කොහොමද හොද RAM එකක් ගන්නෙ.

සොයන්න

25.11.11

උපුටා ගැනීම     www.batmark.tk 

                                           

අද ඔයාලට කියන්නෙ හොද රැම් එකක් තෝරා ගන්න යද්දි අපි මොනවා ගැනදසැලකිලි මත් වෙන්න ඕනෙ කියලා.
ඉතින් යාලුවනේ මට මේකෙ විශේෂයෙන් ම කියන්න ඕන උන කාරනය තමා දැන්වෙළද පොලේ ප්‍රසිද්ද නමයක් උන kingston ram ගැන.
කට්ටිය බලනවා ඇති මම එහෙම කියන්නෙ ඇයි කියලා ..මොකද ලංකාවට එනRAM වලින් හොදම ඒවා Kingston නෙ කියලා.
ඔව් ලංකාවට එන ඒවා වලින් හොදම රැම් Kingston තමා..ඉතින් එහෙම කියලා කොහෙ හරි කියලා තිබ්බ ගමන් මොකද කරන්නෙ ඔයාල දුවලා කඩේට ගිහින් ගන්නවා Kingston RAM එකක් .

 :D දැන් හිනා වෙවී ගෙදර එනවා..හරි ඊට පස්සෙ RAM එක ගහලා ඔන්න මාසයක් දෙකක් වැඩ කරනවා.එක පාරට PC  එක හිර වෙනවා  .පට්ටට ස්ලෝ .ඉතින් ඔයාලා බලනව මොකද මේ කියලා..හ්ම්ම් අන්න එතකොට තමා මම මේ කියන්න යන එකේ වැදගත් කම තේරෙන්නෙ .
ඔයාලා රැම් එක ගලෝලා බලන්න  RAM එකේ ගහලා තියන ස්ටිකර් එක මොකක්ද කියලා (හ්ම්ම්ම් එතකොට කියයි Kingston නෙ)
අනේ ඉතින් ඔයාලා  හිතන් ඉන්නෙ ස්ටිකර් එක ගහපු පලියටම ඕක Kingstonකියලා නෙ. හොදට බලන්න ඕකෙ තියන chip ටිකෙත් Kingston කියලා ගහලා තියනවද කියලා ඒ කියන්නෙ මේ විදියට.
එහෙම ගහලා නැත්තම් ඒක Kingston නෙවේ.ලංකාවෙ ගොඩක් ආයතන වලින් විකුනන්නෙ ඔය වගේ හොර RAM එවා.


(මේ තියෙන්නෙ හොද නැති එකක්)


(මෙන්න හොද එකක්)


ඉතින් පරිස්සම් වෙන්න යාලුවනේ
ඉතින් රැම් එකක් ගද්දි තව බලන්න ඕන කාරනා ගොඩක් තියනවා.
මුලින්ම ඔයාලා බලන්න RAM එකට කොච්චර කල් වගකීමක් දෙනවද කියලා..(සාමාන්‍යයෙන් යාලුවනේ අවුරැදු 3 ක් අවම ඔයාලට වගකීමක් දෙන්න ඕනෙ.)එහෙම දෙන්නැත්තම් ගන්න එපා.
ඊට පස්සෙ බලන්න RAM එක ඔයාගෙ බෝඩ් එකට හරියට ගැලපෙනවද කියලා.ඒකියන්නෙ slot ඒවා.(SDR , DDR , DDR2 , DDR3 ) ඔන්න ඔය විදියට
 ඊට පස්සෙ දාරිතාව .(මොකද සමහර motherboard තියනවා එක්කො උපරිමගහන්න පුලුවන් 1GB නැත්ටම්  2GB.ඉතින් ඔයාලා 4GB එකක් වගේ අරගෙනගෙදර ආවොත් සොරි .කොම් තමා.)ඒක ඔයාලගෙ බෝඩ් එකේ මෙනුවල් එකෙන්බලන්න
ඊට පස්සෙ බලන්න ඕන ස්පීඩ් එක..හ්ම්ම්ම් ඒක කියන්න තමා අමාරැ..ඒ කියන්නෙරැම් වලත් 1GB , 2GB කිව්වට තව බලන්න SPEED එකක් තියනවා ..
                        DDR 1 – PC266 (266 Mhz)
                                       PC333 (333 Mhz)
                                       PC400 (400 Mhz)
                        DDR 2 – PC533 (533 Mhz)
                                       PC667 (667 Mhz)
                                       PC  800 (800 Mhz)
                        DDR 3 – PC 1066 (1066 Mhz )
                                       PC 1333 (1333 Mhz )             (මේකෙ PC නැත්තම්KVR කියලා ගහලා තියනවා)

ඉතින් යාලුවනේ ඉස්සරවෙලා ඔය ටික හොදට බලන්න.බලලා දැනුමක් ලබාගන්න..ඉතින් ඔයාලා කඩේට ගිහින් RAM ඉල්ලනවා මට DDR 2 KINGSTON RAM එකක් දෙන්න කියලා .
ඉතින් කඩේ මුදලාලි දෙනවා DDR 2 KINGSTON PC533 කියලා ගහපු රැම්එකක්. ප්‍රශ්නයක් නෑ හැබැයි යාලුවනේ මේක ස්පීඩ් නම් මදි ඒක නිසා ඔයාලා පුලුවන්නම් ඊට වඩා ස්පීඩ් වැඩි රැම් එකක් ඉල්ලන්න.හැබැයි ගාන නම් චුට්ටක් එහාට මෙහාට වෙයි (සමහරවිට) ඒ කියන්නෙ PC 800 වගේ. හ්ම්ම් ඒකත් හරි ඔන්න.
 ඉතින් යාලුවනේ මට අන්තිමට කියන්න තියෙන්නෙ RAM එකක් ගද්දි .ගන්නංවාලෙ ගන්න එපා..පොඩ්ඩක් බලන්න නම ගම විස්තර ටිකක්..මොකද සමහර රැම්තියනවා නමක් රටක් මොකුත් නෑ..RAM එකෙ තියන CHIP ටික සම්පුර්න නිකන්ම තියෙන්නෙ..ගන්නනම් එපා යලුවනේ ඒවගේ ඒවා…එච්චරයි.


සම්පූර්න ලිපිය www.batz0.blogspot.com/2011/10/ram.html


0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්