නෝට් පෑඩ් එකෙන් වෙබ් සයිට් බ්ලොක් කරමු ??

සොයන්න

26.11.11

පියවරයන්

1. C:\WINDOWS\system32\drivers\etc ට යන්න
2. "HOSTS" නමින් ඇති ෆයිල් එක තෝරා ගන්න
3. ඒක notepad එකෙන් ඕපන් කරන්න
4. ඒකේ "127.0.0.1 localhost" කියන එකට යටින් 127.0.0.2 කියල දාලා ඔයාලට බ්ලොක් කරන්න ඕන සයිට් එකේ නම දෙන්න.
5. එච්චරයි

එතකොට ඒ ෆයිල් එක තියෙන්නෙ මෙහෙමයි.


127.0.0.1 localhost
127.0.0.2 www.බ්ලොක් කරන්න ඕන සයිට් එක.com

දැන් "www.බ්ලොක් කරන්න ඕන සයිට් එක.com" කියන එකට ඔයා‍ගෙ මැෂීන් එකෙන් යන්න බැහැ. මේ වගේ කිහිපයක් දාගන්න ඕනෙ නම් පල්ලෙහාට පල්ලෙහාට දාන්න. මතක ඇතුව අන්තිම ඉලක්කම වෙනස් කරන්න. මෙන්න මේ වගේ

127.0.0.3 www.බ්ලොක් කරන්න ඕන සයිට් එකක්.com
127.0.0.4 www.තව බ්ලොක් කරන්න ඕන සයිට් එකක්.com
127.0.0.5 www.තවත් බ්ලොක් කරන්න ඕන සයිට් එකක්.com

ඔන්න ඔය ව‍ගේ දාගෙන යන්න පුළුවන්. කරල බලන්න. මතක ඇතුව අන්තිමට මේක සේව් කරන්න.  

(සැ.යු - ඔබ ආධුනිකයෙක් නම් මෙම ෆයිල් එක (HOSTS) බැකප් කර මෙම ක්‍රියාව කර ගන්නා ලෙසත්, මෙය වැරදි ලෙස සිදු කර ඔබගේ පරිගණකයට සිදුවන කිසිදු හානියක වගකීම මම (උදාර නාමල්) ‍භාර නොගන්නා බවත් දන්වා සිටිනු කැමැත්තෙමි.)

බොහොම ස්තූතියි !!!!
ජය වේවා !!!
සැකසුම - උදාර නාමල් 


0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්