අලුත් Facebook Chat සහ Friend Lists තවමත් නුහුරු නම්

සොයන්න

22.11.11

හුඟක් අය නිතරම ෆේස්බුක් අලුත් chat එක ගැන අහලා ප්‍රශ්න යොමු කරන බව පේන නිසා ඒ ගැන කෙටියෙන් කියන්න හිතුවා.

Chat Side bar
අලුත් චැට් Side bar එකෙහි ප්‍රධාන කොටස් තුනක් දකින්න පුලුවන්.


1. ඔබේ මිතුරන් Search කිරීමේ පහසුකම 



  • චැට් වින්ඩෝ එකේ පහළම වම් පැත්තෙ කෙළවර තියෙන Search box එක තුළ නම් Type කිරීමෙන් ඔබේ Friend list එකේ සිටින මිතුරන් සොයාගන්න පුලුවන්. සොයාගත් පසු එම මිතුරාගේ නම මත ක්ලික් කර චැට් වින්ඩෝවක් විවෘත කරගත හැකියි.


2. Chat Settings සැකසීමේ පහසුකම


  • Available to Chat මත ක්ලික් කිරීමෙන් ඔබට Online/Offline විය හැකියි.
  • Chat Sounds Enable/Disable කළ හැකියි
  • Limit Availability මත ක්ලික් කිරීමෙන් ඔබට අවශ්‍ය මිතුරන් පිරිසක් සඳහා පමණක් Online සිටිය හැකියි


i. Only Make Me Available to තේරීමෙන් ඔබ එහිදී select කරනු ලබන මිතුරු ලැයිස්තු වලට පමණක් පෙනෙන ලෙස සිටිය හැකියි.

ii. Make Me Unavailable to තේරීමෙන් එහිදී select කරනු ලබන මිතුරු ලැයිස්තු වලට පමණක් නොපෙනෙන ලෙස අනෙත් අයට Online යා හැකියි.

**මෙතැන දිස්වන Friend Lists සාදාගන්නා අයුරු සදහා මෙම ඩොක් එකේ අවසාන කොටස කියවන්න.


3. Side Bar එක සැඟවීම
  • Side Bar එකේ පහළ දකුණු කෙළවර ඇති ඊ තලය භාවිතා කර Side Bar එක සැඟවීම කළ හැකියි. 

           
  • නැවත ලබාගැනීම සඳහා Home පිටුවේ වම් පස පහළින්ම ඇති Friends on Chat Search box එකට දකුණින් ඇති අයිකනය මත ක්ලික් කළ හැක.



___________________________________________________________________

Friend Lists 

මෙම Friend Lists සාදා ගැනීම සඳහා ඔබේ Home පිටුවෙහි ඇති Lists අසළට Mouse Pointer එක තැබූ විට දිස්වන MORE මත ක්ලික් කරන්න.



ඉන්පසු Create a List ක්ලික් කර Friend Lists නිර්මාණය කිරීම කළ හැකියි.

Lists එකක නමට ට වම් පසින් ඇති පැන්සලක සලකුණ මත ක්ලික් එම ලිස්ට් එක ඔබේ Home පුටුවෙහි උඩින්ම ඇති Favourites වලට එක් කිරීම හෝ සඟවාතැබීමට තෝරාදිය හැකියි. 

දැනට පවතින Lists වල වෙනස්කම් සිදු කිරීමට නම් ඒ සඳහා අවශ්‍ය List එකෙහි නම මත ක්ලික් කරන්න.
ඉන්පසු ලැබෙන පිටුවේ ඉහළ දකුණු කෙළවර ඇති  manage List හරහා List එකෙහි අවශ්‍ය වෙනස් කම් කරගත හැක.


෴කිනිත් හෙට්ටිආරච්චි විසිනි෴

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්