iPhone lock කඩමු

සොයන්න

26.11.11

විශේෂ ස්තුතිය Nickol වෙත.

අද මම ඔයාලට කියල දෙන්න හදන්නෙ iOS 5.0, 4.3.5, 4.3.4 ජේල්බ්‍රේක් කරගන්නා අකාරයයි.


මේ සදහා පහත ආම්පන්න ටික අවශ්‍යවෙනවා.


[මූලාශ්‍රය]( http://greenpois0n.com/ )

පළමු පියවර.
ඔබගේ අයි උපාංගය (iPhone, iPod, iPad) USB කේබලය හරහා පරිගණකයට සම්බන්ධ කරගන්න. පසුව උපාංගය ක්‍රියා විරහිත (off) කරන්න.


දෙවන පියවර.
Greenpois0n මෘදුකාංගය විවෘත කරගන්න.

තෙවන පියවර.
ඉන්පසු "jailbreak" විධානය තෝරන්න.

හතරවන පියවර.
මේ පියවරෙදී jailbreak වීම සිදුවේ. මෙම අවස්ථවෙදී ඔබගේ iඋපාංගයේ තිරය සුදු පැහති වන්නේනම් මෙම මෘදුකාංගය ඔබගේ උපාංගයේ නිසි අකාරව ක්‍රියා කරයි. මෙම පියවරෙදී ඔබට මදක් ඉවසීමට සිදුවේ.

පස්වන පියවර.
ටික වෙලාවකින් පසුව Greenpois0n මෘදුකාංගය මගින් "Complete" යැයි විධානයක් දිස් වෙයි. දැන් ඔබගේ උපාංගයට දත්තා ගබඩා වන අයුරු ඔබගෙ උපාංගයේ තිරයෙන් බලාගත හැකිය.

හයවන පියවර.
දත්ත ගබඩා කිරිමෙන් අනතුරුව ඔබගේ උපංගය ක්‍රියා කරවන්න. දැන් සාර්ථකව ඔබගේ උපාංගය jailbreak වී අවසානයි.

ක්‍රියා නොකරන්නේනම් නැවත පළමු පියවරේ සිට කරන්න. බොහෝ අයට මෙය පළමු අවස්ථාවේදීම ක්‍රියා නොකරයි. නමුත් දෙවන හෝ තුන්වන අවස්ථාවේදී නිසි අකාරව ක්‍රියාත්මක වේ.




1 comments:

  • jayamendra says:
    1/10/13 3:57 PM

    version 5.1.1(9B206) iphone eka unlock karanna puluwanda me krametama.

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්