පරිගණකයෙන් වෙබ් අඩවි බ්ලොක් කරන හැටි!

සොයන්න

26.11.11

සුභ දවසක් යාලුවනේ...
අදත් ගෙයින් එලියට බහිනවා බොරු. පුදුම වැස්සක් නොවැ!!ඉතිං දැන් මං කියන්න හදන්නේ ප්‍රොක්සි හෝ රවුටර් හෝ කිසිම ඇප්ලිකේෂන් එකක් භාවිතා නොකර වින්ඩෝස්වලින් ම වෙබ් සයිට් එකක් බ්ලොක් කරගන්නා හැටි. මං ඊයේ මුළු රෑම මේකේ ඩොක් ටික පීරලා බැලුවා. එක යාලුවෙක් ඩොක් එකක් දාලා තිබුණා ෆේස්බුක් බ්ලොක් කරන ක්‍රමය ගැන කියලා. මං මේ කියන්නේ පැහැදිලිව තමන්ට ඕනෑම වෙබ් සයිට් එකක් හෝ කිහිපයක් බ්ලොක් කරගන්නා ක්‍රමය. මං දන්න තරමින් බොහෝ පාසල්වල හා පරිගණක අධ්‍යාපන ආයතනවල සර්වර් මගින් සමහර වෙබ් අඩවි බ්ලොක් කරලා තියෙන්නේ මේ ක්‍රමයෙන්. මේ ක්‍රමයෙන් බ්ලොක් කරපු වෙබ් සයිට් අන්‍බ්ලොක් කරගන්නත් පුළුවන්. ඇත්තම කියනව නම් මාත්එහෙම පණ්ඩිත වැඩක් කරන්න ගිහිං අපේ ක්ලාස් එකේ සර් කෙනෙක්ගෙන් බැනුමකුත් අහගත්තා.. Hikzz :D ඉතිං මේ පෝස්ට් එක දැම්මා කියලා තවත් සර්ලාගෙන් බැනුම් අහන්න වෙයිද දන්නේ නෑ.

ඒ වගේම අයියලාට හොරෙන් ෆේස්බුක් රිංගන නංගිලාගෙනුත් බැනුම් හම්බවෙයි. :D
කමක් නෑ නොදන්න අයට දැන්ගන්න මෙන්න දැම්මා පෝස්ට් එක.

එහෙනම් දැන් කියෙව්වා ඇති වැඩේට බහිමු! මෙන්න ක්‍රමය,මුලින්ම  අදාල පරිගණකයට ඇඩ්මිනිස්ට්‍රේටර් මගින් හෝ ඇඩ්මිනිස්ට්‍රේටර් ලෙස සකසා ඇති වෙනත් යූසර් එකවුන්ට් එකකින් ලොග් වෙන්න ඕනේ. ඊළගට මෙම පාත් එක දිගේ යන්න. C > Windows > System 32 > drivers > etc

මෙම etc ෆෝල්ඩර් එක ඇතුලේ තියෙන hosts කියන ෆයිල් එක Note pad හරහා විවෘත්ත කරගන්න.

එතකොට මෙන්න මෙහෙම දකින්න ලැබේවි.

# Copyright (c) 1993-1999 Microsoft Corp.
#
# This is a sample HOSTS file used by Microsoft TCP/IP for Windows.
#
# This file contains the mappings of IP addresses to host names. Each
# entry should be kept on an individual line. The IP address should
# be placed in the first column followed by the corresponding host name.
# The IP address and the host name should be separated by at least one
# space.
#
# Additionally, comments (such as these) may be inserted on individual
# lines or following the machine name denoted by a '#' symbol.
#
# For example:
#
#      102.54.94.97     rhino.acme.com          # source server
#       38.25.63.10     x.acme.com              # x client host

 127.0.0.1       localhost

දැන් මෙන්න මේ localhost කියන තැනට පහලින් අලුත් පේළියක් අරන් ඔයාලට බ්ලොක් කරන්න ඕන වෙබ් සයිට් එක මේ විදියට ටයිප් කරන්න.

127.0.0.2       www.****.com

උදා :- 127.0.0.2.       www.yahoo.com

තවත් වෙබ් සයිට් එකක් බ්ලොක් කරන්න ඕනෙ නම්,

127.0.0.3       www.****.com මේ විදියට අවශ්‍ය වෙබ් සයිට් පහලින් පහලට 127.0.0.4 , 5, 6 ආදී ලෙස ටයිප් කර ඉස්සරහින් අදාල වෙබ් සයිට් එකේ නම් ටයිප් කරන්න. 

දැන් මේක මේ විදියටම සේව් කරන්න. මං මුලදී ඇඩ්මිනිස්ට්‍රේටර් විදියට ලොග් වෙන්න කිව්ව හේතුව මෙන්න මේකයි. මොකද ඇඩ්මිනිස්ට්‍රේටර් විදියට ලොග් වුණේ නැත්නම් අපි මේ වෙනස් කරපු ෆයිල් එක සේව් වෙන්නේ නෑ. 

හරි! දැං ඉතිං ඔයාලගේ ඕනෑම වෙබ් බ්‍රව්සර් එකකින් බ්ලොක් කරපු වෙබ් සයිට්වලට ගිහින් බලන්නකෝ. වැඩ කරන්නේ නෑ නේද!

මේ ක්‍රමයම ආපස්සට ගිහින් කවුරුහරි බ්ලොක් කරපු වෙබ් සයිට් අන්බ්ලොක් කරගන්නත් පුළුවන්. කරන්න තියෙන්නේ ඇඩ්මිනිස්ට්‍රේටර් ලොග් වෙලා මේ hosts ෆයිල් එක Notepad මගින් ඕපන් කරලා බ්ලොක් කරපු වෙබ් සයිට් එකට අදාල පේළියම මකා දමන එක. ඉන් පසු සේව් කරන්න.එහෙනම් මං ගිහින් එන්නම්............ 


0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්