හැමදාමත් හැකර්ලට බයේ ඉන්න පුළුවනැයි

සොයන්න

24.11.11

                                           

සුබ දවසක්! යාළුවනේ, කොහොමද ඔයාලට මම නම් මේ දවස්වල පොඩි කේස් එකකට ගොඩක් හිර වෙලා, යන එන මං නැති වෙලා ඉන්නෙ :D, හරි අවුලක් නෑ....ඒත් ඔයාලට නොදන්න දෙයක් කියලා දෙන එක වටිනවා කියලා හිතුනා, මේ දවස්වල පොඩ්ඩක් නෙට් එකට ගිහින් බැළුවොත් හැකර්, හැක්ර්, හැකර්, (අනේ අයියෙ මගේ අකවුන්ට් එකත් හැක් කොරලා) මල කෙලියයි, මේ වගේ සීන් තමයි අහන්න වෙන්නේ, මමත් හැකර කියලා දාලා තිබ්බට බය වෙන්න එපා, හරි මම ඔවා ගැන අකුරක්වත් දන්නෙ නෑ :D, ඉතින් ඔය කියන හැකර් කාරයන්ගෙන් බේරෙන්නත් එපැයි, ඒකට එහෙම නැතුව බැනෙ, මුන් අපි යන යන තැනට නිකන් පිස්සු බල්ලො වගේ පස්සෙන් එනවනේ, බුදු අම්මෝ, පිස්සු බල්ලො නම් මතක් කරන්න එපා කියයි, ඒ දැන් පිස්සු බල්ලොක් කාපුවහම බෙහෙත් 21ක්ද කොහෙද විදිනවා නේද, හැබැයි හැකර් කෙනෙක් ගේමක් දුන්නෙත් මෙයිව හපං වෙන්න පුළුවන්.......


මේ දවස්වල අහින්සක පොරකට Facebook Account එකක් වත් තියාගන්න විදිහක් නැනෙ, ඒකත් මේ ගොන් හැත්ත හැක්ක කරන්න තමයි හදන්නෙ, දුක තමයි, ඔයාලට මතන ඇති මම කලින් පොස්ට් එකක් දැම්මා [ෆේස්බුක් මුර කිරීම (කාටවත් Hack කරන්න බැරි වෙන්න)] කියවපු අයට නම් තමක ඇති, තාමත් කියවන්න බැරි උනා නම්, ඔය ලින්ක් එකේ ක්ලික් කරලා ඒක කියවලා බලන්න....මේ ලිපිය පොස්ට් කරලා ටික කාලයක් යදින් මාක් මාමා පොඩි ගේමක් දුන්නා එහෙම මතක ඇති ඒ Facebook එකේ Privacy Setting එක කනපිට පෙරලුවා, ඒක නම් මාර ප්‍රශ්නයක්, ඒ අදටත් කලින් Setting වල තිබ්බ දේවල් හොයාගන්න නැති වීම, ඒ වගේම තවත් අප්ඩේට් එකක් එනවා, ඒක නම් දාම නැ, අද හෙටම බලන්න පුළුවන් වෙයි.....

ඔයාලා දන්නවා ඇති නෙ, Windows ලගෙ, Hotmail, Live Email හැක් කොරන්න බැරි විත්තිය, ගොඩක් දෙනෙක් දැන් මේ හැකර් බයිලා කේස් නිසා Gmail වලින් ඈත් වෙලා Hotmail වලට මාරු වෙලා, ඔව් ඉතින් ඒකෙත් ඇති වරදුකුත් නෑ, හැමදාම හැක් වෙන්නෙ Yahoo සහ Gmail ඊ-මේල් තියෙන Account, ඒත් අපි බ්ලොග් එකක් හැදුවා කියන්න, මේක හැක් කලොත් එහෙම මොනවා කරන්නද, මොකද හැක් කරපු කෙනෙක් Security Question එකටත් ගේම දුන්නොත් බ්ලොග් එකෙනුත් වැඩක් වෙන්නෙ නෑ....ඒකටත් සොරි.කොම්....

Facebook Hacking වලින් බේරෙමු......Gmail Hacking වලින් බේරෙමු.....Add-on එකකින් පුර්ණ ආරක්ෂාවක්.....සම්පුර්ණ පරිගණකයටම Zemana AntiLogger ආරක්ෂාවක්.....

ඇවිත් කියවන්න, http://pariganakalipi.blogspot.com

                                         

හිතන්න අපි වැඩියෙන්න භාවිතා කරන්නෙ Google සමාගෙන් අපිට ලබාදෙන පහසුකම්, ඔයාල දන්නවා ඇති ලෝකෙ දැනට වැඩියෙන්ම තියෙන්නෙ Gmail Account..ඒත් මේ මෑතක් වෙනකම් මේවා හැකින් තරජනයට ගොදුරු වෙමින් තිබුනා, ඒ නිසා Email එකක් බේරගන්න ගොඩක් අමරු උනා, ඒත් Facebook Account වල Login Approve තියෙනවා කියලා ඔයාල දැනටමත් දන්නවා ඇති, මම ඔයාලට කලින් ලියපු ලිපියෙ ඒ ගැන තිබ්බා, ඔයාගෙ Email එකේ Username සහ Password දෙකම දැනගත්තත්, ඔයා Recognize Device එකක් විදියට ලබා නොදුන්, එනම් පිටස්ථර අයෙකු අතුළුවෙන්න හැදුවොත් ඔයා කලින් ඇතුලත් කරලා තිබ්න Phone නම්බර් එකට Code එකක් එනවා, ඔයාගෙ ෆෝන් එක තියෙන්න ඔයාගාව විතරයිනෙ, ඒ නිසා එයාට ඒ කොඩ් එක ගන්න විදිහක් නෑ....ඒ කියන්න ඔයාට ඊ-මේල් එකට ලොග් වෙන්න බෑ......මෙන්න මේ සේවාන සහ තවත් අමතර සේවාවක් Gmail වලටත් ලබාදී තිබෙනවා......

අපි බලමු කොහොමද මෙය verification කරගන්නෙ,

01) මුලින්ම ඔයාලගෙ Gmail එකට ලොග් වෙන්න....http://www.gmail.com                                                                                       
02) Account Setting යන්න....  

                                        
03) බලන්න, Personal Settings වල Security යටතේ Option තුනක් තියෙනවා, එවායින් Using 2-step verification උඩ ක්ලික් කරන්න.....

                                              

04) Protect your account with 2-step verification ලෙස, අලුත් මුහුනුවරක් දකින්න පුළුවන් වේවි, එහි තිබෙන Start Setup >> බට්න් එක ක්ලික් කරන්න......                                             

05) බලන්න, තවත් අලුත් පිටිවට මෙහෙම ඇති (Choose how you'd like to get verification codes — in a text message (SMS) or voice call, or from an application on your smartphone.) ඒ වගේම පහතින් තියෙනවා List Box එකක්, ඒක ක්ලික් කරලා බලන්න, Option 2ක් තියෙනවා, Text message (SMS) or voice Call සහ Smartphone Aplication මේ දෙකහි Smartphone Aplication වලින් Android, Black berry, iPhone තියෙනවා දකින්න පුළුවන්, ඒත් ඉතින් අපිට කොයිද? ඕවා....තියෙක කට්ටයම අප්ලිකේෂ්න එක දාගෙන verification කරගන්න පුළුවන්, ඒත් ඔය නොදන්න ඒවා කරන්න ගිහින් අමාරුවෙ වැටෙන්න ඕනෙ නෑනෙ, හි හි....Text message (SMS) or voice Call හොදටම ඇති, එය Select කරන්න.....

                                                 

06) ඔයා ඉන්න Country එක තොරලා, (Sri Lanka) ඔයාගෙ Phone Number එක දෙන්න....ඒ වගේම පහතින් තියෙනවා, Send codes by: SMS සහ Voice Call ඔයාට කැමති එකක් තොරගන්න පුළුවනි, Voice Call එකක් ගත්තට කමක් නෑ ගූගල් අක්කා කියන ඒවා ඔයාට තේරෙනවනම් විතරක් :D, මම SMS තේරුවා, පසුව Send Code බට්න් එක ක්ලික් කරන්න......

07) ඔයාගෙ Mobile Phone එකට, ටිකක් අමුතු Number එකකින් verification code එක ඇවිත් ඇති, Enter the code you receive on your phone යන්නට පහතින් ඇති Text Box එකට Code එක ලබා දෙන්න, පසුව දකුනු පසට වෙන්න තිබෙන Verify බට්න් එක ක්ලික් කරන්න.....ඉන් පසුව Next බට්න් එක ක්ලික් කරන්න

08) අප්පට සිරි, ඔයාලා දන්වා නේද Facebook එකෙත් Login Approve දාලා තිබ්බොත් Phone එකට කොඩ් එන කොඩ් එක නැතුව ලොග් වෙන්න විදිහක්, නෑ...කරුමෙට වත Phone නැති උනොත්, දුක තමයි මොනවා කරන්නද? ඒත් Gmail එකෙන් ඔයාලට එහෙම කරලා, Phone එක නැතිඋනොත් ඔයාට Account එකට Log වෙන්න, Backup verification codes එකක් ලබා දෙනවා, ඒක සුරැකිව තියාගන්න අවශ්‍යයි, මේ වින්ඩෝ එකේ තියෙන්නෙ එයට අදාල Setting සකසාගැනීමට, මෙහි ද Next බට්න් එක ක්ලික් කර ඉරිදි පියවරට යොමු වෙන්න.....                                         

                                                  

09) දැන් බලන්න ඔයාට Backup verification codes 10ක් දැකගන්න පුළුවන්, ඔයාගෙ Phone එක නැති උනොත් එහෙම මේ කොඩ් වලින් ඔයාට ඔයාගෙ Gmail Acess කරන්න පුළුවන්, ඉතින් මේ කොඩ් ටික අපි තියාගන්න ඕනෙ, අනිවා, කවදා මොනවා වෙයිද කවුද දන්නෙ :P, බලන්න Button දෙකක් තියෙනවා, Print Code සහ Save to text file ඔයාට කැමති විදියක් Priter එකක් තියෙන අය Print එකක් ගන්නත් Save කරගන්නත් පුළුවන්, ඒත් priter එකක් නැත්නම් අපි text එකක් විදිහට Save කරලා තියාගමු අවුලක් නෑ......Save to text file බට්න් එක ක්ලික් කරන්න.....කොම් එකේ Download Forder එකට, Backup-codes එක ඇවිත් ඇති, ඒක ඔයාට කැමති පාර්ටිෂන් එකකින් තියාගන්න OS එකක් නැති එකකින්, නිතර ෆෝමැට් නොකරන පාර්ටිෂන් එකකින්....මීලග පියවරට යොමු දීමට Next බ්ට්න් එක ක්ලික් කරන්න...

                                              

10) අපි දැන් ඇවිත් ඉන්න මෙහි අවසන් පියවරට, Turn on 2-step verification බට්න් එකක් තියෙනවා ඔයාලට පේනවා ඇති, ඒක ක්ලික් කලාම, ඔයා ස්වයංක්‍රීයවම ඔයා signed out  වෙනවා, ඉන්පසු අපිට තියෙන්න අපි කලින් පියවරවල් වලින් සිදුකරගත් ක්‍රියාව අත්හදා බලන්න.....

                                             

Gmail එකේ Usename සහ Password ලබාදී Signe In වෙන්න බලන්න,

                                              

 Enter the verification code sent to your phone number සමගින් Enter code: ලෙස Text Box එකක් ලැබිලා ඇති, Phone එකට ආපු කොඩ් එක මෙතනට ලදා දෙන්න, වැදගත් - [ Remember this computer for 30 days (ඔයා මෙය ඉදිරෙන් තිබෙන හරි ලකුන යෙදුවොත් ඔයා ලොග් වෙන මේ බ්රව්සර් එක Gmail එකෙන් දින 30 ගතවෙනකම් මතකයේ තබාගන්නවා, ඒ නිසා ඔයා පිටස්තර යාළුවොකුගෙ හො Internet Cafe එකකින් ලොග් වෙනවා නම් මේ හරි ලකුන නොදමා ලොග් වෙන්න වග බලාගන්න, අමතක වීමකින් හරි එහෙම ලොග් උනොත් කොම් එකේ Cookies file Delete කරන්නවත් මතක තියාගන්න....)] කොඩ් එක ලබා දුන්න නම් Verify බට්න් එක ඔබන්න,

                                              

දැන් ඔයාගෙ Email එකට ලොග් වෙලා පහත වින්ඩොවත් දකින්න ලැබෙයි Setup complete. 2-step verification has been turned on for this account.
                                               

දැන් ඔය උඩ තියෙන Gmail යන්න ක්ලික් කරලා Account එකට ලොග් වෙන්න, වැඩේ හරි...:D                                               


0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

There was an error in this gadget

PCWorld නවතම පුවත්