ටොර්රෙන්ට් එකක බාගත කිරීමේ වේගය වැඩි කරගන්නා ආකාරය (How to increase the torrent downloading speed)

සොයන්න

26.6.11

යාලුවනේ!, මම මේ ඔයාලට කියලා දෙන්න යන්නේ අපි ටොර්රෙන්ට් එකකින් බාගත කරනකොට එහි වේගය වැඩි කරගන්න පුළුවන් විදියක් ගැන.

අපි ටොර්රෙන්ට්ස් පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට අපිට නියම මෘදුකාංග මිලදී ගැනීමට ඇති නොහැකියාව හා File Hosting වෙබ් අඩවි වලින් නොමිලයේ ලබාදෙන දත්ත සිමාව ඉතා සීමාසහිත බැවින්ද අප ටොර්රෙන්ට්ස් බාවිතා කරනු ලැබේ.
නමුත් සමහර අවස්ථා වලදී අප බාගත කරගන්නා ටොර්රෙන්ට්ස් වල seeds වල මද කමෙන් එහි වේගය බොහෝ පහල අගයක් වේ. ඉතින්  අපි ටොර්රෙන්ට් එකකින් බාගත කරනකොට එයට දත්ත ලබා දෙන seeds ලබා දෙන්නේ Trackers නමින් හදුන්වන සම්බන්දක (links) මගිනි. මෙම සම්බන්දක අපගේ ටොර්රෙන්ට් බාගත කරන මෘදුකාංගයට ලබා දුන් විට අප බාගත කරන ටොර්රෙන්ටය හි seeds ප්‍රමාණය වැඩිව එහි වේගය වැඩි වේ.   එය සිදු කරන ආකාරය දැන් මම පැහැදිලි කරන්නන්.

පළමුව සාමාන්‍ය ලෙසම ටොර්රෙන්ට්ය බාගත කර සාමාන්‍ය ලෙසම මෘදුකාංගය මගින් බාගත කිරීම අරබන්න. ඉන්පසු   ඔබගේ බාගත වන ගොනුවේ විස්තර ඇතුලත් ටැබය විවෘත කරගන්න. එය බොහෝවිට ඔබගේ ගොනුව බාගත වන තැනම පහලින්ම විවෘත කරගැනීමට බොත්තමක් ඇත. එය විවෘත කරගැනීමෙන් අනතුරුව එහි General නම් කොටස යටතේ Hash යන්නට ඉදිරියෙන් යම්කිසි කේතයක් වැනි යමක් දක්නට ඇත.

උදාහරණයක් ලෙස CBD5DE209CD247D157272A2984BAD0EBC587AED3 වැනි කේතයක් ඇත.එය පිටපත් කරගෙන එය Google හි සෙවුමක් යොදන්න.
සෙවුම දීමට උදාහරණයක් ලෙස  Trackers of "CBD5DE209CD247D157272A2984BAD0EBC587AED3 " ලෙස සඳහන් කර සෙවුම යොදන්න. ඉන්පසු එම සෙවුම් ප්‍රතිපල පිරික්සා seeds වැඩිම ප්‍රමාණයක් ඇති Trackers links පිටපත් කරගන්න.

Trackers සඳහා උදාහරණ ලෙස   http://tracker.openbittorrent.com/announce
                                                   udp://tracker.openbittorrent.com:80/announce
                                                   udp://inferno.demonoid.com:3396/announce
                                                                                                                       වැනි ඒවා දැක්විය හැකිය.

දැන් මෙසේ ලබාගත් Trackers සම්බන්දක අපගේ ටොර්රෙන්ට් මෘදුකාංගයට ඇතුලත් කරගත යුතුය.

ඒ සඳහා ටොර්රෙන්ට් මෘදුකාංගය ව්වෘත කරගෙන එහි බාගත වන ටොර්රෙන්ටය තෝරා මවුසයේ දකුණු පස බොත්තම තද කර ලැබෙන drop down මෙනුවෙන් Properties විකල්පය  තෝරා ගත විට ලැබෙන සංවාද කොටුව (Dialogue Box) තුල මා පෙර සඳහන් කල Trackers සම්බන්දක ඇතුලත් ලැයිස්තුවක් දක්නට ඇත. එම සම්බන්දක ඔබ ටොර්රෙන්ටය ලබාගන්නා විට ඔබට මුලික අවස්ථාවේදීම ලැබෙන Trackers සම්බන්දක වේ. ඔබ Google හරහා ලබාගත් Trackers සම්බන්දක එම ලැයිස්තුවටම එක් කරගන්න. ඔබ අලුතෙන් එකතු කරගනා Trackers සම්බන්දක ඇතුලත් කරගැනීමේදී එම සම්බන්දක දෙකක් අතර පරතරයක් තබා ඇතුලත් කරගත යුතුය. ඔබ ලබාගත් seeds වැඩිම ප්‍රමාණයක් ඇති Trackers links ඇතුලත් කිරීම තහවුරු කර (Ok) එම සංවාද කොටුව වසා දමන්න. ඉන් පසු ඔබගේ ටොර්රෙන්ට් මෘදුකාංගය වසා දමා නැවත විවෘත කර ගන්න. නැතිනම් පෙර ලෙසම Properties ලබාගත් ලෙසම ඊට ඉහලින් ඇති Update Trackers යන්න තෝරන්න. එවිට ඔබට පෙරට වඩා වැඩි වේගයක් බාගත කිරීමට ලැබෙන බව දැකගන්නට ලැබේවි.

ස්තුති...!!

මෙම ක්‍රමය මාහට කියා දුන් මාගේ කල්‍යාන මිත්‍ර තර්කන කෝදාගොඩ (Tharkana Kodagoda) සොහොයුරාවද මේ ලිපිය පල කිරීම සඳහා මා දිරිගැන්වූ දිනේෂ් කෝශල(Dinesh Koshala) සහෝයුරවද මතක් කල යුතුමය. 

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්