windows 7 වලින් Disk Burn කරගන්න..

සොයන්න

26.11.11

වින්ඩෝස් විස්ටා වල පටන් විශේෂ පහසුකමක් ලෙස ඩීවීඩි මේකර් මෘදුකාංගය හඳුන්වා දුන්නා. ඒක තව ටිකක් දියුණු කරල 7 වලට ලබා දීලා තියෙනවා. හදිසියට ඩීවීඩි එකක් බර්න් කරගන්න නීරෝ වගේ මෘදුකාංග දැන් ඕන කරන්නේ නෑ. මං අද කියලා දෙන්න යන්නේ ඒ ගැන. වැදගත්, මේ පහසුකම Windows 7 Home Premium සහ Windows 7 Ultimate වල විතරයි තියෙන්නේ. ඒ වගේම මේක සරලයි. කාටත් ලේසියෙන් කරගන්න පුලුවන් වීම විශේෂත්වයක්.
         අපි දැන් හොයමු කොහෙද Windows DVD Maker තියෙන්නෙ කියලා. හොයන්න ලේසියි Start Button එක ක්ලික් කරලා එන search-box එකේ "dvd Maker" කියල ටයිප් කරන්න. එතකොට මේ වගේ එනවා. තව ක්‍රමයක් තියෙනවා, ඒ Start -> All Programs -> Windows DVD Maker මඟින්.



දැන් ඒක ඕපන් කරගන්නකෝ..

මං දැන් කියන්නම් ඒකට සපෝට් කරන ෆෝමැට් මොනවද කියලා. මේ තියෙන්නේ ඒ ටික තමයි.
Video files: '.asf', '.avi', '.dvr-ms', '.m1v', '.mp2', '.mp2v', '.mpe', '.mpeg', '.mpg', '.mpv2', '.wm', '.wmv'
Audio files: '.aif', '.aifc', '.aiff', '.asf', '.au', '.mp2', '.mp3', '.mpa', '.snd', '.wav', '.wma'
Picture files: '.bmp', '.dib', '.emf', '.gif', '.jfif', '.jpe', '.jpeg', '.jpg', '.png', '.tif', '.tiff', '.wmf'


තව ඔයාලට ඩිස්ක් ඩ්‍රයිව් එකක් ඕන කරනවා. බ්ලූ-රේ(blu-ray) ඩ්‍රයිව් තියන අයට නම් මේ ක්‍රමය හරියන්නේ නැහැ.
දැන් කොහොමද තමන්ගේ ෆයිල් ටික ඇඩ් කරගන්න බලමු..



මෘදුකාංගය ඕපන් කරපු ගමන් මේ වින්ඩෝ එක එන්නේ. ඒකේ තියෙන  එක අයින් කරගන්න, එතකොට ආයේ ඕක ඕපන් කරද්දි ඔය වින්ඩෝ එක එන්නේ නෑ. දැන් Choose photo & videos බොත්තම ඔබන්න.



ඊට පස්සෙ මෙහෙම වින්ඩෝ එකක් එනවා. ඒකෙන් dvd title එකක් දෙන්න මුලින්ම. දැන් ඔය තියෙන විදියට Add items ‍තෝරාගෙන ඔයාට බර්න් කරගන්න ඕන ෆයිල් ටික ‍තෝරාගන්න.. ‍තෝරාගෙන ඉවර නම් ඇඩ් කරගන්න. මේ වගේ.



දැන් ඒ ෆයිල් ටික ඇඩ් වෙලා තියෙනවා පේනවා මේ වගේ. මේකෙ මං භාවිතා කරේ ඉමේජ් ටිකක්. ඒ ටික මේ වගේ ඇතුලට ගිහින් බලන්න පුලුවන්.



slideshow කියල ෆෝල්ඩර් එකක් තියෙනවා ඒකෙන් බැක් වෙන්න නම් ඔය අයිකන් එක ක්ලික් කරන්න.



මෙන්න තියෙනවා ඔප්ෂන් ටික..



1. ඩීවිඩි ප්‍රොජෙක්ට් එක සේව් කරගන්න කැමති නමකින්.
2. ඇඩ් කරපු ෆයිල් අයින් කරගන්න
3. ෆයිල් අතර ඉහල පහල යන්න
4. නිවැරදි ඩිස්ක් ධාවකය ‍තෝරාගන්න
5. ඩීවීඩි එකට මාතෘකාවක් දෙන්න.
මෙන්න මේ විදියට සැකසුම් හදාගන්න.. මෙහි තියෙන Settings වලින්



දැන් Next කරගන්න. අවශ්‍ය කරන ඕනම මෙනු වර්ගයක් ‍තෝරාගන්න. එකක් ‍තෝරාගත්ත නම්, Preview වල සේව් ක්ලික් කරල සේව් කරගන්න. පොඩ්ඩක් බලන්න ඔයාලට ඕන විදියකට ටෙක්ස්ට් එහෙමත් දාගන්න පුලුවන්.ඒ වගේ ඔයාට ඕන ඔක්කොම වැඩ කෑලි දාගන්නකෝ. ඒ වගේමයි මියුසික් එහෙමත් දාගන්න පුලුවන්.
මේ වගේ ස්ක්‍රීන් ටිකක් දානව ඔයාලට උදව් වෙයි කියලා..






අන්තිමට තියෙන්නෙ බර්න් කරගන්නයි. බර්න් වේවි..
ඒත් එක එක errors එහෙම එන්නත් පුලුවන්. ඒ Incompatible Filter නිසයි. මට ආපු එහෙම එරර්ස් ටිකක්.

  • You cannot put a menu background or foreground video in the custom section of DVD Maker
  • Video appears upside down or distorted when you preview it in Windows DVD Maker.
  • Video is black and no audio plays.
  • Windows DVD Maker stops responding.
  • Audio plays too quickly and is distorted.
  • Audio plays, but video is black.
මේ වගේ දෙයක් ආවොතින් ආයෙම අර මුලින් අපි Option කියලා ‍තෝරගත්තේ, අන්න ඒකෙන් Compatibility ‍තෝරාගෙන, එහි ඇති ‍ෆිල්ටර් අයින් කරගන්න. හරි යනවා එතකොට..



           ඔයාලට මං මේ කිව්වෙ ඉමේජ් බර්න් කරගන්න නේ. ඒ වගේම ඕඩියෝ, වීඩියෝ වගේ ඩීවීඩි මෙනු එහෙමත් දාලා ලස්සන නිර්මාණයක් කරගන්න. මේක කියලා දුන්නේ හදිසියකට ඩිස්ක් එකක් බර්න් කරගන්න වුනොත් කොහොමද කරන්නෙ කියලා. Windows Media Player 12 වලින් වුනත් බර්න් කරන්න පුලුවන්.දැන් නම් කිසිම ප්‍රශ්නයක් නැතුව ඇති.. 
ඕන කෙනෙකුට තේරෙන විදියට මේ පෝස්ට් එක ලිව්වේ. ගුණදොස් කියන්න අමතක කරන්න එපා :)
ඒ වගේමයි Comment කරන්නත් අමතක කරන්න එපා..

Sajith Harshana
පරිගණක උදවු © 2011


0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්