mozilla Firefox 5 වන සංස්කර්ණය අද හෙටම (මෙම වසර තුළ නව ස්ංස්කරණ 4ක්)

සොයන්න

27.6.11

යාළුවනේ කලින් මම ඉදිරිපත් කරපු ලිපිය දැකල ඔයාලා දුක් වුනා නේද? Avast Antivirus මෘදුකාංගයට ඇයි හොදම ප්‍රතිවෛරස මෘදුකාංග 10 අතර නැත්තෙ කියල, ඒත් එත් යාළුවනේ වෙලා තියෙන ඒක තමයි, එහෙනම් අහගන්න මම දැන් කියන්න යන්නෙ ඔයාලට සතුටුදායක ආරංචියක්.


                                             
මොසිල්ලා ෆයර්ෆොක්ස් හි ජනප්‍රියතාවය පිළිබදව අන්තර්ජාල පරිශීලකයන් අතර කිසිදු විවාදයක් නැති තරමට එය ඉහළ ස්ථානයක සිටී. විවිදාකාරයේ ප්‍රයෝජනවත් ඇඩෝනයන් (add-on) විශාල ප්‍රමාණයක් හා වීඩියෝ බාගත කරගැනීමේ පහසුකම් ආදිය නිසා තවමත් අනෙකුත් බ්‍රව්සරයන්ට හොද තරගයක් දීමට මොසිල්ලා සමාගම සමත්ව තිබේ.

                                                

කෙසේ වුවත් මෑතකදී ගුගල් ක්‍රෝම් බ්‍රව්සරය හරහා එල්ලවී ඇති අභියෝගයත්, මයික්‍රොසොෆ්ට් සමාගමේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් හි නවතම සංස්කරණයත් හමුවේ පසුගියදා මොසිල්ලා සමාගම විසින් ඔවුන්ගේ නවතම සංස්කරණයත් හමුවේ පසුගියදා මොසිල්ලා සමාගම විසින් ඔවුන්ගේ නවතම බ්‍රව්සර සංස්කරණය වන ෆයර්ෆොක්ස් 4 එලි දක්වන ලදි. නමුත් ඔවුන් අපේක්ෂා කළ තරම් ප්‍රතිචාරයක් පරිශීලකයන්ගෙන් මෙම නව අනුවාදයට නම් ලැබුනේ නැත. බොහෝ දෙනෙකු පවසන්නේ එය ඔපෙරා බ්‍රව්සරයේ අතුරු මුහුණත හා යමින් අමුතු වෙනසක් කිරීමට අසාර්ථක උත්සාහයක් ගෙන ඇති බවයි.

                                                
    කෙසේ වුවද මේ අතරවාරයේම ෆයර්ෆොක්ස් හි 5 වන සංස්කරණයත් ජූනි මස 21 වෙනි දින නිකුත් කිරීමට මොසිල්ලා සමාගම සූදානම් වේ. මෙම සංස්කරණය සමග ඇඩෝබී ඇක්‍රොබැට් කියවනයක් ද අන්තර්ගත කර තිබීම විශේෂ ලක්ෂණයකි. එමගින් මෙම නව සංස්කරණය භාවිතා කරන්නන්ට අන්තර්ජාල සබදතාවය රහිත  අවස්ථාවකදී වුවත් ෆයර්ෆොක්ස්  හරහා PDF ගොනු විවෘත කර නැරඹීය හැකිය. එසේම මෙම නව සංස්කරණයේ බ්‍රව්සරයේ ඇති Home Button එක වෙනුවට Home Tab එකක් එකතු කර තිබේ. මෙම නව  Home Tab එක නිතරම විවෘතව පවතින Home page එකක් ලෙස ක්‍රියාකරයි.

මොසිල්ලා සමාගමේ අධ්‍යක්ෂක මයික් බෙල්ටිස්නර් පවසන්නේ 2011 වර්ශය පුරාවටම ෆයර්ෆොක්ස් හි 4,5,6 හා 7 යන අනුවාදයන් හතරම නිකුත් කිරීමට ඔවුන් බලාපොරොත්තු වන බවයි. ස්තූතියි!

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්