නිෂ්පාදක තොරතුරු වෙනස් කිරීම

සොයන්න

18.11.11

තිළිණ මල්ලී ඔබ වෙත ගෙන එන "දවසේ ටිප් එක" #7

  • නිෂ්පාදක තොරතුරු වෙනස් කිරීම

(අද මාතෘකාව නම් හරියට ගැලපුනේ නැද්ද මංදා. මට ඉතින් ඕක ඔයිට වඩා සිංහලෙන් කියන්ඩ තේරෙන්නෙ නෑ.)

යාලුවනේ, අදත් පුංචි පහේ ඩොකක් ලියන්ඩ හිතුනා. මේ කියන්ඩ යන්නේ ජනේල වල ඕ.ඊ.එම්. තොරතුරු වෙනස් කරන හැටි. මට ඕක සිංහලෙන් වැඩිය විස්තර කරන්ඩ තේරෙන්නෙ නෑ වගේ. (ඒකෙන් කිව්වෙ අපි ඔය සිංහල දන්නෙ නැති ඉංගිරිසි කාරයො කියලා එහෙම නෙවේ. මට ඉංගිරිසි බැරි හින්දා තමා ඉංගිරිසියෙන් තියන එව්වා සිංහලෙන් කියන්ඩ බැරි :ඩී )


කාගෙත් පහසුවට මම රූපෙකින් සීන් එක පැහැදිලි කරන්නම්.

මම මේක XP තියන අයටයි 7 තියන අයටයි ක්‍රම දෙකකට කියලා දෙන්නම්.






  • අපි මුලින් ම XP  වලින් පටන්ගමු.






 




රූපය පැහැදිලිව බලන්න මෙතනින් එන්න.





දැක්කනේ රූපේ. ඔය පෙන්නෙ සිස්ටම් ප්‍රොපටීස් වින්ඩෝ එක කියලා ඉතින් මම කියලා දෙන්ඩ ඕනේ නෑ නේ. ඕකේ ඔය පේනවද මගේ ප්‍රොෆයිල් පිච්චර් එක දාලා තියනවා. තව ඔය කහ පාට කොටුවකුයි රතු පාට කොටුවකුයි තියනවා. සමහර විට ඔය තැන් වල ඔයාලා මැෂිම ගත්තු කඩේ නම එහෙම දාලා ඇති. ඔතනට අපේ නම දාගන්න එක මහ ලොකු ගේමක් නෙවෙයි. මෙන්න මෙහෙමයි ඒක කරන්නෙ.

ඕපන් කරගන්ඩ නෝඩ් පෑඩ් එක. දැන් ඒකේ මෙහෙම ලියන්ඩ

[General]
Manufacturer= .................
Model= ..............
[Support Information]
Line1=" .................. "
Line2=" ........................... "

ඔය ..................... කියලා දාලා තියෙන්නෙ,  ඒ තැන් වලට ඔයාට කැමති එකක් ලියාගන්ඩ. ඊටපසේ ඕක OEMINFO.INF කියලා දාලා සේව් කරගන්ඩ.

දැන් පේන්ට් හරි වෙන මොකක්කරි මගුලකින් හරි ඔයාට ඕනේ විදිහට පොටෝ කෑල්ලකුත් හදාගෙන සේව් කරගන්ඩ. ඒක හදනකොට රෙසලූෂන් එක 100x100 වගේ එකක් ගන්ඩ. ඒ වගේම සේව් කරනකොට බිට්මැප්(.bmp) එකක් විදිහට සේව් කරගන්ඩ. නම දාන්ඩ ඕනේ OEMLOGO කියලා.

දැන් ඔයාට OEMINFO.INF සහ OEMLOGO.BMP කියලා ෆයිල් දෙකක් තියනවනෙ. ඔය දෙක අරන් ගිහින් C:\Windows\System32\ එක ඇතුලට දාගන්ඩ. දැන් ප්‍රොපටීස් බලනකොට ඔයා දාපු එව්ව ඔයට පෙනෙයි.








  • ජනේල 7 දී ඕක පේන්නෙ මෙන්න මෙහෙම.



 


රූපය පැහැදිලිව බලන්න මෙතනින් එන්න.




ජනේල 7 බාවිතා කරන යාලුවන්ට ඕක ඔහොම ලේසියෙන් කරන්ඩ අවසර නෑ. එයාලා මෙහෙමයි කරන්ඩ ඕනේ.

රෙජිස්ටරියට ගොහින් පොඩි එඩිට් පාරක් දාන්ඩ තමා තියෙන්නෙ. රෙජිටරියට යන්ඩ ඉතින් කරන්නෙ රන් එකේ regedit කියලා ගහලා බව ඔයා දන්නවනෙ. දැන් මෙන්න මෙතෙන්ට යන්ඩ.

[HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\OEMInformation]


ගොහින් මේ විදිහට ස්ට්‍රිං වැලියුස් කිහිපයක් හදාගන්ඩ තියෙන්නෙ.



Logo=C:\Windows\System32\oemlogo.bmp
Manufacturer=.............
SupportHours=.................
SupportPhone=...................
SupportURL=http://www....................com

ඔය ........... තියන තැන් වලට ඔයාට ඕනේ දෙයක් දාගන්ඩ පුලුවන්.

තේරුනා මදි නම් මෙතනින් ඇවිත් රූපයක් බලලාම තේරුම් ගන්න.





ඔය කිව්වට අපේ හැම යාලුවෙක් ම රෙජිස්ටරියට ගිහින් ඔය වැඩේ කරගන්ඩ දන්නෙ නැතුව ඇති කියලා මට නිකමට හිතුනා. දැනගත්තත් ඔය වැඩේ ටිකක් චාටර් නෙ. ඉතින් මෙහෙම කරත් අව්ලක් නෑ.



මේකටත් ඇදලා ගමු නොට්පෑඩයාවම. අරන් මෙහෙම ලියාගන්ඩ.



Windows Registry Editor Version 5.00

[HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\OEMInformation]
"Logo"="C:\\Windows\\System32\\oemlogo.bmp"
"Manufacturer"="........................."
"SupportHours"="..............."
"SupportPhone"="................."
"SupportURL"=http://www...............com

ඔය ............. තියන තැන් වලට ඔයාට ඕනේ දෙයක් දාගන්ඩ පුලුවන්.

දැන් ඕක  “ඕනේ මගුලක්.reg” කියලා සෙව් කරගන්ඩ. ඊට පස්සෙ ඕක ඩබල් ක්ලික් කරපු ගමන් වැඩේ ගොඩ.


මේකෙත් යාලුවේ ඔය පිච්චර් එක අර එක්ස්පී වලදී කිව්ව විදිහරමයි හදාගන්ඩ ඕනේ. මට ඒක ආයේ ලියන්ඩ කම්මැලි හින්දා කොපි පාරක් දාන්නම්


උපුටාගැනීම:


“දැන් පේන්ට් හරි වෙන මොකක්කරි මගුලකින් හරි ඔයාට ඕනේ විදිහට පොටෝ කෑල්ලකුත් හදාගෙන සේව් කරගන්ඩ. ඒක හදනකොට රෙසලූෂන් එක 100x100 වගේ එකක් ගන්ඩ. ඒ වගේම සේව් කරනකොට බිට්මැප්(.bmp)  එකක් විදිහට සේව් කරගන්ඩ. නම දාන්ඩ ඕනේ OEMLOGO කියලා.”

උපුටාගැනීම අවසන්:

දැන් ඔය හදාගත්තු පිංතූරෙ අරං ගිහින් C:\Windows\System32\ එකට දාගන්ඩ. ඊට පස්සෙ ප්‍රොපටීස් බලලා වැඩේ හරි ගිහින් තිබුනොත් ප්‍රතිචාරයක් එහෙමත් දක්වලා යන්ඩ.

හැබැයි කොල්ලනේ මේකේ ඔය ප්‍රොෆයිල් පිච්චර් එකේ නමයි පාත් එකයි නම් ඔය විදිහටම තිබීම අත්‍යවශ්‍ය නෑ කියලා තෙරුනා නම් ඉතින් ගොඩ ම තමා. මම ඒක විස්තර කරන එකත් නෝන්ඩි වගෙ. ඒ හින්දා නොතේරුන කෙනෙක් ඉන්නවනම් විතරක් අහන්ඩ.

හරි. අදත් කතාව ඉවරයි. මගේ කතාව අසා සිටි ඔබ සැමට ස්තූතියි.
ආයෙත් දවසක හමු වෙමු.
ටටා.......  :)


0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්