පෑනෙන් ජනෙල් හයි කරන්නේ කොහොමද?

සොයන්න

8.9.11


පෑනෙන් ජනෙල් හයි කරන්නේ කොහොමද?

කොහොමද කොල්ලනේ... අදත් ගෙනාවා පුංචි පහේ ටිප් එකක්. ඔයගොල්ලන්ගේ පෙන් ඩ්‍රයිව් එකෙන් ලේසියෙන්ම වින්ඩෝස් ඉන්ස්ටෝල් කරගන්න හැටි තමා කියන්ඩ යන්නේ. හැබැයි මුලින්ම කියන්ඩ ඕනේ මේ මාතෘකාවේ තියෙන වචන  කෑල්ල නම් මම අහුලගත්තු එකක්. මට අහුලගත්තු තැන නම් හරියට මතක නෑ. කොහොම උනත් මේකේ අන්තර්ගතය නම් මගෙ තමා
මෙන්න මේකයි සීන් එක. අපේ සීඩී රොම් එක කැඩුනු වෙලාවක, නැත්තං සීඩී රොම් නැති මැෂිමකට ජනේලයක් දාන්න ඔයාව යාලුවෙක් එක්කං ගිහාම ඌ ඉස්සරහ නෝන්ඩි නොවී වැඩේ කරගන්නෙ මෙන්න මෙහෙමයි.

සමහරු කියයි ඕක කියන්ඩත් දෙයක් ද යකෝ, වින්ඩෝස්  සීඩී එක පෙන් එකට කොපි කරලා ඒකෙන් බූට් කරන්ඩ නෙ තියෙන්නෙ කියලා. ඔව්, සමහරුන්ට ඕක වැඩ කරලත් ඇති. ඒකෙන් අදහස් වෙන්නෙ එහෙම වැඩ නොකරන වෙලාවලුත් තියනව කියන එකනේ. අන්න එහෙම වෙලාවට කරන්ඩ ඕනෙ දෙ ගැන තමා මේ කියන්නේ. ඔය වැඩේ හරි ගිය අයට හරි ගිහින් තියෙන්නෙ එයාලගේ පෙන් එක අවශ්‍ය ත්ත්ව වල තිබිලා තියන හින්දා. දැන් ඔයාලා බලනවා ඇති මූ මේ අවශ්‍ය තත්ව කියලා ෂේප් වෙන්ඩ හදන්නෙ කියලා. නෑ නෑ, මම ඒක පැහැදිලි කරන්නම්. ඔය මහලොකුවට කියපු අවශ්‍ය තත්වය තමා ඔයාගෙ පෙන් එක ප්‍රයිමරි ඇක්ටිව් පාටිශන් එකක් වීම. දැන් බයවෙන්ඩ එපා ඒක කරන්නෙ කොහොමද කියලා. මම කියන්නම්.
මෙකටත් අපි යොදාගන්නෙ කෝකටත් තෛලය ම තමා. ඒ කිව්වෙ සුපුරුදු කොමාන්ඩ් ප්‍රොම්ට් එක. කොමාන්ඩ් ප්‍රොම්ට් එක ඕපන් කරගෙන මෙහෙම ටයිප් කරන්න. වැඩේ හරි.

Diskpart (press enter)
මේකෙන් ඩිස්ක් පාටිෂනර් එක ඕපන් වෙනවා. ඊටපස්සෙ ඒකෙ මෙහෙම ටයිප් කරන්න

List disk (press enter)

දැන් ඔයාලගේ ඩිස්ක් ටික පෙනෙයි.දැන් ඔයාලගේ ඩිස්ක් එක(pen drive)  හරියට ලබා දෙන්න. අපි හිතමු
ඒක  5 කියලා

Select disk 5 (press enter)

ඔතන පේන්නෙ ඩිස්ක් අකුරු වලින් නෙවේ ඉල්කක්කම් වලින් නේ. ඉතින් සිලෙක්ට් කරපු එක හරිද කියලා බලාගන්න ඕනෙ නම් මෙහෙම කොටන්ඩ

Detail disk (press enter)

කොහොමහරි හරියට සිලෙක්ට් කරගත්තට පස්සේ මෙන්න මෙහෙම කරන්න

Clean (press enter)

Create partition primary (press enter)

Active (press enter)

ඒ කමාන්ඩ් වලින් වෙන දේ කියන්ඩ ඕනේ නෑ නේ. හරි දැන් ෆෝමැට් පාරක් දාන්න මෙන්න මෙහෙම.

Format fs=fat32

ෆෝමැට් වෙන්ඩ ටිකක් වෙලා යනවා. බලාගෙන ඉන්න.


*** ෆෝමැට් දැම්මට පස්සෙ ඉවර වෙනකං පෙන් එක ගලවන්ඩ වත් කොමාන්ඩ් ප්‍රොම්ට් එක ක්ලෝස් කරන්ඩ වත් එපා. ***


දැන් ඩිස්ක් පාටිෂනර් එකෙන් අයින් වෙන්ඩ මෙන්න මෙහෙම

Exit (press enter)

දැන් වැඩේ ඉවරයි. මෙකත් අලුත් කමාන්ඩ් ප්‍රොම්ට් වලදී ජූංජක් වෙනස් වෙන්ඩ පුලුවන්. හැබැයි අමාරු වෙන්නෙ නෑ. හෙල්ප් බලලා ගොඩ දාගන්ඩ පුලුවන්. දැන් ඉතින් අර ව්න්ඩෝස් සීඩී එකේ ෆයිල් අඩුවක් නැතුව කොපි කරගෙන පෙන් එකෙන් බූට් කරන්න.

කොපි කරන එකත් මේකෙන්ම කරගන්න ඕනෙ නම් මෙහෙම කරන්න. අපි හිතමු සීඩී එක තියෙන්නෙ G: එකේ සහ පෙන් එක E: කියලා කියලා.

Xcopy G:\*.* s/e/f  E:                        
(මෙක කරන්නෙ ඩිස්ක් පාටිෂනර් එකෙන් අයින් උනාට පස්සෙ)

වැඩේ ඉවරයි. දැන් බූට් කරන්න පුලුවන්

අනික තමා ඔය මම වර්ඩ් වලින් එඩිට් කරපු හින්දා හැම ඉංගිරිසි වචනෙකම මුල අකුර කැපිටල් වෙලා. මට දැන් ඒක ආයේ හදන්ඩ කම්මැලියි. ඔයාලා අනිවාර්යයෙන්ම එහෙම ටයිප් කරන්ඩ ඕනෙ නෑ. හැබැයි කැප්ස් ලොක් දාලාම වැඩේ කරගෙන ගියොත් වඩා හොඳයි. (විෂේශ හේතුවක් නෑ.)

හොඳට කියවලා හරියට කරලා බලන්න.
අඩුපාඩුවක් තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න.
වැරැද්දක් දැක්කොත් එඩිට් පාරක් උනත් දාලා යන්න.

හෙටත් මේ වගේම ටිප් එකකින් හමු වෙනකං ටටා බායි......

1 comments:

  • Suranga Sarath says:
    20/10/11 1:45 PM

    yaluwe meka sp walata hariyanne neda win7 walata hadapu ekak neda mama try kale win7 wala indan mata help karanawada megena mama aluthin post ekak danna onada nethnam oya wenama doc ekak widiyata dannako pls
    mama dapu post eka den ne ekata mokada wela thiyenne karadara kalanam samawenna

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්