IT ෆීල්ඩ් එකේ ජොබ් එකක් කරන්න හිතන් ඉන්න අයටයි මේ..

සොයන්න

22.11.11

සියලු අදහස් මෙම බ්ලොග් අඩවියේ හිමිකරු සතුයි.
මේ පෝස්ට් එක කාටත් වටිනවා කියලා හිතුණ නිසයි දාන්න හිතුවේ..
************************************
        කාලයක් තිස්සෙ ගොඩක් අයගෙන් තියෙන ඉල්ලීමක් තමා IT ෆීල්ඩ් එක ගැන වැඩිපුර ලියන්න කියල. ඒක නිසා නිවාඩු දවසත් වෙච්ච එකේ අද ඒ ගැන ලියන්න හිතුවා. මේ ලිපියේ ටාර්ගට් එක IT ෆීල්ඩ් එකට එන්න හිතාගෙන ඉන්න අයටයි. ලංකාවෙ නම් IT කරන කෙනෙක්ට යන්න පාත් 4 ක් තමා තියෙන්නෙ. ඒ තමා

1. ඩිසයින්
2. කොලිටි ඇශුවරන්ස්
3. නෙට්වර්කිං
4. ඩිවලොප්මන්ට්


ඩිසයින් කිවුවම ඔය ෆොටෝස් එඩිට් කරන තැන ඉඳන් ලොකු ඇප්ලිකේශන් වල User Interface, User Experience Designing වලට යනකම් තියෙන ඒරියාස් ගන්න පුලුවන්. ගොඩක් වෙලාවට ඩිසයින් පැත්තට යන්නෙ ලොකුවට පේපර් කොලි‍ෆිකේශන් තියෙන අය නෙවෙයි, හැබැයි කොලිෆයිඩ් උනුත් නැතුව නෙමේ. කොහොමත් ඩිසයිනර් කෙනෙක් වෙන්න නම් කොච්චර උනන්දුව තිබුනත් පොඩි හරි කලාත්මක ඇහැක් තියෙන්නම ඕනෙ. ලංකාවෙදි මේ ෆීල්ඩ් එකේ අයට ගොඩක්ම ගෙවන්නෙ නැති උනත් Non-IT ජොබ්ස් එක්ක ගත්තම මේකෙ හොඳට ගෙවනව.

කොලිටි ඇශුවරන්ස් කියන්නෙත් බරපතල වගකීමක් තියෙන ජොබ් එකක්. හැබයි ලංකාවෙ නම් මම දැකල තියෙන මේ ෆීල්ඩ් එකේ ඉන්න හැමෝම වගේ ඒකට ඇවිත් ඉන්නෙ ඩිවලොප්මන්ට් කරන්න තියෙන ආස නැතිකම හෝ කම්මැලිකම නිසා. හැබැයි එහෙම නැතුව මම QA ම කරනව කියල හිතාගෙන ආව අයත් ඉන්න පුලුවන්. ලංකාවෙ සමහර පොඩි කොම්පැනි වල QA කියල වෙන්නේ ඩිවලොප් කරපු ඇප්ලිකේශන් එකක් අතපත ගාල බලන එක උනත් හරි QA කෙනෙක් නම් ටෙස්ට් ඔටෝමේශන්, ලෝඩ් ටෙස්ටිං, ඉන්ටග්‍රේශන් ටෙස්ටිං etc. කරන්නත් දැනගෙන ඉන්න ඕනෙ. පඩිය ගැන නම් කියන්න තියෙන්නෙ උඩ කිවුව දේම තමා.

නෙට්වර්කිං කිවුවම ඕකෙ ජාති දෙකක් තියෙනව. පොඩි කොම්පැනි වල ඉන්න ප්‍රින්ටරේ වැඩ කරන්නෙ නැති උනම ඒක හදල දෙන, කම්පියුටර් ටික රෙපෙයාර් කරගෙන, ඉන්ටර්නෙට් කනෙක්ශන් එක බලාකියාගෙන ඉන්න කෙනාත්, එහෙම නැත්නම් VPN අනංමනං කනෙක්ශ්න්ස් බර ගානක් බලා කියාගෙන, එන්ටප්‍රයිස් ලෙවල් රවුටර්ස්, රේඩ් සර්වර්ස් එක්ක හැප්පෙන කෙනාත් දෙකම වැටෙන්නෙ මේ ගොඩට තමා. හැබැයි ඒකෙන් මම ඔය පලවෙනි කියපු අයට නම් ලැබැන්නෙ බොහොම පොඩි පඩියක්. සිස්කො, මයික්‍රොසොෆ්ට් වගේ එක්සෑම් එහෙමත් ගොඩ දාල ඔය මම කිවුව දෙවනි කැටගරියෙ වැඩ කරන අයට නම් ඩිසයින්, QA දෙකටම වඩා ගෙවනව.

අන්තිම එක තමා ඩිවෙලොප්මන්ට්. මේක තමා වැඩිම කට්ටක් කන්න තියෙන සහ වැඩිම ගෙවන ෆීල්ඩ් එක. හැබැයි සල්ලි බලාගෙන විතරක් මේ ෆීල්ඩ් එකට එන ගොඩක් අය මගදි නිකම්ම හැලිල යනව. මේකෙ ‍රැඳිල ඉන්න නම් මාර කැසිල්ලක් තියෙන්න ඕනෙ අලුත් දේවල් ඉගෙන ගන්න. අනික තමන් ලිවුව ප්‍රොග්‍රෑම් එකක් කවුරු හරි පාවිච්චි කරද්දි ඒකෙන් සතුටක් එනව නම් අන්න එහෙම අයට තමා මේක හරියනේ. මීටරේ හොඳ වෙන තරමට හොඳයි. ඊටත් වඩා ඕනෙ වෙන්නෙ කැපවීම. අනික හොඳට ගූගල් එකේ සර්ච් කරල ඉක්මනට අවශ්ය දේ හොයාගන්න පුලුවන් වීමත් වැදගත් (කෝඩ් කොපි කරන්න නෙමේ, නොදන්න දෙයක් ඉගෙන ගන්න).

මම නොදන්න ඒරියා එක ගැන නැතුව දන්න ඒරියා එකේ (ඩිවෙලොප්මන්ට්) කැරියර් පාත් එක ගැනත් කියන්නම්. ගොඩක් විට අනිත් ඒවගෙත් වැඩි වෙනසක් තියෙන්න බෑ.

පටන් ගන්න තියෙන්නෙ සොෆ්ට්වෙයා ඉංජිනියර් (SE)කෙනෙක් විදියට. සමහර කොම්පැනි වල නම් ඇසෝසියේට් සොෆ්ට්වෙයා ඉංජිනියර් එහෙමත් නැත්නම් ට්‍රේනි සොෆ්ට්වෙයා ඉංජිනියර් කියල මීට පහල පොසිශන් එකක් තියෙනව. ඒ ගැන මම කතා නොකර ඉන්නම්. පලවෙනි ජොබ් එක විදියට මේ පොසිශන් එකට ගිය කියමුකො. කොම්පැනියෙන් මහා දේවල් බලාපොරොත්තු වෙන්නෙ නෑ ගිය ගමන්. මුලින්ම කරන්න තියෙන්නෙ කම්පැනි කල්චර් එකට සෙට් වෙන එකත්, වැඩ කරන්න ඉන්න අය එක්ක හොඳට ආශ්‍රය කරන , එකත්. ඒ ගමන්ම බලන්න ඕනෙ කම්පැනි එකේ කෝඩිං ස්ටැන්ඩර්ඩ්ස් මොනාද, යූස් කරන මෙතඩොලොජීස්, ටූල්ස් මොනවද, කන්ටිනුවස් ඉන්ටග්‍රේශන් ප්ලැට්ෆෝම් එකක් තියෙනවද, සෝස් ක්‍රන්ට්‍රොල් වලට යූස් කරන්නෙ මොකක්ද කියල. කෝඩ් එකක් ලියද්දි කෝඩ් එක රීඩබල් වෙන්න ඕනෙ වගේම කෝඩ් ඩොකියුමන්ටේශන් (කමෙන්ට්ස්), යුනිට් ටෙස්ට් ලියන එකත් කරන්න ඕනෙ. ගොඩක් වෙලාවට (SE) කෙනෙක් ඉඳල හිටල මිස්ටේක් එකක් කරාට එච්චරම එලවන්නෙ නෑ ඒ පස්සෙන්. ඒත් වැරදි අඩු කර ගන්න තරමට තමා උඩ අයට තේරෙන්නේ මෙයා දැන් ප්‍රමෝශන් එකකට සුදුසුයි කියල.

ඊලඟට තියෙන්නෙ සීනියර් සොෆ්ට්වෙයා ඉංජිනියර් (SSE). මේකෙදි වගකීම් වැඩියි. SE කෙනෙක් අනිවා කාගෙ හරි යටතෙ වැඩ කරාට SSE කෙනෙක් ටෙක් / ටීම් ලීඩ් කෙනෙක් යටතෙ ඉන්න වෙන්නත් පුලුවන්. එහෙමත් නැත්නම් ටීම් එකක් භාරව ඉන්නත් පුලුවන්. SSE කෙනෙක් තමන්ට දෙන වැඩේ රෙස්පොන්සිබිලිටි එක සහ එකවුන්ටබිලිටි එක තනිකරම භාර ගන්න ඕනෙ. SSE කෙනෙක් වුනාම තමන්ගෙ ඩොකියුමන්ටේශන් ස්කිල්ස් සහ කමියුනිකේශන් ස්කිල්ස් වැඩි දියුනු කර ගන්න ඕනෙ. මොකද තමන්ට ටීම් එකක් භාර දුන්නොත් අවශ්ය අවස්ථා වලදි කස්ට එක්ක එහෙම ඩීල් කරන්නත් වෙන්න පුලුවන් නිසා. ඒ ඇරෙන්න SE කාලෙට වඩා වැ‍රැද්දක් තමන් අතින් වෙන්න තියෙන චාන්ස් එක අවම කර ගන්න ඕනෙ.

ටීම් ලීඩ් එහෙමත් නැත්නම් ටෙක් ලීඩ් (TL) කියන්නෙ සෑහෙන ඉන්ඩස්ට්‍රි එක්පීරියන්ස් තියෙන හොඳ ටෙක්නිකල් නොලේජ් එකක් තියෙන කෙනෙක්. හැබැයි ගොඩක් අය වැරදියට හිතාගෙන ඉන්නව TL කෙනෙක් පට්ට ටෙකී උනාම විතරක් ඇති කියලා. ඒකෙන් භාගයක් ඇත්ත, මොකද ආකිටෙක් කෙනෙක් නැති තැන ඩිසයින් ඩිෂිශන් ගන්න, ටෙක්නොලොජි ඩිසයිඩ් කරන්න, ඒ ඇරෙන්න ප්‍රොජ්ක්ට් එකක ස්ට්‍රක්චර් එක හදන්න (ලේයරිං), ඔහොම වැඩ කරන්න වෙන නිසා. ඒත් ඒ ඇරෙන්න ලීඩර්ශිප්, කමියුනිකේශන්, හියුමන් රිසෝස් මැනේජ්මන්ට් වගේ ස්කිල්ස් නුත් අනිවාර්යෙන්ම තියෙන්න ඕනෙ. TL කෙනෙක්ට බොහෝ දුරට මැනේජ්මන්ට් එකත් එක්කත්, කස්ටමර් එක්කත් ඩිරෙක්ට් ඩීල් කරන්න වෙනවා. අනික මේ පොසිශන් එකේදි තමා තීරණය කරන්න වෙන්නේ ඉස්සරහට යන පාර මොකක්ද කියල.

සොෆ්ට්වෙයා ආකිටෙක් කෙනෙක් කියන්නේ අර බිල්ඩිං වල ප්ලෑන් අඳින ආකියෙක් වගේම භාරදූර වැඩක් කරන්න තියෙන කෙනෙක්. බිල්ඩිමක ෆවුන්ඩේශන් එක හය්ය නැත්නම් බිල්ඩිම කඩා වැටෙනව වගේම හරියට ඩිසයින් නොකරපු සිස්ටම් එකකුත් කොයි වෙලේ ක්‍රෑශ් වෙයිද කියන්න බෑ. ආකිටෙක් කෙනෙක් උනාම තම්න්ගෙ මේජර් දන්න ටෙක්නොලොජීස් ඇරෙන්න අනිත් අලුතින් එන ටෙක්නොලොජීස් ගැන, ඒ ඇරෙන්න කරන වැඩ ලේසි කරගන්න පුලුවන් ටූල්ස්, කම්පොනනට්ස් ගැන එහෙම හැම තිස්සෙම සෙවිල්ලෙන් ඉන්න වෙනව. සමහර කම්පැනි වල ආකිටෙක්ට පහල ඇසෝසියේට් ආකිටෙක් කියලත් ආකිටෙක්ට ඉහල සීනියර් ආකිටෙක්ට් කියලත් පොසිශන් තියෙනව. ආකිටෙක්ගෙ කමියුනිකේශන් සහ ඩොකියුමන්ටේශන් නම් ලෙසටම තියෙන්න ඕනෙ. මොකද කස්ටමර් එක්ක ටෙක්නිකල් ඩිස්කශන් එකක් ලීඩ් කරන්නෙ, එහෙමත් නැත්නම් ඩිසයින් ඩොකියුමන්ට් එකක් කරන්නෙ ආකිටෙක් නිසා.

ටෙක් ලීඩ් කෙනෙක්ට එක්කො සොෆ්ට්වෙයා ආකිටෙක් වෙලා ටෙකි පැත්තෙන් යන්න හරි එහෙමත් නැත්නම් ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් වෙලා ඒ පැත්තෙන් යන්න හරි පුලුවන්. මම මෙතෙන්දි ප්‍රොජෙක්ට් මැනේජර් කියන එකෙන් අදහස් කරේ ටෙක්නිකල් ප්‍රොජෙක්ට් මැනේජර් කියල. මොකද නෝමල් ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් වෙන්න මෙච්චරම දුකක් විඳින්න ඕනෙ නෑ. ඔය දෙකේ වෙනස තියෙන්නෙ ටෙක්නිකල් ප්‍රොජෙක්ට් මැනේජර් කියන්නෙ නෝමල් පාත් එකේ ටෙක් ලීඩ් දක්වා ඇවිල්ල සෑහෙන්න එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් වීම. මේකෙදි නම් ගොඩක්ම කරන්න තියෙන්නෙ කමියුනිකේශන් සහ ඩොකියුමන්ටේශන්. ඊට වඩා අමාරුම නඩු බේරන එක. මොකද Customer is always right නිසා ටීම් එකත් ශේප් එකේ තියාගෙන කස්ටත් ශේප් එකේ තියන් වැඩ කරන්න ඕනෙ. හොඳ ලීඩර්ශිප් ස්කිල්ස්, නෙගෝශියෙශන් ස්කිල්ස් එහෙම ඕනෙ.

උඩින් දැම්ම ඒවගෙන් ආකිටෙක් සහ ටෙක්නිකල් ප්‍රොජෙක්ට් මැනේජර් කියන ජොබ් දෙක තමා හොඳටම ගෙවන ජොබ් දෙක. අනික වගකීම් පට්ට වැඩි උනාට එච්චරම මැරෙන්න ඕනෙ නෑ. මොකද මේ වෙද්දි පඩි ගෙවන්නෙ මෙච්චර කලක් ගත්ත එක්පීරියන්ස් වලින් දෙන ඇඩ්වයිස්, ගයිඩන්ස්, රිසොලුශන් වගෙ දේට මිසක් හාඩ් වර්කිං වලට නෙමේ නිසා. අනික මේ පොසිශන් දෙකටම එන උන් ඊට පහල ඉන්න අයගෙ දුක දන්න නිසා මොනා හරි දෙයක් හිර උනොත් හුඟ වෙලාවට කෝඩ් කරන්න ඇවිත් හරි ටීම් එකට සපෝර්ට් කරනව.

හැබැයි මේක මෙතනින් ඉවර වෙන්නෙත් නෑ, ආකිටෙක් කෙනෙක්ට කවද හරි CTO විදියට, ටෙක්නිකල් ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක්ට CIO කෙනෙක් විදියට වගේ තවත් ඉස්සරහට යන්න පුලුවන්. මේකෙ දැනටම දිග වැඩි නිසා දැනට මේ ඇති. ප්‍රශ්න තියෙනව නම් කාට හරි අහන්න.

ප.ලි. - මම කිසිම ජොබ් එකක් උස් පහත් විදියට දැම්මේ නෑ. මට පේන විදියටයි ලිවුවේ. කාට හරි හිත රිදෙන දෙයක් ලිවුව නම් සමාවෙන්න. ලිවුවේ රංග - මගේ ලෝකය
******************************************
මගේ ලෝකය © 2011
 Sajith Harshana

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්