...෴FACEBOOK TIMELINE෴...ඔබේ ජීවිත කතාව Time Line එකකින් කියන්න - පරිගණක උදවු Exclusives!!!

සොයන්න

22.11.11


Facebook වල ආරම්භයේ සිටම, ඔබේ Profile එක ඔබේ ජීවිත කතාව ඔබේ මිතුරන්ට කියාපෑමට යොදාගත් හොඳම ස්ථානය විය. රුචි අරුචිකම්, සිතුවිලි වැනි පුංචි පුංචි දේවල් වල සිට විවාහය, දරුවෙකුගේ උපත වැනි ජීවිතයේ ඉතා වැදගත් අවස්ථා දක්වාම විවිධ දේ අපි Facebook හරහා බෙදාහදාගැනීමට පුරුදුව සිටින්නෙමු.

ඔබේ profile එකේ විකාශය


Facebook වල මුල්ම කාලයේදී, ඔබේ profile එක ඉතා සරල එකක් විය. එහි ඔබේ නම, ඡායාරූපය, පාසල වැනි පුද්ගලයෙක් ඔබ හඳුනාගන්නා විට අසා දැනගනු ලබන මූලික විස්තර කීපයක් පමණක් එහි ඇතුළත් විය.

කාලයත් සමග, ඔබ සහ ඔබේ මිතුරන් සමග සන්නිවේදනය සැබෑ ආකාරයට ආසන්නව වඩාත් හොඳින් කළ හැකි ආකාරයට ඔබේ ප්‍රොෆයිල් එක දියුණු කෙරිණි. නමුත්, Facebook අවධානය යොමු කරන්නේ ඔබ මෑතකදී පල කළ දේ පිළිබඳව නිසා, කලකට ඉහත පල කළ ඔබේ ජීවිතයේ  වැදගත් අවස්ථා පිටුව තුළ පහළ සැඟවී යන්නේ නිරායාසයෙනි. ඔබේ උපාධි ප්‍රදානෝත්සවයේ ඡායාරූප ඔබ අද upload කළ උදේ ආහාරය ගන්නා හැටි දැක්වෙන ඡායාරූප වැනි අඩු වැදගත්කමින් යුත් තොරතුරු වලින් වැසීයා හැක.

අපි හිතමු ඔයාගෙ පරණ යාලුවෙක් මුණ ගැහුණා කියලා....ඒ මිතුරාට ඔබ උදේට ගත් ආහාරයටත් වඩා වැදගත් දේ බොහෝ තිබේ! එහෙම නේද?

දැන් තිබෙන Profile එක නිසා ඔබේ ජීවිත කතාවෙන් 99%ක්ම සැඟවී යයි. පරණ වැදගත් පෝස්ට් ලබා ගැනීමට ඇති එකම ක්‍රමය "Older Posts" මත නැවත නැවත ක්ලික් කරමින් පහළට යාමය!


 මේ තොරතුරු මීට වඩා ලේසියෙන්, පහසු ක්‍රමයකින් එකම තැනකට ලබාගන්න තිබුණානම් කොයිතරම් හොඳද නේද!




හඳුන්වාදෙන timeline – අලුත්ම විදියක Profile එකක්

Timeline සමග, ඔබ මේ වන විට Share කරගත් වැදගත් සියලු අවස්ථා වලට ඉඩක් ලැබෙනු ඇත. මේ වැදගත් තොරතුරු ඔබ එකතු කරන අලුත් තොරතුරු, Updates නිසා සැඟවී යන්නේද නැත.

 Timeline යනු ඔබේ පැරණි profile එකට වඩා ඉතා පුළුල් සංකල්පයක් වනවා සේම, එය වැඩි වශයෙන් දෘශ්‍යතාවය මත පදනම් වේ. එනම් වැඩිපුර රූප ආදිය භාවිතා කරන්නකි..  ඔබට මෙහිදී මුලින්ම ඇස ගැටෙන්නේ ප්‍රොෆයිල් එක මුදුනින්ම ඇති විශාල ඡායාරූපයකි. මෙය ඔබේ cover එක ලෙස හැඳින්වෙන අතර, එය ඔබ කැමති පරිදි කැමති ඡායාරූපයකින් සරසා ගත හැකිය.

ඔබ cover එකෙහි සිට එහි පහතට scroll කරගෙන එනවිට, ඔබට ඔබේ posts, photos සහ විවිධ අවස්ථා ඒවා සිදුවූ කාලයට අනුරූපව දැකගත හැකි වේවි. මේවාද ඔබටම තෝරා ගැනීමේ පහසුකම ඇත. ඔබට “star“ කිරීම මගින් (තරු සලකුණ ක්ලික් කිරීම) ඔබේ ප්‍රියතම දේවල් ප්‍රමාණයෙන් දෙගුණයක් කොට නැරඹීම හෝ යළි කුඩා කර තැබීම කළ හැකිය. 

හිස්තැන් පිරවීම

ඔබේ වැදගත්  තොරතුරු ඔබේ Timeline එකට එකතු වී නැත්නම්, ඔබට ඒවා සිදුවූ කාලයට අනුව නැවත එකතු කරගැනීමේ පහසුකමද ඇත.

 
එසේත් නැත්නම් ඔබේ activity log එක වෙත පිවිසෙන්න. ඔබ විසින් Facebook සමග එක් වූ දා සිටම Share කරගත් ඔබේ සියලු තොරතුරු ඇතුළත් වන්නේ මෙතැනයි. මෙහි ඇති ඕනෑම post එකක් මත ක්ලික් කිරීමෙන් එය ඔබේ මිතුරන්ටද පෙනෙන ආකාරයෙන් Timeline එකට ඇතුළත් කරගතහැකිය. 

ඔබේ TimeLine එකට apps එකතු කිරීම

හඳුන්වාදෙන නවතම ආකාරයක social app එකක් හරහා ඔබට ඔබ Timeline එක තුළ දර්ශනය කිරීමට කැමති දේ (ඔබ අසන්නට කැමති සංගීතය,  ලබාගත් ලකුණු සහ තවත් බොහෝදේ) පෙන්වීමේ අවස්ථාව ලබාදේ.

මෙම apps මගින් ඔබට ඔබේ මිතුරන් කරන කියන දේ පිළිබඳවද දැනගැනීමට ඉඩ ලැබේ. ඔබට අවශ්‍ය නම් ඔවුන් සමග join වීමටද පුලුවන. (ඔවුන් අසන ගීතය ඇසීමට, ඔවුන් නරඹන රූපවාහිනී වැඩසටහනම නැරඹීමට වැනි).

ඔබට මෙම අලුත් apps එකතු කිරීම අදම ඇරඹිය හැකි නමුත් timeline එක තවත් සති කීපයක් වනතුරු ඔබට ලබාගැනීමට නොහැකි වනු ඇත.

ඔබේ Timeline එක ඔබට ලැබුණු බවට Facebook මගින් දැනුම් දුන් පසුව, ඔබට එය එම අවස්ථාවේදීම publish කිරීමට හෝ දින කීපයක් එහි ගුණ දොස් විචාරාලීම සඳහා හෝ දැනට එකතු නොවූ දේ එකතු කිරීම සඳහා හෝ Options ලැබෙනු ඇත.

දැන්, ඔබ සහ ඔබේ මිතුරන්ට ඔබේ ජීවිත කතාවේ වෙනස් අවස්ථා පැවසීමට හැකි වනු ඇති. එදිනෙදා කරන පුංචිම දේවල් වල සිට ජීවිතයේ වැදගත් අවස්ථා දක්වාම. ඔබේ කතාව කුමක් වේවිද? ඒ ගැන දැනගන්න මා නොඉවසිල්ලෙන්.

වැඩිදුර තොරතුරු සඳහා https://www.facebook.com/about/timeline වෙත පිවිසෙන්න.


  

TimeLine එක ලබා ගැනීම සඳහා දැන්ම Sign Up වීම සඳහා ඉහත පිටුවේ ඇති Sign Me Up බොත්තම භාවිතා කරන්න.

“TimeLine is Coming Soon, We'll Let you know as soon as it's ready"


(ෆේස්බුක් නිෂ්පාදන කළමනාකරුවෙකු වන Samuel W. Lessin විසින් Facebook බ්ලොග් අඩවියට ලියූ ලිපියක් ඇසුරින් Kinith Hettiarachchi විසිනි)


0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්