Blog ලියන්න අලුත් ක්‍රමයක් මේක, දන්නවද?

සොයන්න

24.11.11

    අද මං කියලා දෙන්නම් ඕෆ්ලයින් ඉඳගෙන බ්ලොග් ලියන්නේ කොහොමද කියලා. මං දන්නවා මේ ගෲප් එකේ ඉන්න ඔයාල ගොඩක් දෙනාට බ්ලොග් තියෙනවා කියලා. මේක ඒ කට්ටියට වගේම කාටත් වැදගත් වේවි..!
  මෙන්න මෙහෙමයි වැඩේ, ඔයාලට මේ සඳහා ඕනෙ වෙනවා windows live writer කියන මෘදුකාංගය. ඔව් ඒක විතරයි ඕන කරන්නේ, මෙතනින් ඒක අරගන්න.
ඩවුන්ලෝඩ් වුනාට පස්සේ එන වින්ඩෝවෙන් දෙවන තේරීම කරලා next කරාම එන පේජ් එකෙන් live writer විතරක් තොරාගෙන, පරිගණකයේ ස්තාපනය කරගන්න.මෙය ටිකක් විතර වෙලාවක් යන වැඩක් මොකද සමහර ෆයිල් ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා preocess එක අතර මඟදී..
ඊට පස්සේ 'done' කියලා මැසේජ් එකක් එයි. ඒක ඕකේ කරලා රන් එකේ live writer ගහල ඕපන් කරගන්න.
එතකොට මේ වගේ ඩයලොග් බොක්ස් එකක් එයි. අදාල එක ‍තෝරාගන්න. Blogger.com නම් මා ‍තෝරාගෙන තියෙන විදියට යන්න තියෙන්නෙ. 



ඊට පස්සේ එන වින්ඩෝ එකේදි ඔබගේ බ්ලොග් එකේ ලිපිනය ටයිප් කරන්න. දැන් යූසර් නේම්, පාස්වර්ඩ් දාලාremember යන්න ‍තෝරගන්න, මොකද එතකොට ආයෙම මෙයට යද්දි මේ ඩීටේල් මුකුත් දෙන්න ඕනෙ නෑ. දැන් next කරන්න.


එතකොට එම අඩවිය ඇත්තටම තියෙනවද? දීලා තියෙන තොරතුරු ආදිය ගැලපෙනවද ආදිය බලලා, මෙම process එක අවසන් වූ බව දන්වයි..!
දැන් තමන්ගේ බ්ලොග් එකේ තීම් එක මෙයා ඩවුන්ලෝඩ් කරගන්නවා, හරියට දැන් එම අඩවියේම සිට බ්ලොග් ලියනවා වගේ දැනේවි. තමන් බ්ලොග් තීම් එක අප්ඩේට් කරොත් ලෙහෙසියෙන්ම මෙහි ඇති Blog Account > Update theme ‍තෝරාගන්න.
ඒ වගේමයි පෝස්ට් කරන දිනය පවා දෙන්න පුලුවන්, ඔබට වැඩ අධික නම් අවශ්‍ය දිනෙක පෝස්ට් වෙන්න කියල දෙන්න. තව ලේබල් ලබාදෙන්නත් පුලුවන්. මං හිතනවා මේකෙන් ඔයාලා බ්ලොග් සයිට් එකෙන්ම පෝස්ට් කරනවාට වඩ වැඩි පහසුකම ‍රැසක් ලබාගනීවි කියලා. ඒ වගෙයි බ්ලොග්කරනයට ආධුනිකයෙකුටත් මෙය මගින් සරලව පෝස්ට් එකක් දමාගන්න පුලුවන්..!
අඩු කාලයකදි බ්ලොග් පෝස්ට් කරන්න දැන් ඔබට පුලුවන්.
පෝස්ට් එක ලියලා ඉවරනම් preview එකක් බැලීමටත්, html code වෙනස් කරන්න ඕනේ නම් Source යන්නත් ‍තෝරා ගන්න. එය වින්ඩෝවේ පහලම ඇති..! අලංකාරව පෝස්ට් එකක් නිර්මානය කරගන්න.
 අන්තිමට  කරන්න තියෙන්නෙ Publish මත ක්ලික් කරන එකයි.


ඔන්න ඕකයි වැඩේ..! ඔබට ජය!
කරන්න අමාරු නම් මං උදව් කරන්නම්, මොකද මේක පරිගණක උදවු නේ.. :D 

Sajith Harshana © පරිගණක උදවු


0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්