
මෙවැනි වෙබ් අඩවි සාදා තිබෙනුයේ මුදල් ඉපයීම සදහා පමණි. මෙවැනි වෙබ් අඩවි වලට එන අන්තර්ජාල පරිශීයකයන් රවටා දැන්වීම් මගින් මුදල් ඉපයීම වෙබ් අඩවි වල හිමිකරුවන් විසින් සිදුකරගෙන යනු ලබයි. වෙබ් අඩවියේ පවතින පින්තූර වල ජනප්‍රිය පුද්ගලයන්ගෙ නම් , පින්තූර යොදා ගනිමින් බොහෝ විට ව්‍යාජ කරුණු දක්වමින් නිර්මාණය කර ඇති අතර පරිශීලකයන් නොදැනීම රැවටී එහි ඇති අන්තර්ගතයන් බැලීමට අදාළ සැබැදි වලට ගිය විට පින්තූර වල දක්වා ඇති කරුණු කිසිවක් නැත. පරිශීලකයා රැගෙන යනුවේ තවත් වෙබ් අඩවියකටය. නැතහොත් යම් කිසි පින්තූරයක් ඇති වෙබ් පිටුවක් වෙතය. එහි දැන්වීම් පුරවා තිබීමද දක්නට ලැබේ. මෙවැනි වෙබ් අඩවි නිසා ඇතැම් පුද්ගලයන්ට සිදුවන හානියද විශාලය. එවැනි පුද්ගලයන් මෙවැනි වෙබ් අඩවිවලට එරහිව නීතිමය පියවර නොගන්නා බැවින් මෙවැනි වෙබ් අඩවි බිහිවීමට හේතුවක් වී ඇත.
එකම පුද්ගලයාට මෙවැනි වෙබ් අඩවි කිහිපයක් පවතින අවස්ථාද ඇත. ජනප්‍රිය වෙබ් අඩවි වල දැන්වීම් පළ කරමින් මෙවැනි වෙබ් අඩවි වලට පරිශීලකයන් ලබා ගැනීම සිදු කරන අතර ඇතැම් විට දැන්වීම් පළ කරනුයේ එවැනිම වෙබ් අඩවියකය. මෙවැනි ප්‍රයෝජනයක් නොමැති වෙබ් අඩවි නිර්මාණය වීම නිසා වසරකට අපතේ යන ඩොමේන් නාම සංඛ්‍යාවද විශාලය.
මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය ධීෂාන් සොහොයුරා සතුයි.(August 9, 2011)
0 comments:
Post a Comment