Torrent ගැන සම්පූර්ණ පාඩමක්!

සොයන්න

26.11.11

කොහොමද යාලුවනේ.... ඔන්න අදත් ආවා පොඩි කරුණු ටිකක් අරන්.
මේ මාතෘකාව ගැන කතාකරන්න හිතුවේ විශේෂයෙන්ම අපේ සමූහයේ යාළුවෝ සමහර අයට ටොරන්ට් ගැන නිවැරදි දැනුමක් නෑ කියලා මට හැගුන නිසා. ඒක මං කිහිපතැනකදිම දැක්කා. 
අනිත් එක අලුතින් එන යාලුවෙක් වුණත් ඇහුවොත් ටොරන්ට් එකෙන් වැඩ කරන්නේ කොහොමදකියලා... කොහොමද ඒක තේරෙන විදියට කෙටියෙන්ම කියන්නේ?..... දැන් මෙන්න තියෙනවා සම්පූර්ණ පාඩම. ලින්ක් එක අරන් ගිහින් අලවන්නයි තියෙන්නේ :D

මේ දැනුම මට ලබාගන්න උපකාරී වුණේ අපේ බයිස්කෝප් වෙබ් අඩවිය සහ විකිපීඩියා විශ්වකෝෂය.

හරි! තවත් අනං මනං නැතුව කෙලින්ම කතාවට බහිමු. 'අ'යන්නේ ඉදලම පටන් ගන්නම්කෝ...


ටොරන්ට් කියන්නේ අන්තර්ජාලයෙන් ලිපිගොනු ඩවුන්ලෝඩ් කරගැනීමට භාවිතා කරන කුමවේදයක්. මේක සාර්ථකම ක්‍රමවේදයක් බවට පත්වෙන්නේ මෙන්න මේ හේතු නිසා -

1. ටොරන්ට්, ඕනෑම පරිගණකයක භාවිත කළ හැකි වීම.

2. කිසිදු ආකාරයක මුදල් අයකිරීමක් ටොරන්ට් හරහා සිදු නොවීම.

3. කුඩා ප්‍රමාණයේ සිට ඉතාම විශාල ප්‍රමාණ දක්වා ගොනු බාගත හැකි වීම.

4. ඩවුන්ලෝඩ් වන අතරතුරදී අන්තර්ජාල සම්බන්ධතාවයට හෝ පරිගණකයට හෝ සිදුවන අඩාලවීමකදී, ඒ වන තෙක් ඩවුන්ලෝඩ් වූ ප්‍රමාණය සුරැකී තිබීම හා ඕනෑම අවස්ථාවක ඉන් ඉදිරියට ඩවුන්ලෝඩ් කිරීම ක්‍රියාත්මක කරගෙන යාමට හැකි වීම.

5. ටොරන්ට් ක්‍රමවේදය මගින් විශාල ප්‍රමාණයක මාතෘකා ඔස්සේ කරුණු සොයාගැනීමට හැකිවීම හා පහසුවෙන් දත්ත අප්ලෝඩ් කළහැකි වීම.

ටොරන්ට් කියන එකේ සිංහල තේරුම තමයි ප්‍රවාහය කියන එක. ඇත්තටම මේක වචනයේ අර්ථයෙන්ම ප්‍රවාහයක් තමයි. දත්ත ප්‍රවාහයක්. සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි මේ ටොරන්ට් හදුන්වන්නේ utorrent කියලා. හැබැයි ඇත්තටම මේකේ නම μtottent. මේ u අකුර අපි ලේසියටයි යොදාගන්නේ. ඇත්තටම එතන තියෙන්නේ μ (micro) අකුර. micro කියන්නේ ක්ෂුද්‍ර කියන එකනේ. ටොරන්ට් භාවිතයේදී පරිගණකයේ කාර්යක්ෂමතාවයෙන් ටොරන්ට් සදහා වැය වන්නේ ඉතාම අඩු ප්‍රමාණයක්. ඒ වගේම මේ ටොරන්ට් සමග වැඩ කිරීම ඉතාම පහසු කාර්යයක්. ඒ කියන්නේ කාර්යක්ෂමතාවය, මහන්සිය වගේම මුදල් පරිහරණයත් ඉතාම අවම මට්ටමින් භාවිතා වන නිසා තමයි මේ μ (micro) කියන වචනය යොදාගෙන තිබෙන්නේ. 

මේ μtottent මුලින්ම කරළියට ආවේ 2005 අවුරුද්දේ. ඒත් මේක හරියටම සංවර්ධනය වෙලා ‍අන්තර්ජාලය ඇතුළත් කළේ 2006 දෙසැම්බර් 07 වෙනිදා Ludvig Strigeus විසින්. ඔහු ස්වීඩන් ජාතික මෘදුකාංග නිර්මාණ ශිල්පියෙක්. පසුව මෙහි අයිතිය Bittorent.Inc ආයතන වෙත භාර වුණා. දැන් එය පවත්වාගෙන යන්නේ ඔවුන් විසින්. 

මෙම μtottent මෘදුකාංගය Microsoft Windows, MAC OS සදහා සහ μtottent Server මෘදුකාංගය Linux සදහා නිර්මාණය කර තිබෙනවා. 

දැන් බලමු μtottent ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. 
මේ ටොරන්ට් ක්‍රියාත්මක වීම සදහා ප්‍රධාන සංරචක කිහිපයක් තිබෙනවා. ඒවා තමයි torrent file, torrent client, Tracker, Seeder කියන්නේ.

torrent file එකක් කියන්නේ අපිට ඩවුන්ලෝඩ් කරගැනීමට වුවමනා දත්ත සියල්ල පිළිබද විස්තර ඇතුලත් ‍ලිපිගොනුව. මේ torrent file එක තමයි අපි අන්තර්ජාලෙන් හොයලා ඩවුන්ලෝඩ් කරගන්නේ.

torrent client වලින් කරන්නේ අපි මේ ඩවුන්ලෝඩ් කරගත් torrent file එක කළමනාකරණය කරලා, ඒකේ තියෙන විස්තරවලට අනුව අදාල දත්ත ගොනුව අපේ පරිගණකයට ඩවුන්ලෝඩ් කර දෙන එක. 
torrent client කෙනෙක්ට උදාහරණ තමයි μtottent, BitTorrent මෘදුකාංග.

යම් කෙනෙක් ටොරන්ට්වලට, එයා‍ගේ පරිගණකයේ තිබෙන යම් දත්ත ගොනුවක් (අපි සිංදුවක් හැටියට ගනිමු) අඩංගු torrent file එකක් අප්ලෝඩ් කළ කියලා හිතමු. තවත් කෙනෙක් ඒ torrent file එක ඩවුන්ලෝඩ් කරගෙන ඒ සිංදුව ඩවුන්ලෝඩ් කරගන්නවා. ‍එතකොට එයා ඒ සිංදුව ඩවුන්ලෝඩ් කරගන්නේ ඇත්තටම ඒ සිංදුව කලින් තිබුණ කෙනාගේ පරිගණකයෙන්. මොකද ඒ සිංදුව තිබුණ කෙනා ඒ සිංදුව අන්තර්ජාලයට අප්ලෝඩ් කළේ නෑනේ. එයා අප්ලෝඩ් කළේ සිංදුව ගැන විස්තර තියෙන torrent file එකවිතරයිනේ. එතකොට ඒ සිංදුව ඩවුන්ලෝඩ් කරගත්ත කෙනා ඒ සිංදුව කලින් තිබුණ කෙනාගේ පරිගණකය හොයාගත්තේ කොහොමද? අන්න ඒක කරලා දෙන්නේ Tracker විසින්. Tracker විසින් කරන්නේ ටොරන්ට් එකෙන් ඩවුන්ලෝඩ් කරන අයට අදාල ෆයිල්ස් තිබෙන පරිගණක සොයා දෙන එකයි. ඒ කියන්නේ ටොරන්ට් මගින් සිදුවෙන්නේ, යම් කෙනෙක් අන්තර්ජාලයෙන් දත්ත ඩවුන්ලෝඩ් කරගැනීම නෙමෙයි, අන්තර්ජාලය හරහා වෙත් අයගේ පරිගණකවලින් දත්ත ලබාගැනීමයි.

දැන් මේ seeds කියන්නේ මොනවද බලමු. අපි කලින් උදාහරණයම ගමු. සිංදුව මුලින් තිබුණ කෙනා ඒක අදාල torrent file එක හදලා අන්තර්ජාලයට අප්ලෝඩ් කළාට පස්සේ ඒ සිංදුව වෙනුවෙන් seed 1ක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඒ සිංදුව එක්කෙනෙක් ලග තියෙනවා. දැන් ඒ සිංදුව ඩවුන්ලෝඩ් කරගත්ත කෙනාගේ පරිගණකයෙත් ඒ සිංදුව තියෙන නිසා දැන් seeds 2ක්තියෙනවා. ඒ කියන්නේ දැන් දෙන්නෙක් ලග මේ සිංදුව ටොරන්ට් එකක් හැටියට තියෙනවා. තව 100 දෙනෙක් මේක දැකලා මේ සිංදුව ඩවුන්ලෝඩ් කරගත්තොත් අර මුල් දෙන්නත් එක්ක seeds 102ක් තියෙනවා. ඒ කියන්නේ මේ seeds කියන්නේ අන්තර්ජාලයට සම්බන්ධ වෙලා ඉන්න, මෙම දත්ත ගොනුව අඩංගු වෙන පරිගණක සංඛ්‍යාවයි. මේ seedersලගෙන් තමයි කොටස් කොටස් වශයෙන් අපේ පරිගණකයට අදාල දත්ත ගොනුව බාගත වන්නේ.

හරි දැන් අපි බලමු මේ ටොරන්ට් වලින් වැඩ කරන්නේ ‍කොහොමද කියලා. 

මුලින්ම http://www.utorrent.com/downloads/complete?os=win මේකට ගිහින් μtottent මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගන්න.
ඒ ලින්ක් එක හරිගියේ නැත්නම් මේකට ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න. www.utorrent.com

මේ ලින්ක් එකේ තියෙන්නේ μtottent අලුත්ම සංස්කරණය. මේවායේ සංස්කරණ ගැනත් පොඩි විස්තරයක් දෙන්නම්.

Microsoft Windows සදහා - 

1.0 සංස්කරණය- ප්‍රමාණය 77 kB - නිකුත් කළ වසර 2005-09-18
1.1.7.2 සංස්කරණය- ප්‍රමාණය 98 kB - නිකුත් කළ වසර 2005-10-22
1.2.2 සංස්කරණය- ප්‍රමාණය 107 kB - නිකුත් කළ වසර 2005-11-25
1.3 සංස්කරණය- ප්‍රමාණය 115 kB - නිකුත් කළ වසර 2005-12-10
1.4.2 සංස්කරණය- ප්‍රමාණය 142 kB - නිකුත් කළ වසර 2006-01-11
1.5 සංස්කරණය- ප්‍රමාණය 155 kB - නිකුත් කළ වසර 2006-03-08
1.6.1 සංස්කරණය- ප්‍රමාණය 173 kB - නිකුත් කළ වසර 2007-02-15
1.7.7 සංස්කරණය- ප්‍රමාණය 214 kB - නිකුත් කළ වසර 2008-01-25
1.8.1 සංස්කරණය- ප්‍රමාණය 264 kB - නිකුත් කළ වසර 2008-10-08
1.8.5 සංස්කරණය- ප්‍රමාණය 282 kB - නිකුත් කළ වසර 2009-10-29
2.0.4 සංස්කරණය- ප්‍රමාණය 321 kB - නිකුත් කළ වසර 2010-10-11
2.2.1 සංස්කරණය- ප්‍රමාණය 390 kB - නිකුත් කළ වසර 2011-03-09
3.0 සංස්කරණය- ප්‍රමාණය 624 kB - නිකුත් කළ වසර 2011-06-23

MAC OS සදහා
1.0.1 සංස්කරණය- ප්‍රමාණය 1.62 MB - නිකුත් කළ වසර 2010-10-14
1.0.2 සංස්කරණය- ප්‍රමාණය 1.62 MB - නිකුත් කළ වසර 2010-12-02
1.5.2 (Beta) සංස්කරණය- ප්‍රමාණය 2.42 MB - නිකුත් කළ වසර 2011-05-09

හරි. දැන්මේ ඩවුන්ලෝඩ් කරගත්ත μtottent මෘදුකාංගය ඉන්ස්ටෝල් කරගන්න.

දැන් අපි යන්න ඕනේ ටොරන්ට් search engine එකකට. එහෙම එකකින් තමයි අපිට ලේසියෙන්ම අපිට ඕන කරන torrent files හොයාගන්න පුළුවන්. ප්‍රධානම torrent search engine එක තමයි Torrentscan. ඒකට යන්න පුළුවන් මේ ලින්ක් එකෙන්. www.torrentscan.com

ඊට අමතරව torrent files සොයාගැනීම සදහා භාවිත කරන්න පුළුවන් තවත් වෙබ් අඩවි ගණනාවක් තියෙනවා. ඒවායින් කිහිපයක් පහතින් දෙන්නම්. ඇත්තටම Torrentscan search engine එකෙනුත් සම්බන්ධ වෙන්නේ මේ වෙබ් අඩවිවලට තමයි.


මම පෞද්ගලිකව නිර්දේශ කරන්නේ www.torrentscan.com , www.btjunkie.org , rarbg.com , thepiratebay.org යන වෙබ් අඩවි තමයි. මොකද ඒවායින් අපිට අවශ්‍ය දේ හොයාගන්න හරිම ලේසියි.

පහසුව සදහා මං එක් වෙබ් අඩවියක් තොරාගෙන විස්තර කරන්නම්. ඒත් අනිත් හැම වෙබ් අඩවියකම වෙන්නෙත් මේ දේ මේ විදියටමයි. මං නිතරම යන btjunkie.org අඩවිය ගන්නම්.

මේකට ගියාම search box එකක් තියෙනවා. ඊට පහලින් තියෙනවා දවසේ ජනප්‍රියම torrent files ගැන විස්තර. පහලින් දිස්වන ඒවා බලාගැනීමට නම් මේ අඩවියේ රෙජිටර් වෙන්න ඕනේ. ඒක අමාරු දෙයක් නෙමෙයි. ඒත් අපිට torrent files හොයාගන්න නම් කිසිම රෙජිස්ටර් වීමක් අවශ්‍ය වෙන්නේ නෑ. 

කරන්න තියෙන්නේ මේකයි. search box එකේ අපිට සෙවීමට අවශ්‍ය දේ ටයිප් කරන්න. අකුරක් දෙකක් යන්තම් වැරදුනාට ප්‍රශ්නයක් නෑ අපි හොයන්නේ මොකක්ද කියලා හරියටම දන්නවා නම්. මොකද ඒ නමට ආසන්න නම් තියෙන හැම torrent file එකක් ම මෙතනදි එනවා. 

අපි උදාහරණයක් ගමු. අපි හිතමු අපි Harry Potter and the Deathly Hallows Part 2 චිත්‍රපටය ඩවුන්ලෝඩ් කරගැනීමට යනවා කියලා. එතකොට අපිට search box එකේ ටයිප් කරන්න පුළුවන්  Harry Potter and the Deathly Hallows Part 2 කියලා. එහෙම නැත්තම්  Harry Potter කියලා ටයිප් කරලා search කළත් හොයාගන්න පුළුවන්. මේ විදියට නම ගහලා search කළාම එනවා දිග ලිස්ට් එකක්. ඒකේ තියෙන්නේ අපි හොයපු නමට අදාලව තියෙන ගොඩක් torrent files. මෙතනදි සැලකිළිමත් වෙන්න ඕනේ. මොකද ඇත්තම torrent files වගේම බොරු ඒවත් තියෙනවා. මුලින්ම එක් එක් torrent file එකේ ක්ලික් කරලා ඇතුළට යන්න. ගියාම පහලින් පෙන්වනවා ඒ torrent file එක මීට කලින් ඩවුන්ලෝඩ් කරගත්ත අයගේ comments. ඒව කියවලා බලන්න. සතුටුදායක comments තියෙනවා නම් ඇත්ත torrent file එකක්. මෙන්න මේ වගේ comments කියවලා බලලා ඩවුන්ලෝඩ් කරන එක ගොඩක් දෙනා නොකර, කෙලින්ම torrent files ඩවුන්ලෝඩ් කරන නිසා තමයි ගොඩක් වෙලාවට ඩවුන්ලෝඩ් කරපු දේ හරියට ක්‍රියාකාරන්නේ නැතිව අපසුතැවෙන්නේ. 
ඊටත් පහලින් තියෙනවා මේ torrent file එකේ අඩංගු වෙන්නේ මොනවද කියලා සහ ඒ ඒ ෆයිල්ස්වල ප්‍රමාණය කොච්චරද කියලා.

උඩින්ම තියෙන විස්තර කොටසේ තියෙනවා මේ torrent file එකසදහා ඇති seeds ගණන.

ඉතිං හොද torrent file එකක් තෝරගත්තට පස්සේ බලන්න ඒකට seeds කොච්චර තියෙනවද කියලා. seeds වැඩි වෙන තරමට හොදයි. ඉක්මනින් ඩවුන්ලෝඩ් වෙනවා. 

දැන් හොයාගත්ත torrent file එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒ සදහා උඩ ලොකුවට තියෙනවා Download Torrent කියලා ලින්ක් එකක්. ඒක ක්ලික් කරලා torrent file එක ඩවුන්ලෝඩ් කරගන්න. 

දැන් ඩවුන්ලෝඩ් වුණ තැනට ගිහින් ඩවුන්ලෝඩ් කරගත්ත torrent file එක, අපි කලින් ස්ථාපනය කරගත් μtottent මෘදුකාංගය මගින් විවෘත්ත කරගන්න. දැන් dialogue box එකක් එනවා. ඒකේ තියෙනවා අපි ඩවුන්ලෝඩ් කරන දත්ත සේව් වෙන්න තැනක් තෝරන්න. එතනින් කැමති තැනක් තෝරලාදීලා OK කරන්න. දැන් ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගන්නවා. අපිට කැමති වෙලාවක stop කරන්න පුළුවන්. ආයේ කැමති වෙලාවක start කරන්න පුළුවන්. පරිගණකය shutdown කරලා විතරක් නෙමෙයි පරිගණකය format කරලා වුණත් නැවත ඩවුන්ලෝඩ් Stop කරපු තැනින් පටන්ගන්න පුළුවන්. 

මෙන්න මෙහෙම තමයි ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරන්නේ. 

ඇන් බලමු අපේ පරිගණකයේ තිබෙන දත්ත කොහොමද ටොරන්ට්වලට සම්බන්ධ කරන්නේ කියලා. ඒකට මුලින්ම අපි තෝරාගත් දත්ත කිහිපයේ torrent file ekak හදන්න ඕනේ. ඒකට μtottent විවෘත්ත කරගෙන File මෙනු එකට ගිහින් Create New Torrent තෝරන්න. ඉන් පසු එන dialogue box එකේ Select source කියන තැනට පහලින් ඇති Add File හා Add Derectory මගින් අදාල දත්ත ගොනු තෝරා දෙන්න. පහලින් ඇති Tracker list එකට අපි Trackers එකතු කරන්න ඕනේ. ඒකට මෙතනින් Trackers list එක බාගන්න 


මේකේ තියෙන Tracker List එක කොපි කරලා μtottent එකේ අදාල තැනට පේස්ට් කරන්න. දැන් Create and save as.. ක්ලික් කරලා සේව් වෙන්න තැනක් දීලා ok කරන්න. දැන් අපිට ඕන torrent file එක හැදිලා තියෙනවා. දැන් අපි මේක ටොරන්ට්වලට අප්ලෝඩ් කරන්න ඕනේ. ඒකට මං ඉහත දැක්වූ තෝරාගත් එක් වෙබ් අඩවිකය රෙජිස්ටර් වෙන්න ඕනේ. මං උදාහරණයට කිව්ව btjunkie.org නම් හරිම ලේසියි. මෙන්න ඒකේ රෙජිස්ටර් වෙන ලින්ක් එක, හරිම ලේසියි, පහසුයි.


දැන් මේ වෙබ් පිටුවේ (btjunkie.org) උඩම තියෙන Upload ක්ලික් කරලා අපි හදපු torrent file එක upload කරන්න. ඔන්න වැඩේ හරි.

හිතුවට වඩා ඩොක් එක දිග ඇදුනා. ඒත් ඉතිං කියන දේ හරියට තේරෙන විදියට කියන්නත් එපැයි. කොච්චර දිගට ඇදුනත් ටොරන්ට් ගැන මේ විදියට නම් කියලා ඉවර කරන්න වෙන්නේ නෑ. ටොරන්ට් ගැන කියන්න තව ගොඩාක් දේවල් තියෙනවා. ඒත් අන්තර්ජාලය භාවිතා කරන අය සාමාන්‍යයෙන් මේ කරුණු ටික දැනගෙන ඉන්න එක යම් තරමකට ප්‍රමාණවත්.

මං මේ කියලා දුන්නේ කොටස් වශයෙන් ටොරන්ට් භාවිත කරන විදිය ගැන විතරයි. මේ එක් එක් කොටස තවදුරටත් බොහෝ සෙයින් විසතර වෙනවා. ඒවත් හැමෝම දැනගෙන ඉන්න ඕනේ. ඒත් තවත් දිග වුණොත් මේ ඩොක් එක නීරස වෙයි. ඒනිසා තවත් කරුණු බොහොමයක් අරගෙන ආයෙ දවසක එන්නම්කෝ....


6 comments:

  • Unknown says:
    7/12/12 8:11 PM

    good post dear.....i like this

  • This comment has been removed by the author.
    Ishan says:
    13/10/15 7:42 PM

    This comment has been removed by the author.

  • Ihalathulana says:
    24/8/16 11:31 AM

    එතකොට ටොරන්ට් ෆයිල් එක upload කරන කෙනාගෙ ඩේටා වැය වෙන්නෙ කොහොමද.අනිත් අය ඩවුන්ලෝඩ් කරනකොට.එයාගන් අප්ලෝඩ් වෙන්නඑයා on line ඉන්න ඕනද..එහෙම හිටියාම data වැයවෙනිනෙ කොහොමද..

  • Dilan madusanka says:
    4/11/17 11:22 AM

    👍👍👍

  • Dilan madusanka says:
    4/11/17 11:23 AM

    👍👍👍

  • Dilan madusanka says:
    4/11/17 11:23 AM

    👍👍👍

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්