ඉංග්‍රීසි දැනුම වැඩි කර ගනිමු...

සොයන්න

22.11.11

මේක මං පෝස්ට් කරන්න හිතුවේ පහුගිය දවස් වල අපේ ගෘප් එකේ සාමාජිකයො ගොඩක් ලැන්ග්වේජ්-එඩියුකේශනල් සොෆ්ට්වෙයා රික්වෙස්ට් කරල තිබ්බ නිසා..
English – Sinhala ඩික්ශනරීස් ( උදා: මලලසේකර )සහEnglish – English ඩික්ශනරීස්( උදා: ඔක්ස්ෆර්ඩ් ) අපි අතර ජනප්‍රිය ඩික්ශනරීස් වර්ග කීපයක්...

ඒත් Thesaurus / Glossary  කියන ඩික්ශනරි වර්ගය(ඇත්තටම ඩික්ශනරියක් කියලා හඳුන්වන්න අමාරුයි ) ගැන අහල තියද? ගොඩක් අය අහල නැතිව ඇති...

දන්නෙ නැති අයට කියනවනම් මූලිකව තෙශෝරස් එකක් කියන්නෙ යම් වචනයකට සමාන වචන සොයා ගන්න පාවිච්චි කරන දෙයක්...


මේ මං  අඳුන්වල දෙන්න යනදේ ගැන සමහර අය දන්නවත් ඇති.. එහෙම නැත්නම් පාවිච්චි කරනවත් ඇති...කොහොම උනත් කමක් නැහැ...
මේ ගැන නොදන්න, ඒ වගේම ඉංග්‍රීසි භාෂාව ගැන උනන්දු වෙන ඒකෙන් ලියකියවිලි හදන අයට මේ පොඩි සොෆ්ට්වෙයා එක වැඩක් වෙයි ලියලා මට හිතුණා... මමත් අවුරුදු හතරක් තිස්සෙ පාවිච්චි කරන රිලයබල් සොෆ්ට්වෙයා එකක්...

මේකෙ විශේෂ වාසි කීපයක්ම තියෙනවා ... සමහර ඒවා ඩික්ශනරි සොෆ්ට්වෙයා එකක පවා නැති..
1. යම් ඉංග්‍රීසි වචනයකට සමාන වචන සොයාගැනීමට හැකිවීම.
2.යම් ඉංග්‍රීසි වචනයකට විරුද්ධ වචන සොයාගැනීමට හැකිවීම.
3.යම් වචනයක නිවැරදි ශබ්දෝච්චාරණය ඉගෙනීමට හැකි වීම.
4.යම් වචනයක් සඳහා තේරුම දැන ගැනීමට හැකිවීම සහ පරිගණකයේ දැනට ඉන්ස්ටොල් කර ඇති වෙනත්  ඩික්ශනරීස් වලටද මේ ඔස්සේ පිවිස තේරුම සංසන්දනය කර බැලිය හැකි වීම.
5.පෝට්බල සොෆ්ට්වෙයා එකක් ලෙස රිමුවබල් ස්ටොරෙජ් ඩිවයිස් එකක වුවද ඉන්ස්ටොල් කළ හැකි වීම..

මේ ලින්කෙකෙට ගිහින් ට්‍රයල් එකක් විදියට බා ගන්න...


ඉන්ස්ටොල් වීම අවසානයේ ක්වික් ලෝන්ච් අයිකනයක් ලෙස( කුඩා ඩබ්ලිව් අකුරක්) ලැබේ. එය ක්ලික් කර සොෆ්ට්වෙයා එක වෙත යා හැක.


භාවිතයේදී වැදගත් කරුණු:
1. මෙය ට්‍රයල් එකක් බැවින් ඉන්ස්ටොල් කිරීමෙන් යම් කාලයකට පසු  එක්ස්පයර් විම දන්වන පණිවුඩයක් ලැබීමට ඉඩ ඇත.. එහිදී මෙය දැනට යුස් කරන්නේ හෝම් යුසර් කෙනෙක්ද යන්න පරික්ශාවට ප්‍රශ්නයක් අසනු ලැබේ. බොහෝ විට අහන්නේ..
"How many times do u regularly fly with in a year?"යන්නයි..
මීට සිලෙක්ට් කළ යුත්තේ" I do not fly" යන්නයි.. ඉතිරි විකල්ප දෙක තේරුවොත් ආයෙත් සොෆ්ට්වෙයා එක ඉන්ස්ටොල් කිරීමට සිදුවේ. එම නිසා ඉහත පිළිතුර දීමෙන් ට්‍රයල් එක දිගටම භාවිත කිරීමේ වරම ලැබේ.

2. ඉන්ස්ටොල් කරගෙන යාමේදි අවශ්‍ය නම් පොටබල් ඇප්ලිකේශන් එකක් ලෙස ඉන්ස්ටොල් කිරීමට ලැබෙන ඔප්ශන් එක සිලෙක්ට් කර ඉන්ස්ටොල් කිරීමට අවශ්‍ය ලොකේශන් එක සිලෙක්ට් කළ හැක.

3.ඉන්ස්ටොල් කිරීමේදී අවසාන භාගයේ තමන් භාවිත කරන ඉංග්ලිශ් ලැංග්වේජ් රීජන් එක විමසනු ලැබේ.එහිදී  සිසුන් වශයෙන් අප බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි අනුගමනය කරන නිසා සිලෙක්ට් කළ යුත්තේ "Britain" යන්නයි. කෙසේ වුවත් මෙය පසුව වුවද වෙනස් කර ගත හැක.

මෙය සරල මෘදුකාංගයක් නිසා මෙහි වැඩි විස්තර අඩංගු කර නැත. ගැටළු ඇතොත් විමසන්න..


0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්