උබුන්ටු මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් සෙටිංස් සකසන හැටි

සොයන්න

1.7.11

උබුන්ටු මෙහෙයුම් පද්ධතියේ ඩෙස්ක්ටොප් එකෙහි ඉහළින් පෙනෙන Places මෙනුවට පසුව ඇත්තේ System මෙනුවයි.එය වෙත ම මවුසය ගෙන ගිය විට ලැබෙන හරහා ගිය විට ලාබෙන ඩ්‍රොප්ඩවුන් මෙනුවේ එක් එක් උප මාතෘකා තිබේ.එහි Preferences හරහා ගිය විට ලාබෙන ඩ්‍රොප්ඩවුන් මෙනුවේ විවිධ යෙදුම් ගණනාවකි. පරිගණකය භාවිතා කරන්නාගේ කැමැත්ත අනුව උබුන්ටු ඕඑස් එක සකස් කර ගැනිමට ඒවායින් පුළුවන. එනම් උබුන්ටු කස්ටමයිස් කරන්නේ මෙතැනිනි. මෙහි Network Connetions,Network Proxy සහ PalmOS Devicesයටතේ කළ හැකි විවිධ සෙටිංස් ගැන මෙහි දී සලකා බැලේ.


Network Connetions
උබුන්ටු සහිත පරිගණකයක දී භාවිතා කළ හැකි සම්බන්ධතා සියල්ල මෙතන දී පෙන්වයි. ඊට අමතරව වෙනත් ජාල සම්බන්ධතාවක් සකසා ගැනීමට වුවමනා නම් මෙහි ඇති Add බට්න් එක ක්ලික් කොට සෙටිංස් සැකසිය හැක. දැනට භාවිතාවේ ඇති බ්‍රෝඩ්බැන්ඩ් ඉන්ටර්නෙට් මොඩම් එකක් හෙවත්  ඉන්ටර්නෙට් ඩොන්ගලයක් උබුන්ටු සහිත පරිගණකයකට සම්බන්ධ කළ විට එය ස්වයං ක්‍රීයව හඳුනාගනී.ඉන්පසු වෙල්කම් තිරය ලැබේවි. එහි Forwardබොත්තම ක්ලික් කල විට Service Provide තිරය ලැබෙන අතර එය තුළින් අදාල රට තොරා දිය හැකිය. එවිට එම රට තුල දී මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සපයන ආයතන දිස්වේ.
මේ අතරතුරදී ලැබෙන Summery ඩ‍යලොග් බොක්ස් එකෙන් මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සපයන්නා පිළිබඳ ලබා දුන් තොරතුරු නැවත වරක් තහවුරු කළ හැක. ඉන්පසුව එහි ඇතිApply බොත්තම ක්ලික් කල විට මොඩමය ඉබේම ඉන්ස් ටොල් වේ.මේ අනුව මේ සඳහා වෙනමම ඩ්‍රයිවස් ඉන්ස්ටොල් කිරීම වුවමනා නැත. මෙසේ ඉන්ස්ටෝල් වු ජාල සම්බන්ධතාවය උබුන්ටු ඩෙස්ක්ටොප් එකෙහි ඉහළ දකුණු කෙලවරේ පෙන්වයි. එම ලැයිස්තුවෙන් අදාල සම්බන්ධතාව මත ක්ලික් කළ විට පමණක් අදාල සම්බන්ධතාවය සක්‍රීය වනු ඇත.

 මතු සම්බන්ධයි....

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්