කොහොමද යාලුවනේ... හැමෝම හොදින් නේ?
අද කියලා දෙන්න හදන්නේ නිවැරදිව පරිගණකයක් format කරලා මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කරගන්නා ක්‍රමය. ගොඩාක් අය මේ ගැන දන්නවා. ඒත් නොදන්න අයත් ඉන්නවතේ. හැමෝටම දැන්ගන්න ඕන්න අද දානවා ඩොක් එක. මේ ගැනත් මීට කලින් පළවූ ඩොක් එකක් තියෙනවා දැක්කේ නෑ මම.
මමත් මේ ගැන අන්තිම දශමයටම දන්නේ නෑ. මගේ වැරදි තිබුණොත්, දන්න යාලුවෝ මේක එඩිට් කරලා හදන්න කියලා ඉල්ලා සිටිමින් වැඩේ පටන් ගන්නවා.
මුලින්ම කියන්න ඕනේ අද මං කියන්නේ බහුතරයක් දෙනා භාවිතා කරන Windows XP Service Pack 2, CD එකක් මගින් පරිගනකයට ස්ථාපනය කරගන්නා හැටි විතරයි. ඒකට හේතු කිහිපයක් තිබෙනවා. නමුත් ඉදිරියේදී වෙනත් ඩොක් එකකින් හෝ මේ ඩොක් එකේම හෝ Windows XP Service Pack 3, Windows Vista, Windows 7 පිළිබදව විස්තර දානවා.










වර්තමානයේ ලංකාවෙන් මසකට සැලකිය යුතු සංඛ්‍යාවක වෙබ් අඩවි බිහිවෙමින් පවතී. ඇතැම් වෙබ් අඩවි අන්තර්ජාල පරිශිලකයන්ට ප්‍රයෝජනවත් වෙබ් අඩවිය. ඇතැම් වෙබ් අඩවි වල කිසිදු ප්‍රයෝජනයක් නැත. කැළිකසළ වෙබ් අඩවි නමින් මෙහිදී අදහස් කළේ එවැනි ප්‍රයෝජනයක් නොමැති වෙබ් අඩවිය. මෙවැනි වෙබ් අඩවි වල සම්පූර්ණයෙන්ම වාගේ දක්නට ඇත්තේ පින්තූරය. මෙවැනි වැඩකට නැති වෙබ් අඩවි වෙත පිවිසීමේදී අපතේ යන Bandwidth ප්‍රමාණය විශාලය. වෙබ් අඩවිය පුරාවටම ඇත්තේ පින්තූර බැවින් එම පින්තූර වල ධාරිතාව වැඩිය. මෙවැනි වෙබ් අඩවියක් Load විම සදහා වැය වන කාලයද වැඩිය.
