hack කරන විවිද ක්‍රම

සොයන්න

24.11.11

  • ෆේස් බුක් පාස්වර්ඩ්?

    ඔබ වෙබ් අඩවි වල (ෆේස් බුක් ඇතුළුව) සටහන් කරන රහස් වචන (password) එලෙසින්ම දත්ත ගබඩාවට යන්නේ නැහැ. ඒවා MD5 නමැති කේතන ක්‍රමයක් මගින් කේතනය කරලා තමයි ගබඩා වෙන්නේ. මේ නිසා ෆේස් බුක් වැනි අඩවි වල පාස්වර්ඩ් හොරෙන් කැඩීම අපහසුයි. කිරීමට නොහැකි තරම්. එනිසා, අවශ්‍ය ෆේස්බුක් ගිනුමක මුරපදය (පාස්වර්ඩ් එක) ලබා ගන්නට නම් එක්කෝ මුර-පදය අනුමාන කරන්නට හෝ, නැතිනම් ෆිෂින් (ඇමක් දැමීමට) හෝ සිදු වෙනවා. මෙන්න ඇත්තටම ෆේස්බුක් හැක් කරන ක්‍රම ටික:


    1. මුර පදය සෙවීම (guessing): මෙහිදී අපි අදාළ ගිණුම් හිමියා ලෙස පෙනී සිටිමින්, මුර පදය අමතක වූවා යයි කියමින් වෙනත් මුර පදයක් ඉල්ලුම් කරනවා. මෙහිදී අපි අදාළ පුද්ගලයා ගැන පෞද්ගලික තොරතුරු දන සිටීම වැදගත් වෙනවා. ආරක්ෂක ප්‍රශ්න, පුද්ගලික ප්‍රශ්න, වැනි බොහෝ දෑ වලින් රිංගා ගෙන ගොස් මුර පදය අලුත් කිරීම කල නොහැකි දෙයක් නොවෙයි. එත් මෙය පුද්ගලිකව නොදන්නා අයට යෙදීම ඉතාම අපහසුයි.

    2. යතුරු සෙවිල්ල (key logging): කී ලොග් කිරීම නමිනුත් මෙය හඳුන්වනවා. මෙහිදී කෙරෙන්නේ, අදාළ ගිණුම් හිමියා ගිණුමට ලොග් වීමට පාවිච්චි කරන පරිගණකයේ යතුරු සෙවුම් වැඩසටහනක් ස්ථාපනය කිරීමයි. එවැනි වැඩසටහනකින් කෙරෙන්නේ කී බෝර්ඩ් එකේ (යතුරු පුවරුවේ) ඔබන සියලු යතුරු වල දත්ත හොරෙන් ගබඩා කර ගැනීමයි. මෙහි ඇති අවාසිය නම්, ගිණුම් හිමියා ගේ පරිගණකයට එවැනි වැඩ සටහනක් දැමීමයි. අවශ්‍ය නම්, එවැනි වැඩ සටහනක් දැනටමත් ඇති පරිගණකයකින් ලොග් වීමට සැලැස්විය හැකියි.
    3. ඇමක් දැමීම (phishing): ෆේස්බුක් වගේම පෙනෙන වෙනත් හොර වෙබ් පිටුවක් සෑදීම: අනිවාර්යයෙන්ම මුර පදය ලබා ගත හැකියි. හැබැයි, ගිණුම හිමියා ඔබේ හොර පිටුවට පිවිසී මුර පදය සටහන් කල යුතුයි. ඒ වගේම, අදාළ පාර්ශ්වය "ඇම" ගිල්ල සැනින්, ඔබ එම ගිණුමට අදාළ සියලු ආරක්ෂක දත්ත (security settings) සියතට ගත යුතුයි: නැතිනම් ගිණුම් හිමියා යලි මුරපදය අවලංගු කරාවි.

    4. ජාලගත සෙවීම (packet/net sniffing): මෙය ඉතාම අපහසු එහෙත් ප්‍රතිඵල ලැබෙන ක්‍රමයක්. මෙහිදී කෙරෙන්නේ අදාළ ජාලය හරහා හුවමාරු වන සියලු දත්ත පැකට් කියවීමයි. මෙය දෘඩාංග හෝ මෘදුකාංග යන දෙවිදියටම කල හැකියි. අනිවාර්යයෙන්ම ඉන් එකක මුරපදය තිබිය යුතුයි. එත් මෙය කිරීම අන්තිම අමාරු, වෙහෙසකර ක්‍රියාවක්. නීති අංශයේ නිලධාරීන් නිතර යොදාගන්න ක්‍රමය මෙයයි.

    5. ඩොන්ගල් හැක් කිරීම (dongle hacking): ඕනෑම ඩොන්ගල් එකකින් දත්ත හුවමාරු කරන්නේ RF තරංග ලෙසයි. අදාළ තාක්ෂණික දැනුම සහ උපකරණ ඇතිනම්, සහ ඉලක්ක ගත පුද්ගලයා ඩොන්ගල් එකකින් ජාලගත වේ නම්, මෙයත් යොදාගත හැකියි. මෙහිදී අදාළ ඩොන්ගල් එකට කිසිවක් සිදු වෙන්නේ නැහැ. අපි කරන්නේ අදාළ ඩොන්ගල් එකට ලැබෙන තරංග "ඉව" කිරීමයි...


0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්