පින්තූර ඇතුලෙ ෆයිල් හැංගිලි

සොයන්න

26.11.11

ඔන්න අද කියල දෙන්නෙ ඔයාල‍ගෙ යම් යම් පණිවිඩ හා ෆයිල් අහිංසක පින්තූර (JPG)ඇතුලෙ හංගන්නෙ කොහොමද කියල... මේක කලාට පස්සෙ පින්තූරෙ double click කලාම පින්තූරේ පෙන්වන අතර right click කරල RAR වලින් ඕපන් කලොත් ඒක ඇතුලෙ තියෙන ෆයිල් එක පිටතට Extract කර ගන්න පුලුවන්... ෂෝක් නේ.. දැන් බලමු ඔය වැඩේ කරන්නේ කොහොමද කියල..
මේකට අවශ්‍ය වෙන්නේ WinRARවිතරයි. 
1. පළමුවෙන්ම ඔයාට පාවිච්චි කරන්න ඕන පින්තූරය(JPG) එක තෝරගන්න. (මේ උදාහරණයේ ඒ පින්තූරෙ නම hidefiles.jpg)

2. පස්සෙ ඔයාට හංගන්න ඕන ෆයිල් එක තෝරගන්න (අපි හිතමු TXT ෆයිල් එකක් කියල)

3. දැන් ඔය දෙකම එකම ෆෝල්ඩර් එකක දා ගන්න. (උදාහරණයේ ලොකේෂන් එක -C:/hide )


4. දැන් හංගන්න ඕන එක තෝරලා රයිට් ක්ලික් කරලා Add to archive දීල, නමක් (මේකෙදි අපි my_secret.rar කියල නමක් දෙනව හො‍ඳේ) දෙන්න. දීල OK කරන්න. දැන් RAR ෆයිල් එකක් හැදුනනේ. (ඒකේ නමmy_secret.rar)

5. දැන් command promptගිහින්ඔයාගේ ෆයිල් එක දාපු තැනට cmdඑකෙන් යන්න.. (උදාමේ උදාහරණේ හැටියට cd c:/hide) (ඔයාලගේමේක වෙන තැනක් නම්cdටයිප් කරලඩ්‍රයිව් එකේ නම/ෆෝල්ඩර්_1/ෆෝල්ඩර්_2/ෆෝල්ඩර්
_3)
(cd c:/program files/……/…../……)වගේ

6. දැන් පල්ලෙහා තියෙන කමාන්ඩ් ලයින් එක ගහල Enter ඔබන්න.
සැ.යු - ඔබ මෙය කිරිමේදී මෙහි hidefiles.jpg ෆයිල් එකේ නම වෙනුවට ඔබගේ JPG එකේ නම යොදන්න.

copy /b hidefiles.jpg + my_secret.rar secretimage.jpg

දැන් ඔබට cmd එකේ ෆයිල් එකක් කොපි වූ බව දන්වනු ඇත. දැන්Cmd එකෙන් පිට වන්න.

දැන් වැඩේ හරි, දැන් ඔයා අර ඔයාගෙ ෆයිල් ටික දාපු තැනට ගිහින් බලන්න secretimage.jpg කියල පින්තූරයක් ඇති. ඒක ඕපන් කලාම සාමාන්‍ය පින්තූරෙ තමා පෙන්නන්නේ. ඒත් ඒක රයිට් ක්ලික් කරල RARවලින් ඕපන් කලාම අර අපි ඉස්සෙල්ල හංගපු ෆයිල් එක තියෙනව නේද ??? හි හි...

දැන් කස්ටිය මගෙන් අහන්න එපා මොනවද අපි හංගන්නෙ කියල.. ඕන එකක් හංගගන්න.


1 comments:

  • pasindu says:
    14/1/12 5:57 PM

    5,6 karana heti therenne ne ne

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්