XP සමග වින්ඩෝස් 7 ස්ථාපනය කරන ආකාරය..

සොයන්න

26.11.11

මෙය ඉතා පහසුදායක ක්‍රියාවලියකි. ඔබගේ සමහර වැඩසටහන් XP වල පමණක් වැඩ කරයි නම් විසඳුම මෙයයි. එනම් පද්ධති දෙකක් ස්ථාපනය කිරීමයි. එවිට යමකට හානියක් වූ හොත් අනෙකෙන් ලෝඩ් කර ගෙන වැඩකටයුතු කර ගැනීමට පුළුවනි. නමුත් මෙහිදී වින්ඩෝස් 7 වලට අවුල වූවොත් XP ද ක්‍රියා විරහිත වේ. එය එක් අවාසියකි. මා ලද අත්දැකීම් අනුව මෙය කරගන්න අයුරු මා කියල දෙන්නම්. මේ වනවිට මාද එම ක්‍රමයට ගොස් එය හොඳින් භාවිතා කරමින් සිටී.


මේ සඳහා පරිගණකයේ පාටිෂන් දෙකක් වෙන් හිස් කරගන්න (වටිනා දත්ත ඇත්නම් සුරක්ෂිත කර ගන්න බැකප් කරගන්න සීඩි හෝ ඩීවීඩි වලට). එකක් එක්ස්පී වලටත් අනික 7 වලටත් වශයෙන්. මෙහිදී ‍රැම් එක අවම වශයෙන් 1 GB වලට වඩා තිබිය යුතුය. එසේම 7 වලට ස්පොර්ට් කරන හාඩ්වෙයා ඩ්‍රයිවර්ස් ද පෙර බාගත කර ගන්න. ඒවා බොහෝවිට නොමිලේ ආයතනයේ අඩවියෙන්ම ලබා ගන්නට හැකිය. හාඩ් ඩිස්ක් එක 160 GB වත් වේ නම් යෝග්‍ය වේ. මොකද අනිකුත් දත්ත තබා ගැනීමටද ඉඩක් අවශ්‍ය බැවිනි. මා 40 GB පාටිෂන් 4ක් සාදා ගෙන ඇත්තේ එම නිසාය.
මේ සඳහා 7 DVD එකක් අවශ්‍ය අතර  නැත්නම් අන්තර්ජාලයෙන් බාගත කිරීමටද පුලුවන්.


(මෙය ගැටලු සහිතනම් මා comment කරන්නම් තව හොඳ එකක්)
මඟින් එය ලබා ගන්න.
පසුව ISO ඉමේජයක් ලෙස නීරෝ වලින් බර්න් කරගත හැකියි.
ඔබ මුලින්ම ස්තාපනය කළ යුත්තේ XP. එය හඳුනා ගැනීමට පහසු නමක් යොදන්න. ඔබ ලඟ හොඳින් වැඩ කරන XP CD එකක් තිබිය යුතුය මුලින්ම (එය බිට් 32/x86 නැත්නම් බිට් 64/x64 විය යුතුය). 
1. පරිගණකය රීස්ටාට් කොට DEL හෝ මුල්ම ස්ක්‍රීන් එකෙන් දැක්වෙන කී එක ඔබා බූට් මෙනු එකට පිවිසෙන්න. 
2. අනතුරුව එයින් 1st Boot Device එකට සීඩි ඩීවීඩි ‍තෝරාගෙන දෙවැන්න සඳහා HDD ‍තෝරා ගන්න. අනතුරුව F10 හෝ ඊට අදාළ කී එක ඔබා Save and Exit වෙන්න..එවිට නැවත වරක් Restart වේ. 
3. එතකොට අර XP CD එක දමා ගන්න. Boot from CD/DVD.. යන ස්ක්‍රීන් එක ආ පසු එන්ටර් කී එක ඔබා සෙටප් එක වෙත ඇතුලු වන්න.
4. අනතුරුව තිර කීපයක් ගිය විය විට වින්ඩෝස් එක්ස්පී EULA එක පැමිණේ ඒ සඳහා F8 ඔබා Accept කොට ඉදිරියට යන්න. 
5. ඔබට ක්ලීන් ඉන්ස්ටෝල් එකක් ඕන නිසා ESC කී එක ඔබන්න. එවිට ඔබට අවශ්‍ය පාටිෂන් එක ‍තෝරල එය ෆෝමැට් කිරීමට D යතුර ඔබන්න. එය සහතික කිරීමට L යතුර ඔබන්න.
6. අනතුරුව එන්ටර් කී එක ඔබා පැමිනෙන ලිස්ට් එකෙන් NTFS ආකාරයට ෆෝමැට් කර ගන්න. Quick Format ‍තෝරාගන්න එපා. මන්ද එසේ කිරීමෙන් හාඩ් එකට හානි වීමට හැකි වීමයි.
7. දැන් පරිගණකයට එක්ස්පී ගොනු පිටපත් වීම ඇරෙඹෙන අතර අනතුරුව restart වීමක් සිදු වේ. මින් පසුවද Boot from CD/DVD.. වශයෙන් දිස්වෙන පණිවිඩය ගනන් ගන්න එපා ටික වෙලාවකින් XP logo එක දිස්වී නිල්පාට තිරයක් දිස් වේවි.
8. අනතුරුව ඔබගෙන් විවිධ විස්තර ලබා ගැනීම සිදු කරයි.  මුලින්ම එන තිරයෙන් භාෂාව ඉංග්‍රීසි English(US) ලෙස තබා ගන්න.අනතුරුව පරිගණකයට නමක් ආදිය ලබා දෙන්න. අනතුරුව අකුරු 25 කින් යුත්  XP Product Key එක ලබා දෙන්න.(නැත්නම් ඉදිරියට යාමට නොහැකිය) එය ඔබගේ CD එකෙ ඇති. නැත්නම් බොහෝ දුරට එය මෙයයි. QW4HD-DQCRG-HM64M-6GJRK-8K83T
Next කොට ඉදිරියට ගිය විට ලැබෙන තිරයෙන් නම් යොජනා කොට නැවත Next ඔබන්න. මෙ දැන් වේලා කලාපය(Time zone) හා ජාල විස්තර ලබා දෙන්න තිර කීපයක් පැමිනේ. ඒවාටද තොරතුරු සපයා ඉදිරියට යන්න.
9. ටික වේලාවකින් සෙටප් එක අවසන් වී නැවත Restart වේ. දැන් XP ඔබගේ පරිගණකයේ ස්ථාපිත වී ඇත.
10. රෙසලුෂන් සැකසීම ආදීය සිදු වී ඩෙස්ක්ටොප් එකට පැමිණි පසු ඔබ Drivers ස්ථාපනය කොට වෛරස් ගාඩ් එකක් පමණක් යොදා පරිගණකය තබා ගන්න. මොකද තවත් මෙහෙයුම් පද්ධතියක් දැමීමට පවතී.


    දැන් වින්ඩෝස් 7 ස්තාපනය කර ගැනීමට බලමු. ඊට පෙර XP පාටිෂන් එක රීනේම් කොට  ඒ සඳහා XP ලෙස නම ලබාදෙන්න...එතකොට වැඩේ පහසු වේවි
එහෙනම් අර හදාගත්ත 7 එක දැන් ඕන වෙනවා..
1. අපට XP ස්ථාපනය කිරීමට පෙර, සැකසූ සෙටින්ස් පවතින බැවින් පරිගණකය restart කොට 7 DVD එක දමා ගන්න. අනතුරුව එන ස්ක්‍රීන් එකෙන් පෙර අයුරින්ම boot from CD/DVD.. වලදී එන්ටර් ඔබා ඉදිරියට යන්න.
2. දැන් වින්ඩෝස් ෆයිල් පරිගණකයට කොපි වේවී. අනතුරුව 7 ලෝගො එක දිස් වී ටික වේ ලාවක් ගිය පසු language එක හා අනිකුත් විස්තර ‍තෝරා දී ඉදිරියට යන්න. එවිට Install Now.. නම් ලින්ක් එකක් පවතින අතර එය ඔබා සෙටප් එක වෙත යන්න.
3. මීළඟට License Agreement එක Accept කොට next ඔබා ඉදිරියට යන්න. මීලඟ ස්ක්‍රීන් එකෙන් තමා අපගේ ක්‍රියාවලියේ සාර්ථක් බව ‍රැඳි පවතින්නේ මොකද පෙර අප Xp ස්තාපනය කල නිසා. මෙම තිරයෙන් Custom(Advanced) යන්න ඔබන්න. එවිට ඔබට පාටිෂන් දැක ගන්නට පුළුවන්. මුලින්ම Xp පාටිෂන් එක සොයා ගත යුත් වේ.මෙහි XP ලෙස පාටිෂන් එකේ නම පවතින අතර එසේ නොමැතිනම් ධාරිතාව අනුවද සොයා ගන්නට පුළුවන්. එය සොය ගත්තේ නම්  ඔබ හිස් කරගත් අනික් පාටිෂන් එක ‍තෝරා දෙන්න. Next කරන්න. එවිට ඉන්ස්ටෝල් වීම ඇරඹෙන අතර ඔබට ටික වෙලාවක් බලා සිටීමට සිදු වේ. Restart වීම් කිහිපයක් සිදු විය හැකි අතර අය ඔබ ගණන් නොගත යුතුය.
4. අනතුරුව  Registry Update වීමක් සිදු වේ. දැන් පරිගණකයට නමක් දෙන්න අර ProductKey එකත් ලබා දෙන්න. (නැතත් යන්න පුලුවන් ඉදිරියට ඉන්පසු 7 Loader මඟින් එය ඇක්ටිව් කරගන්න) ඉදිරියට ගිය විට Recommend Settings යොදා ඉදිරියට යන්න Home Network ‍තෝරා දෙන්න. එච්චරයි..
5. බලන්න දැන් 7 ස්ථාපනය වී ඇති අපූරුව. මෙහි සමහර විට ඔබගේ Sound Drives ආදිය ලබාගෙන තිබීමටද පුලුවන් නැතන් ඒව යොදා යොදා ගන්න. දැන් අපගේ ක්‍රියාවලිය සම්පූර්ණයි.


         අවශ්‍ය පරිදි මෘදුකාංග ස්ථාපනය කිරීමට දැන් හැකියාව ඔබට ලැබේ. මා මේ සඳහා යොදා ගත්තේ වින්ඩෝස් එක්ස්පී ප්‍රෝ සහ 7 අල්ටිමේට් යන OS සංස්කරණයි. අනෙක් සංස්කරණ වල මීට වඩා වෙනස් බවක් තිබිය හැකිය. පහත වීඩීයෝ බලා මේ ගැන වඩා අවබෝධ කරගන්නට පුළුවන්.ඒත් ඔයාල තේරුනේ නැත්නම්,
Install Windows 7 : http://www.youtube.com/watch?v=ZQGcjnnT2D (part 2 ක් තියෙනවා)


වැදගත් : මෙහි සඳහන් ක්‍රියාවලිය සමහර විටෙක ඔබගේ පරිගණකයට නොගැළපීමට පුළුවන්. windows xp mode මඟින්ද මේ වැඩේම කරගන්න පුලුවන්..ඒ ගැන පසුව ලියන්නම්.

පරිගණක උදවු © 2011 · සිංහල
ලිපිය නිර්මාණය : https://www.facebook.com/SajHarsh90


0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්