Facebook "Subscribe" පහසුකමෙන් ඔබ නිසි ප්‍රයෝජනය ගන්නවාද!

සොයන්න

23.11.11


මෑතක් වන තුරුම, ඔබේ News Feed (Home) එකෙහි දර්ශනය විය යුත්තේ කවුරුන් විසින් පල කරන කුමන තොරතුරු දැයි තෝරා දීම අපහසු කාර්යයක් විය. සමහර විට ඔබේ සොයුරා ෆේස්බුක් ක්‍රීඩාවක නිරත වන හැම වරම එය ඔබේ news feed එකෙහි දර්ශනය වීමේ අවශ්‍යතාවක් ඔබට නොතිබුණා විය හැකිය. එසේත් නැත්නම් ඔබ ඔබේ සමීපතම මිතුරන්ගේ තොරතුරු එහි දැකීමට වැඩි කැමැත්තක් දැක්වූවා විය හැකිය.

එමෙන්ම වාර්තාකරුවන්, කලාකරුවන්, දේශපාලනඥයන් වැනි ඔබ පුද්ගලිකව නොහඳුනන එහෙත් ඔවුන්ගේ තොරතුරු දැනගැනීමට උනන්දු වුවත් ඒ සඳහා ඍජු ක්‍රමයක් මින් පෙර නොතිබුණි.

Subscribe බොත්තම සමග, ඉහත කාර්යයන් දෙකම පහසු වී තිබෙනවා.

දැන් මෙය ඔබේ මිතුරන්ගේත් වෙනත් පුද්ගලයන්ගේත් ප්‍රොෆයිල් වල උඩින් ඔබට දර්ශනය වනු ඇති. ඔබට මෙය පහත දේ සඳහා භාවිතා කළ හැකියි.

  1. News Feed එකෙහි ඔබට දර්ශනය විය යුතු දේ තේරීම
  2. ඔබේ මිතුරු ලැයිස්තුවේ නොමැති අයගේ වුවද තොරතුරු News Feed එකෙහි දර්ශනය කිරීම
  3. ඔබේ මිතුරු ලැයිස්තුවේ නොමැති අයට වුවද ඔබේ public updates ඔවුන්ගේ news Feed තුළට ලබාගත හැකි ලෙස සැකසීම

01. News Feed එක තුළ ඔබට දර්ශනය විය යුතු දේ තේරීම

ඔබට දැනටමත් ඔබේ මිතුරන්ගේ පෝස්ට් පිළිබඳ තොරතුරු ඔබේ News Feed එකට ලැබේ. Subscribed බොත්තම සමග, ඔබට ඔවුන්ගෙන් දර්ශනය විය යුතු දේ තීරණය කළ හැකියි.


  • All updates: ඔබේ මිතුරා පෝස්ට් කරන හැමදේම
  • Most updates: ඔබට දැනටමත් සාමාන්‍යයෙන් දර්ශනය වන ප්‍රමාණය
  • Important updates only: නව රැකියාවක් වැනි සුවිශේෂී වෙනස් කිරීම් පමණක්

එසේම ඔබට දර්ශනය විය යුතු updates වර්ග ද තීරණය කළ හැකියි.  උදාහරණයක් ලෙස එක් මිතුරෙකුගන් ඡායාරූප පමණක්, තවත් අයෙකුගෙන් ක්‍රීඩා පිළිබඳ විස්තර පමණක් හා තවත් අයෙකුගෙන් කිසිවක් දර්ශනය නොවන ලෙස ආදී වශයෙන් සැකසිය හැකියි. 

මෙසේ තේරීම අත්‍යාවශ්‍යම නොවේ. ඔබට දැනට පෙනෙන දේ වෙනස් කිරීමට අවශ්‍ය නම් මෙම බොත්තම නොසලකා හරින්න. 


02. ඔබේ මිතුරු ලැයිස්තුවේ නොමැති අයගේ වුවද තොරතුරු News Feed එකෙහි දර්ශනය කිරීම

ඔබට ඔබේ මිතුරෙකු නොවන එහෙත් ඔබ තොරතුරු දැනගැනීමට උනන්දු අයෙකුගේ ප්‍රොෆයිල් එකේ ඉහළ Subscribe බොත්තමක් පෙනේ නම් ඉන් අදහස් වන්නේ ඔබට ඔහුගේ Updates මිතුරෙකු බවට පත් නොවීම ඔබේ news feed එකට ලබාගත හැකි බවයි. එය පහසුවෙන්ම ඔබට Subscribe මත ක්ලික් කිරීමෙන් කරගත හැකිය.

මිතුරු ලැයිස්තුවේ මිතුරන්ට සේම මෙවැනි අයගෙන්ද දර්ශනය විය යුත්තේ කුමන දේදැයි තේරීම ඔබටම කළ හැක.


03. ඔබේ මිතුරු ලැයිස්තුවේ නොමැති අයට වුවද ඔබේ public updates ඔවුන්ගේ news Feed තුළට ලබාගත හැකි ලෙස සැකසීම

ඔබේ Public updates ඔබ ඔබේ මිතුරන් නොවන අයට වුවද දැන ගැනීමට ඉඩ හරිනු කැමති නම්, ඔබට ඔබේ ප්‍රොෆයිල් එකට subscribe බොත්තමක් ලබා ගත හැකිය. මෙසේ subscribe වන අයට ඔබ Public ලෙස පල කරන දේ ඔවුන්ගේ news feed තුළ බලාගත හැකි වේවි. මෙය මුලුමණින්ම ඔබ විසින්ම තේරිය යුතු විකල්පයකි. 

ඒ සඳහා පහත ලින්ක් එකෙන් Subscribe බොත්තම සක්‍රිය කළ හැක. (දැනට කර නැතිනම්)


ඔබ විසින් මෙසේ subscribe වීමට වෙනත් අයට අවසර දුන් පසු, ඔබට ඔවුන්ගෙන් comment කළ හැකි අය, ලැබෙන notifications ආදිය තෝරා දිය හැක.


එසේම ඔබ ගැන තොරතුරු දැනගැනීමට කැමති අය කවුරුන්ද යන්න ඔබේ profile එකට ලැබෙන subscribers tab එක තුළින් දැකගත හැකි වනු ඇති. එසේම අවශ්‍ය Settings වෙනස් කරගැනීමද, ඔබේ Subscribers List එක දර්ශනය විය යුත්තේ කාහටද යන්නද සැකසීම මෙතැනින් සිදු කළ හැකිය.

(Zach Rait විසින් Facebook Blog අඩවියට ලියූ ලිපියක් ඇසුරින් සිංහල පරිවර්තනය Kinith Hettiarachchi විසිනි)


0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්