle තියෙන්න ඹ්නේ. DvDRip torrent files වල ඒක තියනවා. 

අවසානයේ අපි චිත්‍රපටිය බාගත්තට පස්සේ ඒක ඇතුළේ තියන සබ් ෆයිල් එක Notepad වලින් open කරගන්න. Extention එක .srt කියලා තියන ෆයිල් එක තමයි සබ් ෆයිල් එක.

ඒක Notepad වලින් Open කරගත්තට පස්සේ මෙන්න මේ වගේ පේළි ගොඩාරියක් දකින්න ලැබේවි.

2
00:01:44,818 --> 00:01:48,447
Those days there were
happy families all around..

 3
00:01:52,159 --> 00:01:54,650
..and separations were quite in vogue.

 4
00:01:57,898 --> 00:02:01,163
But the reasons for
separation used to be quite unique.

මේ උඩින්ම තියෙන්නේ පේළි අංකය. ඊලගට තියෙන්නේ ඒ වචන පේළිය නිරූපණය කරන කාල අන්තරය. ඊලගට තියෙන්නේ අපිට දිස්වන වචන පේළිය. 

අපිට කරන්න තියෙන්නේ මේ ඉංග්‍රීසියෙන් තියන වචන මකා දමලා ඒ තැනින්ම ඊට අදාල සිංහල වචන ඇතුළත් කිරීමයි. මෙහිදී මතක තබාගන්න ඕනේ කාරණා දෙකක් තියනවා. කිසිම අයුරකින් ඉහලින් තිබෙන කාල අන්තරවල ඉලක්කම් වෙනස් කරන්න එපා. එහෙම වුණොත් ඉවරයි. අනිත් කාරණය තමයි මේ කොටස් දෙකක් අතර තියන පරතරය ඒ කියන්නේ එක පේලියක් ඉවර වෙලා අනිත් කොටස පටන් ගන්නකොට තියන හිස් පේළිය ඒ විදියටම තියෙන්න ඕනේ. 

ඉතින් මේ විදියට සෑම පේළියක්ම සිංහලයට පරිවර්තනය කරලා ටයිප් කළාට පස්සේ මේක සේව් කරන්න ඹ්නේ. සේව් කරනකොට මතක ඇතුව බලන්න Encoding කියන තැන UTF-8 කියන එක තියනවද කියලා. නැත්තම් UTF-8 සිලෙක්ට් කරගන්න. ඊටපස්සේ සේව් කරන්න. අනිවා‍ර්යෙන්ම චිත්‍රපටය අඩංගු වීඩියෝ ෆයිල් එකේ නම ඒ විදියටම සබ් ෆයිල් එකේ නමට තියෙන්න ඹ්නි. එච්චරයි....

මේක කාල අන්තර පදනම් කරගෙන හදන ෆයිල් එකක් නිසා 700 MB කොපි එකකට හදපු එකක් 1.36 GB එකකට හරියටම වැඩ කරන්නේ නැති වෙයි. ඒත් බොහෝ දුරට සමාන size වලින් යුත් එම චිත්‍රපටියේ ඕනෑම කොපි එකක් සමග වැඩ කරනවා හරියටම.... කරන්න තියෙන්නේ මේ සබ් ෆයිල් එක චිත්‍රපටියේ ෆෝල්ඩර් එක ඇතුළට කොපි කරලා චිත්‍රපටියේ නම ඒ විදියටම මේ සබ් ෆයිල් එකට Rename කරන එකයි. මතක ඇතුව සබ් ෆයිල් එකේ Extention එක .srt කියලා හදන්න. ඒක අනිවාර්යයි...

ඉතින් මේක මගේ මුල්ම ඩොක් එක.... වැරදි එහෙම තිබුණොත් ගණන් ගන්න එපා යාලුවනේ....... :D

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්